ගෝඨා, වාකිෂ්ඨ මඟින් ජාතිවදින්ට සල්ලි දුන්නා

Published in පුවත්
Monday, 16 February 2015 22:18

ආගමික ප‍්‍රචණ්ඩත්වය ඇතිකිරීම වෙනුවෙන් ජාතිවාදී සංවිධානවලට මිලියන ගනනින් මුදල් ලබාදීමට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කටයුතු කර ඇති බව අසාද් සාලි මහතා පවසයි.

ඒ අනුව ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් නායකත්වය දරන රාවණා බලය සංවිධානයට රුපියල් මිලියන දෙකහාමාරක් ලබාදී ඇත. එම ගනුදෙනුව බුද්ධි අංශයේ හිටපු ප‍්‍රධානියා වන චන්ද‍්‍රා වාකිෂ්ඨ හරහා ලබාදී ඇති බවත් ඔහු කියා සිටියේය.

අද (16) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව පැවසීය.

මෙහිදී බොදුබල සේනා සංවිධානයටද විශාල වශයෙන් මූල්‍ය ප‍්‍රධානයන් සිදුකරීමට ගෝඨාභය රාජපක්‍ෂ මහතා කටයුතු කර ඇතිබවද හෙතම පැවසීය. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී හෙළිදරව් කරන බව අසාද් සාලි මහතා අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අසාද් සාලි මහතා කියා සිටියේ එම අන්තවාදී සංවිධානයන්ට මුදල් ලබාදෙමින් මුස්ලිම් ජනතාවට එරෙහිව සිංහල බෞද්ධ ජනතාව ප‍්‍රකොප ගන්වා රාජපක්‍ෂලා උත්සාහ කලේ සිංහල බෞද්ධ ඡන්ද ලබාගැනීමටයි.

එහිදී හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාද අදහස් දැක්වීය

පසුගිය කාලය තුල මුස්ලිම් ප‍්‍රජාව ඉලක්ක කරගනිමින් සිදුවූ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා විමර්ශනය සදහා ජනාධිපති කොමිසමක් පත් කලයුතු බව ෆයිසර් මුස්ථාපා මහතා කියා සිටියේය. ඒ සම්බන්ධයෙන් වන සංදේශයක් භාරදීමටද තමන් සහ අසාද් දාලි මහතා පසුගිය 13වන දින කටයුතු කල බව ඔහු සදහන් කළේය. යහපාලනය සදහා ආගමික ප‍්‍රචණ්ඩත්වය පිටුදැකිය යුතුයි. එය දින 100 වැඩපිලිවලට ඇතුලත් විය යුතු බව මුස්ථාෆා මහතා පෙන්වා දුන්නේය.

musthapa

Last modified on Monday, 16 February 2015 22:20

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us