උදුල් ප්‍රේමරත්නට නෙත් FM අධිපතිගෙන් පිළිතුරු

Published in පුවත්
Monday, 16 February 2015 15:50

වැලිකඩ සිරකරුවන් සංහාරය සම්බන්ධයෙන් නිතිඥ උදුල් ප්‍රේමරත්න හා තවත් මානව හිමිකම් ක්‍රියාදරයන් විසින් නීතියේ සාධාරණත්වය ඉ‍ටුකරන ලෙස වත්මන් පාලනයට බල කරමින් ගෙන යන ව්‍යපාරයට එරෙහිව නෙත් එෆ් එම් ගුවන් විදුලි නාලිකාව ඉතා පහත් හා නිර්ලජ්ජිත ආකාරයෙන් ඒ විහිළුවට ලක් කිරීම හා ඒ සම්බන්ධයෙන් විකෘති කරන ලද පුවත් විකාශය කිරීම ගැන උදුල් ප්‍රෙමරත්න මහතා ලංකා ඩේලි වෙඩ් අඩවියට කරන ලද ප්‍රකාශය පිලිතුරක් නෙත් එෆ් එම් අධිපති නිහාල් සෙනෙවිර ත්න ඈපා මහතා විසින් ඊමේල් ආධාරයෙන් ප්‍රචාරය කරමින් සිටී.

ඔහුට අයත් Nihal Senevirathna Epa <This email address is being protected from spambots. You need JavaScript enabled to view it.; ඊ මේල් ලිපිනයෙන් මෙහි පහත සඳහන් ලිපිය බෙදා හරිමින් තිබේ.


කෙසේ නමුත් ලංකා ඩේලි වෙබ් අඩවිය ලෙස මෙහිදී ඈපා මහතාට යමක් තේරුම් කළ යුතුය. අප lankadaily.com වෙබ් අඩවිය සමාජ සාධාරණත්වය වෙනුවෙන් කොන්දෙසි විරහිතව පෙනී සිටින වෙබ් අඩවියක් වන අතර අප පක්ෂපාතවන්නේ මෙරට ජීවත්වන සියලු මිනිසුන් වෙනුවෙන් වෙන් මිසක් ජාතිය ආගම හෝ වෙනත් වර්ගවාදයන් කරපින්නා ගත් තක්කඩියන්ගේ වුවමණාවන් වෙනුවෙන් නොවේ.

පක්ෂ පාට හෝ වෙනත් පෞද්ගලික හිත්වත්කම් මාධ්‍ය කරණයේදී අපට අදාල නැත. ඒ අප භාවිතාවෙන් ඔප්පුකර පෙන්වා දී තිබේ. අපට නෙත් FM නාලිකාව සම්බන්ධයෙන්ද ඇත්තේ එම දැක්ම වන අතර එම නාලිකාව කාලයක් තිස්සේ කරමින් සිටින තුට්‍ටුදෙකේ මාධ්‍ය කෙරුවාව ගැනද අපට අවබෝධයක් තිබේ. ඒක වෙන්ම බේර ගැනීමට හැකි වුවත් මෙම ලිපිය මඟින් ඈප මහතා අප වෙබ් අඩවිය සම්බන්ධයෙන් එල්ල කරන ප්‍රහාරය ගැන කියන්නේ නම්, අප විසින් උදුල් ප්‍රේමරත්න මහතා හා එම කණ්ඩායම විසින් මේ මොහොතේ ඉ‍ටුකරමින් සිටින් කාර්යය සම්බන්ධයෙන් අපට ඉහළ ඇගයීමත් තිබේ. ඊට ඉතා ප‍ටු හා මෝඩ ආකාරයෙන් වර්ගවාදී හා අමානුෂික පදනමක සිට නෙත් FM නාලිකාව එල්ල කළ ප්‍රහාරයට පිලිතුරු දීම සඳහා ප්‍රේමරත්න මහතාට අප වෙබ් අඩවියේ ඉඩක් වෙන් කිරීම ගැන අපට දෙගිඩියාවක් තිබුණේ නැත. ඒ ඉදිරියටත් එලෙසම සිදුවනු ඇත.

