නාමල් රාජපක්ෂ මහතා නිල් බළකායේ නායකත්වය ගෙන කටයුතු කළේය.
පසුගියදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාද, ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එරික් වීරවර්ධන මහතාද පත් කෙරිණි.
කෙසේ නමුත් නිල බලකාය නමින් හැඳින්වු සංවිධානයේ සාමාජිකයන්ට පසුගිය කාලයේ මෝහන නිද්‍රාවට පත් කර මොළ සේදීමකට ලක් කර තිබු බව වාර්තා විය.රාජපක්ෂ රෙජීමය රැක ගැනීම වෙනුවෙන් මැර ක්‍රියා රැසකටද මෙම සංවිධානය සම්බන්ධ විය. මේ නිසා ඔවුන්ව පුනරුත්තාපන කඳවුරකට යොමු කර යළි ප්‍රකෘති තත්වට පත් කළ යුතු බවටද අදහස් පලවී තිබිණි.