subash

subash

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් කෝටි 400 ක ණය මුදලක්‌ ලබා ගැනීමට යයි.

ඉදිරි පාර්ලිමේන්තු මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අගමැති අපේක්‍ෂකයා කවුරුන් දැයි තීරණය කිරීමට විමල් වීරවංශට, උදය ගම්මන්පිලට, වාසුදේව නානායක්‌කාරට හෝ දිනේෂ් ගුණවර්ධනට අයිතියක්‌ හෝ හැකියාවක්‌ නැතැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ භාණ්‌ඩාගාරික හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌. බී. නාවින්න මහතා ඊයේ (19 දා) පැවැසීය.

පසුගිය රජයේ දූෂණ අක්‍රමිකතා සහ මහා පරිමාණ වංචා පිළිබඳව වත්මන් රජය සිදුකරන පරීක්‍ෂණ සහ වගකිවයුත්තන්ට එරෙහිව ගන්නා නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි.

රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගැනීමට දෙමළ තරුණයන් 28 දෙනකු පැහැරගෙන ගොස්‌ ඔවුන් ඝාතනය කළ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් නාවික හමුදාවේ උසස්‌ නිලධාරීන් තිදෙනකු ඇතුළු නිලධාරීන් නව දෙනකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙම පැහැර ගැනීම 2008 වර්ෂයේ සිට 2011 වර්ෂය අතරතුර කාලය තුළ සිදුව ඇති බවයි.

පාට පාට බඩ ඉරිඟු

Published in අනං මනං
Thursday, 19 February 2015 17:06

මේ ප්ලාස්ටික් වලින් හදපු බඩ ඉරිඟු නම් නෙමේ. අලුත් බඩඉරිඟු විශේෂයක්.

චීනය කියන්නෙ වසර දහස් ගණනක ඉතිහාසයක් හා ලෝකයෙ විශාලම ජනගහණයද සහිතව ලෝකය තුල දියුණුවේ ඉහළට ම නඟින්න තරඟ කරන රටක්. හොවැංහෝ ගංගා නිම්න ශිෂ්ටාචාරය ගැන පාසල් ඉතිහාස පෙළපොත් වල කියවපු කාලෙ හැමෝටම මතකත් ඇතිනේ. ඔවුන්ගේ සිරිත් විරිත් උත්සව යනාදියටත් තියෙන්නෙ ඉතා ලොකු ඉතිහාසයක්. 

කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී සම්බන්ධයෙන් දැනට ගෙන ඇති පියවර ගැන තමාට මේ අවස්ථාවේදී කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් මහතා පැවසුවේය.ඒ සඳහා සතියක කාලයක් ලබාදෙන ලෙස ඔහු අද (19) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අම්බලන්ගොඩ නගර සභා විපක්ෂනායක ජේ.ඩබ්ලිව් ජයන්ත ප්‍රමුඛ පිරිසක් අද (19) අල්ලස හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඒ ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් මහතා ප්‍රමුඛ පිරිසක් විසින් රාජපක්ෂ අාණ්ඩු සමයේ අම්බලන්ගොඩ නගර සභාව සතුව තිබූ පෞරාණික වටිනාකමකින් යුක්ත තානායමක් කිසිදු අවසරයකින් තොරව කඩා ඉවත් කර විකිණීම සම්බන්ධවය.

නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශය යටතේ පවතින සීමා සහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ නව සභාපති ලෙස අමල් වික්‍රමතුංග මහතා වැඩ භාර ගැනීම පසුගියදා කොළඹ 10 ශ්‍රී සංඝරාජ මාවතේ පිහිටි එම ආයතනයේදී සිදුකෙරිණ.

පසුගියදා පන්නිපිටියේ නිවසකදී සාරියකින් ගෙළ වැළලාගෙන මියගිය සබරගමු විශ්ව විද්‍යාලයීය අමාලි චතුරිකා නමැති 23 හැවිරිදි සිසුවිය එසේ සිය දිවි නසාගත්තේ නවක වදය ඉවසන්නට බැරිව බවට මින් පෙර පළවූ වාර්තා සත්‍යයෙන් තොර බවට දැන් කරුණු අනාවරණයවී අැත.

Connet With Us