එමෙන්ම මේ වෙබ් අඩවිය රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ වෙබ් අඩවියක් ලෙස කරන දැන්වීම අප ප්‍රතික්ෂේප කරමු. අප දන්න පරිදි මෙරට ක්‍රියාත්මක වෙබ් අඩවි බොහොමයක් රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ බවට කියැවෙන පුරුද්ද ට ඈපා මහතාට ද කවුරුන් විසින් හෝ ලණුවක් ගිල්ලවා ඇති බව පැහැදිලිය.

එලෙස අර්ථ දැක්වීම කළ හැකිනම් නෙත් FM නාලිකාව ඉ‍ටුකරමින් තිබෙන්නේ රාජපක්ෂලාගේ සිංහල වර්ගවාදී වුවමනාවන් ඉ‍ටු කිරීම බව පැහැදිලිවම සාක්ෂි සමඟ අපට පෙන්වා දිය හැකිය. ඕනෑනම් ඈප මහතා හා රාජපක්ෂවරු අතර තිබෙන සම්බන්ධතා ගැනද අපට ලිවිය හැකිය.

එහෙත් ප්‍රශ්නය තියෙන්නෙ කවුරු කා සමඟ යාළු මිත්‍රකම් පවත්වන්නේද කියන එක නොව තම මාධ්‍ය භාවිතාවේදී පෙන්නුම් කරනු ලබන පක්ෂපාතිත්වය හා ඒ සමාජය වෙනුවෙන් කරන මෙහෙවර ප්‍රගතිශීලීද ප්‍රතිගාමීද යන්න ගැනය. මේ, ඈපලාට තේරූම් ගත නොහැකි බව සක්සුදක් සේය. ඒ ඔවුන්ගේ මාධ්‍ය හැසිරවීමේදී වුවමනාවටත් වඩා පෙන්වා ඇත.

ඒ අනුව ළිං මැඩි චින්තනය හරි යැයි සිතා සිටින ඈපලාට හා ඔහුගේ ගෝල බාලයන්ට අඩුම තරමින් 'මනුස්සකම යනු කුමක්ද ? 'යන්න කිසිදා වටහා ගත නොහැකි ඉසව්වක් බව නම් අපට මේ මොහොතේ ඉතා පැහැදිලිව පැවැසිය හැකිය.

ඈපා මහතා බෙදාහරිමින් තිබෙන ඊමේල් ලිපිය

apa-1

උදුල් ප්‍රේමරත්න වීඩියෝවක් හදන්නට ගොස් අමාරුවේ වැටෙයි!

පොලිසි නිළධාරියෙක්ගෙන් පහර කෑ රත්නපුර කක්කුස්සි වත්තේ බට්ටි වෙනුවෙන් නොමිළේ නීති ආධාර ලබාදී තමන් ප්‍රබල මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු බව පෙන්වූ නීතිඥ උදුල් ප්‍රේමරත්න සිදුකරන්නට ගිය බරපතල පාවාදීමක් අතේ පත්තු වී තිබේ.රාජ්‍ය බුද්ධි අංශ වලට පවා ඉව වැටී ඇති උදුල් ප්‍රේමරත්න මෙවර අමාරුවේ වැටී ඇත්තේ නොදන්නා දෙයක් කරන්නට ගොස්ය.ඒ ලංකාවට එරෙහිව ජාත්‍යන්තරය වෙනුවෙන් වීඩියෝවක් නිර්මාණය කරන්නට යාමෙනි.

