පාප් වහන්සේට දුන් මිලියන 8.7 පරිත්‍යාග මුදල ආපසු පරිත්‍යාග කරයි

Published in පුවත්
Monday, 16 February 2015 14:42

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස්පාප් වහන්සේගේ මෙරට සංචාරයේදී කතෝලික රදගුරු සභාව විසින් ලබාදුන් පරිත්‍යාග මුදල නැවතත් ශ්‍රී ලංකාවට ලබාදීමට උන්වහන්සේ තීරණය කර තිබේ.

පසුගිය මාසයේ උන්වහන්සේ මෙරට සිදුකළ සංචාරයේදී කතෝලික රදගුරු සභාව විසින් පාප් වහන්සේගේ සමාජ සුභසාධන අරමුදල සඳහා රුපියල් මිලියන 8.7 ක මුදලක් පරිත්‍යාග කරනු ලැබුවේය.

කෙසේ වෙතත් එම මුදල යළිත් වරක් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත ලබාදීමට පියවර ගෙන ඇති බව සඳහන්ය.

එම ආධාර මුදල යොදා ගනිමින් මෙරට වෙසෙන දුගී ජනතාවට පිහිට වන ලෙසත් ඒ පිළිබඳ තමාට වාර්තාවක් ලබාදෙන ලෙසත් පාප් වහන්සේ විසින් කාදිනල්වරයා දැනුවත් කර ඇති බව වාර්තා වේ.

කතෝලික රදගුරු සභාව විසින් එම මුදල රදගුරු වසම් හරහා දුගී ජනතාවට ලබා දීමට නියමිත බව සඳහන්ය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us