එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ වාර්තාව අද නෙවේ හෙට !

Published in පුවත්
Tuesday, 17 February 2015 08:13

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට එල්ලවී ඇති චෝදනා පිළිබඳ සොයාබලා ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව ලබන සැප්තැම්බර් මාසය දක්‌වා කල් දැමීමට එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්‌ සෙයිද් රාද් අල් හුසේන් මහතා ශ්‍රී ලංකා රජයට එකඟ වී ඇත.

ලබන මස (මාර්තු) පැවැත්වෙන එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ 30 වැනි සැසි වාරයේදී මෙම වාර්තාව ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් නව රජය බලයට පත්වී තවම මාසයකට ආසන්න කෙටි කාලයක්‌ බැවින් මෙවැනි භාරධූර වාර්තාවක්‌ ක්‌ෂණිකව ඉදිරිපත් කිරීමට අපහසු බව විදේශ ඇමැති මංගල සමරවීර මහතා එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌වරයා වෙත යවන ලද ලිපියට පිළිතුරු ලෙසින් මෙලෙස එකඟතාවය පළකර තිබේ. නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින්ද මානව හිමිකම් ආරක්‌ෂා කිරීම පිළිබඳව දැඩි අවධානයක්‌ යොමුකර ඇතැයිද රජය පත්වූ වහාම ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතිය තහවුරු කරමින් මෙතෙක්‌ අවහිර කර තිබූ ඇතැම් වෙබ් අඩවි යළි නිදහස්‌ කළ බවද සිය ලිපිය මගින් විදේශ ඇමැතිවරයා මානව හිමිකම් කොමසාරිස්‌වරයාට දන්වා ඇත.

ශ්‍රී ලංකාවේ සිදුවූවේ යැයි චෝදනා එල්ල වී ඇති යුද අපරාධ පිළිබඳ පූර්ණ විමර්ශනයක්‌ කර වාර්තාවක්‌ ඉදිරිපත් කිරීමට නව රජය ක්‍රියාකරන බවද විදේශ ඇමැති මංගල සමරවීර මහතා සිය ලිපිය මගින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

divaina

Last modified on Tuesday, 17 February 2015 08:15

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us