ලංකාවට එරෙහිව යුධ අපරාධ චෝදනා නගන ජාත්‍යන්තන්තර ප්‍රජාවගේ මතය සනාථ කිරීම සදහා මෙරට රාජ්‍ය නොවන සංවිධානයක් සමග එක් වී එංගලන්තයේ චැනල් 4 නාලිකාව නිෂ්පාදනය කල Sri Lanka Killing Filelds වැනි වීඩියෝවක් නිර්මාණය කරන්නට උදුල් ප්‍රේමරත්න දැනට මාස ගනනක සිට සැලසුම් කර ඇත. එළඹෙන මාර්තු මාසයේදී ජිනිවා නුවරදී පැවැත්වෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සලයේ 28 වන සැසිවාරය වෙනුවෙන් අන්තර්ජාලයට මුදාහැරීමට සැලසුම් කළ ‍මෙම වීඩියො‍්ව මගින් උදුල් ප්‍රේමරත්න ඇතුලු කණ්ඩායම ජාත්‍යන්තරයට ප්‍රකාශ කිරීමට උත්සාහ කර ඇත්තේ 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේදී ඇතිවූ හමුදා සහ සිරකරුවන්ගේ ගැටුමේදී ශ්‍රී ලංකා හමුදාව විසින් සිරකරුවන් 27 ක් ඝාතනයක් කළ බවය.

මියගිය සිරකරුවන්ගේ පිංතූර වලින් සහ චැනල් 4 නාලිකාව කලාක් මෙන් අදුරු පසුබිමක සිට කතාකරන සාක්ෂි කරුවන්ගේ සංවාද වලින් තනන්ට ගිය මෙම වීඩියෝවට කතා කරන්නට ඔහු විසින් ප්‍රධාන චරිත 3 ක් තෝරාගෙන තිබුණි.

ඒ ගාල්ලේ සහන් ශ්‍රී සහ සුදේශ් නන්දිමාල් ද සිල්වා නම් පුද්ගලයන් දෙදෙනෙකු සහ වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාර නියාමකවරයෙකි. සහන් ශ්‍රී සහ නන්දිමාල් යනු LTTE සංවිධානය සමග සම්බන්ධතා පැවැත් වීම මත ත්‍රස්ත විරෝධි පණත යටතේ වසර 8 කට අධික කාලයක් වැලිකඩ බන්ධනාගාර ගතව සිට අත් හිටවූ සිර දඩවම් ලබා සිටින පුද්ගලයන් දෙදෙනෙකි. උතුරට ගොස් කොටි සංවිධානයේ අවි පුහුනුව ලැබීම සහ යුධ සමයේදී කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශවල බෝම්බ පිපිරවීම් ඇතුලු මනුෂ්‍ය ඝාතන රැසකට සහය දීම සම්බන්ධව මෙම සිංහලයන් දෙදෙනාට අධිකරණය මගින් චෝදනා එල්ල වී තිබේ.

කොළඹ ජනතාව මරන්නට‍ බෝම්බ පුපරවන්නට සහය දුන් මෙම පුද්ගලයන් සමග උදුල් ප්‍රේමරත්නගේ ගනුදෙනුව වන්නේ ඔවුන්‍ට ලංකාවේ දේශපාලන සරණාගතයින් සේ යුරෝපීය රටක පදිංචියට යාම සදහා කටයුතු සංවිධානය කිරීමයි. නියාමකවරයාටද වීඩියෝව එලි දැක්වූවායින් පසුව ලංකාවේ වසන්නට බැරි නිසා මෙලෙස පිටරටක පදිංචියට යාමට කටයුතු සලසා දීමට උදුල් විසින් පොරොන්දු වී තිබෙන අතර මේ සදහා අදාල රාජ්‍ය නොවන සංවිධානය මගින් උදුල්ට ඩොලර් මිලියන ගනනක් ලබාදීමට එකගතාවය ඇති වී තිබේ.

බන්ධනාගාර නියාමකවරයාට විශ්වාසය තහවරු කිරීම සදහා උදුල් ප්‍රේමරත්න විසින් ඔහුට විදසේ ගමන් බලපත්‍රය ද සාදා දී ඇත. වීඩියෝව ලංකාව ඇතුලත ප්‍රචලිත කිරීම යල් පැන ගිය වයසක වෙබ් මාෆියා කරුවකු වන රුවන් ෆර්ඩිනැන්ස් විසින් භාර ගෙන ඇති අතර අවසානයේදී සියල්ල කඩා කප්පල් වී ඇත්තේ ගුවන් විදුලි නාලිකාවක ගවේෂණ වැඩසටහනක් මගින් සියල්ල අනාවරණය කිරීම නිසාය.

