subash
දේශපාලනික සංස්ථාව බහු-විධ මට්ටම්වලින් යළි එක්සත් කිරීම සඳහා පොදු ක්‍රියාකාරකම් අවශ්‍ය කෙරේ - ජෙහාන් පෙරේරා
කලින් තිබුණු රජයට වඩා වර්තමාන රජය තමන්ගේ ආණ්ඩුකරණය කෙරෙහි වන එළැඹුම තුළට සියල්ලන් ඇතුළත් කර ගැනීමට වැඩි උත්සාහයක් ගන්නා බව පෙනේ. කිසිවෙකු බැහැර නොකිරීමේ මේ ප්‍රවේශය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පලවා හැරීමේ මැතිවරණ ව්‍යාපාරයෙන් දායාද කෙරුණු උරුමයකි. ආණ්ඩු පක්ෂයේ බලය සහ සම්පත්වල ශක්තියට සාර්ථකව මුහුණදිය හැකි වුණේ, පොදු අපේක්ෂකයෙකු වටා පාලක පක්ෂයේ කොටසකගේ ද ආධාර සහිතව සමස්ත විපක්ෂයම පාහේ, එක්රොක් වීම හේතුවෙනි. මේ දේශපාලන පක්ෂවලට විවිධ මතවාද සහ වාර්ගික ඇඟෑලූම්කම් තිබුණත්, පොදු සතුරාව යාන්තමින්වත් පරාජය කර ගැනීමට තරම් වන තමන්ගේ සමස්ත ශක්තිය එකට ගොනු කර ගැනීමට ඔවුහූ සමත් වූහ. ඔවුන්ගේ දේශපාලන වේදිකාවේ රැව් දුන් එක් පොරොන්දුවක් වුණේ, දින 100 වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණයකට යාමයි.
කොට්‌ඨාශ ක්‍රමය පාදනම් කරගත් මැතිවරණ ක්‍රමයට සුළු පක්‌ෂවල දැඩි විරෝධය පළවී තිබේ.
ඇත්තටම මේ දවස්වල අපේ රටේ බොහෝ දෙනා අතර වැඩිපුරම ජනප්‍රිය වෙලා ඉන්නේ කොරියානු නිළියන්. මේකට ප්‍රධානම හේතුව බවට පත්වෙලා තියෙන්නේ අපේ රටේ ටෙලි නාට්‍ය හා චිත්‍රපටවලටත් වඩා කොරියානු නිර්මාණ වේගයෙන් ජනප්‍රිය වෙමින් පැවැතීමයි.
සිරකරුවෝත් මනුෂ්‍යයෝය කියල ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. ඒත් ඇත්තටම මොකක් හරි වැරැද්දකට සිරගත වෙන මිනිස්සුන්ට මනුස්සයයෙක්ට වගේ සැළකුම් ලැබෙනවා හරිම අඩුයි.
නුගේගොඩින් ඇසුණේ මාළිගාවත්තේ ලී මෝල් හඬ මිස ජාතිකත්වයේ හඩ නොවේ
එදා නැව් එන්නැති වරාය හදමින් ජාතික ධනය කාබසීනියා කරද්දී නිහඬ ව තිබුණු ‘ජාතියේ හඬ’ නුගේගොඩ දී යළි අවදි විය. මොනරු ලගින ගුවන් තොටුපොළවල රටේ ධනය නිදන් කරද්දී නිහඬ ව තිබුණු ‘ජාතියේ හඬ’ නුගේගොඩ දී යළි ඇසිණි.
ශ්‍රිලනීපය මහ මැතිවරණයට තනියම. පසුව සර්වපාක්ෂික අණ්ඩුවකට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශක්තිමත් තනි පක්ෂයක් ලෙස මහ මැතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව හා අනතුරුව ස්ථාවර ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ.
ඉකුත් රාජපක්ෂ පාලන සමයේදී රාජපක්ෂ පවුලේ සහ එම පාලනයේ ප්‍රධානින් විසින් අයතා ලෙස උපයා ගන්නා ලද ධනය, විශේෂයෙන් හොංකොං ,මැකාවෝ ,ශිසල්ස් වැනි බදු නොගෙවන බැංකු තුළ මෙම මුදල් තැන්පත්කර ඇති බවට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ඉන්දිය සංචාරය තුළදී තොරතුරු අනාවරණය වු බව ඉන්දිය බලධාරින් ඉන්දිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.
ජාතික ලැයිස්තුවෙන් මහින්දව පාර්ලිමේන්තු ගෙන ඒමේ උත්සාහයක්
වත්මන් පාර්ලිමේන්තුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පත්කළ මන්ත්‍රීවරයකු ඉවත්කර ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව පත් කර ගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් පවතී. මේ සඳහා ශ්‍රීලනිපයේ ජේෂ්ඨයන් කිහිප දෙනෙකු සාකච්ඡා කර ඇති අතර පත්කළ මන්ත්‍රීවරුන් වම මාලනී ෆොන්සේකා හා ජානක ප්‍රියන්ත යන අය සමඟද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
හොඳ චිත්‍රපටයක රඟපාන්න කැමතියි - දුල්මිණී අත්තනායක
අද වන විට ඔබත් මේ රටේ ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා
පසුගියදා මගේ අප්පච්චිට සිදුවූ සිදුවීමත් එක්ක සිරස නාලිකාව මගෙන් විමසීමක් කළා. විනාඩි දෙකක විතර අදහස් ප්‍රකාශ කිරීමක් කළා. එය අන්තර්ජාලයේ පළවීමත් සමග එය කතාබහට ලක් වුණා.
700ක් අතුරුදහන් කළ 'ගෝඨා කෑම්ප්' එකේ තතු ජනාධිපතිට යොමු කරනවා
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළි කර්න ලද ත්‍රිකුණාමලයේ පවත්වාගෙන ගිය විශේෂ රැඳවුම් කඳවුරක් වූ ගෝඨා කැම්ප් සම්බන්ධයෙන් ආරක්ෂක ඇමැතිවරයාවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානයට යොමු කරන බව මහජන ආරක්ෂක ඇමැති ජොන් අමරතුංග මහතා පවසයි.
