ජනපති මෛත්‍රීට ඉන්දීය ජනපතිගෙන් උණුසුම් පිළිගැනීමක්(photos)

Published in පුවත්
Monday, 16 February 2015 15:13

ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් අද ඉන්දීය ජනාධිපති මන්දිරය වන රාෂ්ඨ‍්‍රපති භවන්හීදී පැවැත් වුණි.

එහිදී ඉන්දීය ජනාධිපති ප‍්‍රනාබ් මුඛර්ජි මහතා සහ අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කලේය.

එහිදී හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩි මුර පිරිනැමීමක් ද සිදු විය. ඉන් අනතුරුව ඉන්දු – ලංකා ජනාධිපතිවරුන් අතර සුහද හමුවක් පැවැත් වුයේය. නවදිල්ලියේ රාජ් ගාර්ඞ්හී මහත්මා ගාන්ධි සමාධිය වෙත පුෂ්පෝපහාර දැක්වීමට ද මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (16)පෙරවරුවේ එක් වුයේය.

ඔහු අද පස්වරුවේ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා සමග සාකච්ජා පැවැත්වීමට නියමිතය.

prasident with modi 1

prasident with modi 2

prasident with modi 3

prasident with modi 4

prasident with modi 5

prasident with modi 6

prasident with modi 7

 

Last modified on Monday, 16 February 2015 15:29

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us