පසුව මින් කිපුණු උදුල් ප්‍රේමරත්න රුවන් ෆර්ඩිනැන්ඩ්ස් විසින් මෑතකදී ආරම්භ කළ ලංකා ඩේලි නම් වෙබ් අඩවිය මගින් අදාල ගුවන් විදුලි නාලිකාවට අභියෝග කර වීඩියෝවක් නිෂ්පාදන කර අන්තර්ජාලයට මුදා හැර තිබේ.

එම වීඩියෝව නරඹන බොහෝ දෙනා මීට පසුබිම් වූ කතා පුවත නොදන්නා අතර රත්නපුරේ කක්කුස්සි වත්තේ බට්ටීට පොලිසියෙන් පහර දුන් අවස්ථාවේ ඇය වෙනුවෙන් පෙනී සිටිමින් දැඩි මානව හිමිකම් ක්‍රියාධරයෙකු බවට පත් වූ උදුල් ප්‍රේමරත්න නම් පෙරකදෝරුවා පිලිබදවද නොදනී. එහෙත් බට්ටිට නුගේගොඩ ෆැෂන් බග් ගොස් අරන් දුන් ඇදුම් ගලවා බලන්නට ගොස් සිය බිරිද වූ මුදිතාගෙන් සමග සිදුවූ පටලැවිල්ල මෙන්ම බොරලැස්ගමුවේදී මෝටර් සයිකලයක් හොරකම් කර හිරේ යාම ඇතුලු මේ හොර පෙරකදෝරුවා සිදුකල ජඩකම් ගනනාවක් පිලිබදව දන්නා උදවිය බොහෝ සිටින බව ඔහු නොදනී.

කෙසේ වුවද මේ වන විට රාජ්‍ය බුද්ධි අංශ නිළධාරීන් උදුල් ප්‍රේමරත්න සහ LTTE ඩයස්පෝරාව අතර ඇති සම්බන්ධතාවය තහවරු කළ හැකි සාක්කි ගනනාවක් සොයාගෙන ඇති බව වාර්තා වන අතර හෙට අනිද්දා වන විට ඒවා කරළියට පැමිනෙනු ඇත.අත් අඩංගුවට පත් වීම ජාත්‍යන්තර දේශපාලනික ආධාර සහ ඩොලර් ලබාගැනීමට කදිම මගක් බව දන්නා උදුල් ද වැලිකඩ සතුට භුක්ති විදීමට ආසාවෙන් සිටී.

කෙසේ වුවද වැලිකඩ හිරගෙදර දී සිරකරුවන් මිය යාම පිලිබදව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුවිය යුතු බව මේ රටේ බුද්ධිමත් ජනතාවද පිලිගන්නා මුත් ඒ සදහා LTTE සංවිධානය සමග එක්ව කොළඹ බෝම්බ පිපිර වූ සහන් ශ්‍රී සහ නන්දිලාල්ට පෙනී සිටීමට ඇති සාධාරණ අයිතිය සහ එවන් මිනී මරුවන් සමග උදුල් ප්‍රේමරත්න නම් පෙරකදෝරුවාගේ ඇති සම්බන්ධකම පිලිබද ජනතාව දැනුවත් වීම වටී.මන්ද හෙට ද උදුල් ප්‍රේමරත්න ලා වැනි නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාද විද අවසානයේ සිය රට මුදලට පාවාදෙන ද්‍රෝහීන් නිහඩව නොසිටින නිසාය.



ලංකා ඩේලි වීඩියෝව


සබැදි පුවත්


නෙත් FM නිවේදක චණ්ඩි සැඟවෙන්නෙ ඇයි ? -GO RIGHTS COLLECTIVE-

නෙත් FM නාලිකාවට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්

නෙත් FM ජඩමාධ්‍ය කෙරුවාවට උදුල්ගෙන් උත්තරක් (VIDEO)

Leave a comment

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us