subash

subash

පෝට් සිටි දිගටම?

Published in පුවත්
Wednesday, 18 February 2015 20:22

කොළඹ වරාය නගරයේ ඉදි කිරීම් නතර කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී බැසිල් රාජපක්ෂ මහතාට මාස තුනක කාලයක් නිවාඩු ලබා දීමට අද පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුණි.

නව රජය යටතේ දී ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ට මෙන්ම සියළුම මාධ්‍යවේදීන්ට කිසිවෙකුට ගැති නොවී නොබියව සතුටින් තම වෘත්තිහේ නියැළීමට හැකි වාතාවරණය උදා කිරීම තමාගේ වගකීමක් බව ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවැසුවේය.ඔහු මේ අදහස් පළ කළේ වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ එම සංවත්සර උත්සව අවස්ථාවට ඊයේ (17) සහභාගී වෙමිනි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා රටින් පිටුවහල් කිරීම වළක්වන්නැයි ඉල්ලා එම පක්ෂය විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද(19) යළි සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පුද්ගලයා රටින් පිටුවහල් කිරීමට හැකි බව දැනුම්දී තිබේ.

අද දිනය ශ්‍රී ලංකා දේෂපාලන ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන දිනයක් වනු නොඅනුමාන ය. මන්ද දිරාපත් වූ, කරකැවිය නොහැකි කරත්ත රෝදයත්, කාලයක් අක්‍රීයව තිබූ හෙයින් වයින් කළ නොහැකි ඔරලෝසුවත්, මිල පහත බැස ඇති පංචායුධය පිවිතුරු යැයි කියාගන්නා අපවිත්‍ර කණ්ඩායමක් සමග සිය අඩුවැඩිය යළි බලගැන්වීම සඳහා කැසකවන දිනයක වීම හේතුවෙනි.

රේගුව මගින් රඳවා ගෙන තිබූ 'ෆ්‍රන්ට්ලයින්' (Front Line) සඟරාව මුදාහරින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් දී අැත.1987 සැප්තැම්බර් මස වේලුපිල්ලේ ප්‍රභාකරන් සමඟ කළ සාකච්ඡාවක් නැවත පලකර තිබීම හේතුවෙන් 'ෆ්‍රන්ට්ලයින්' සඟරාවේ 30 වැනි කලාපය මෙලෙස රඳවා ගනු ලැබුණි.

සිව්දින ඉන්දීය නිල සංචාරය නිමකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණ අැත.

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා මණ්ඩපය සංවිධානයේ සාමාජිකයන් පිරිසකට අද (18දා) පෙරවරුවේදී නුගේගොඩ නගරයේදී ප්‍රහාරයක් එල්ල වී තිබේ. ප්‍රහාරය එල්ල වී අැත්ෙත් 'යක්ෂාගමනයට පෙර විමල් වීරවංශ හා වාසුදේවට ප්‍රශ්න කිහිපයක්' යනුවෙන් සඳහන් අත්පත්‍රිකා බෙදමින් සිටියදීය.

දේශපාලන හිතවත්කම් මත විදේශ දූත මණ්ඩල සේවා සඳහා අනියුක්ත කර තිබූ නිලධාරීන් 50ක් නැවත දිවයිනට කැඳවීමට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පියවර ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කරන ලද සිවිල් න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුම ජාත්‍යන්තර‍ පරමාණුක ශක්ති එජන්සියේ ආරක්ෂක හා අනෙකුත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුල බව අමෙරිකාව පවසයි.

Connet With Us