subash

subash

ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවාව සඳහා 2014 වසරේදී ඇමතුම් 99,000ක්‌ ලැබී ඇතැයි ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ නටාෂා බාලේන්ද්‍රන් මහත්මිය පැවසුවාය.

ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් ගමන් බලපත්‍රයක්‌a ලබා ගැනීම හා ගමන් බලපත්‍ර දෙකක්‌ පාවිච්චි කිරීම සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂී වීරවංශ සැකකාරියට වැළඳී ඇති අධිකරණ වෛද්‍යවරයාටත් සොයාගත නොහැකි රෝගය කුමක්‌ දැයි කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා ඊයේ (24 දා) විවෘත අධිකරණය හමුවේ ප්‍රශ්න කර සිටියේය.

සැකකාරිය ප්‍රතිකාර ලබන පෞද්ගලික රෝහලින් මාරු කර ඇයව වහාම බන්ධනාගාර රෝහල වෙත යොමු කරන ලෙසට නියෝග කළ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා අවශ්‍ය නම් බන්ධනාගාර වෛද්‍යවරයා මගින් ජාතික රෝහල වෙත යොමු කරන ලෙසට වැඩි දුරටත් නියෝග කළේය.

සිද්ධියට අදාළව රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ශෂී වීරවංශ සැකකාරිය ප්‍රතිකාර ලබන මාලබේ පෞද්ගලික රෝහලින් මාරු කර ඇයව බන්ධනාගාර රෝහල වෙත යොමු කරන ලෙසට බන්ධනාගාර නිලධාරීන් ඉල්ලීමක්‌ කරනු ලැබූ අවස්‌ථාවේදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දක්‌වා සිටි කරුණු කෙරෙහි සැලකිළිමත් වෙමින් මහෙස්‌ත්‍රාත්වරයා එලෙසින් ප්‍රශ්න කර නියෝග කරනු ලැබුවේය.

පැමිණිල්ල කැඳවමින් ඉල්ලීමක්‌ කළ බන්ධනාගාර නිලධාරීන් අධිකරණය අමතමින් බන්ධනාගාර පනත ප්‍රකාරව රක්‍ෂිත බන්ධනාගාර ගත කරනු ලැබු සැකකරුවකුට පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි බවත්, එනිසා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති, මේ වන විට මාලබේ පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ලබන රණසිංහ රන්දුණු මුදියන්සේලාගේ ෂෙහාෂා උදයන්ති නොහොත් ශෂී වීරවංශ සැකකාරිය වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත යොමු කරන ලෙසට නියෝගයක්‌ නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා(-ඒ කියන්නෙ පෞද්ගලික රෝහලක තියා ගන්න බෑ කියලානේ. සැකකාරියට වැළඳී ඇති රෝගය මොකක්‌ද? අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වාර්තා කරලා තියෙනවා ඇයට අසනීපයක්‌ නෑ කියලා. පෞද්ගලික රෝහලින් අරන් යන්න බැරිකමක්‌ තියෙනවාද?

බන්ධනාගාර නිලධාරීන්(-පෞද්ගලික රෝහල් වෛද්‍යවරයෙක්‌ ඇය එම්. ආර්. අයි. ස්‌කෑන් පරීක්‍ෂණයක්‌ කරන්න තියෙනවා කියලා කියනවා. ස්‌වාමිනී. එය ජාතික රෝහල මගින් ද කළ හැකියි.

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විඡේසිරි අඹවත්ත මහතා කරුණු දක්‌වමින් ඇය පරීක්‍ෂා කළ මහෙස්‌ත්‍රාත්වරයා නොකඩවා වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසට නියෝග කර ඇති බව කියා සිටියේය.

නීතිඥ විඡේසිරි අඹවත්ත මහතා(-පැමිණිල්ල මෙම අධිකරණය හමුවේ කැඳවන තුරු සැකකාරිය එම පෞද්ගලික රෝහලේම ප්‍රතිකාර ලබා ගැනීමට ඉඩ දෙන්න

මහෙස්‌ත්‍රාත්වරයා(-බන්ධනාගාර නීතිය අනුව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර බෑ කියනවානේ. අධිකරණ වෛද්‍යවරයාත් සැකකාරියට අසනීපයක්‌ නැති බව වාර්තා කර තියෙනවා. ඔහුටත් අසුනොවන රෝගය කුමක්‌ද? ඕනම රෝගයකට බන්ධනාගාර රෝහලෙන් ප්‍රතිකාර ගන්න පුළුවන්.

බන්ධනාගාර නිලධාරීන්(-විශේෂඥ වෛද්‍ය පහසුකම් ද ලබා ගත හැකි ස්‌වාමිනී.

නීතිඥ විඡේසිරි අඹවත්ත මහතා(-ප්‍රතිකාර ලබා දෙන ලෙසට නියෝග කරන්න ස්‌වාමිනී.

මහෙස්‌ත්‍රාත්වරයා(-ප්‍රතිකාර දෙන්න පුළුවන්. රෝගය කුමක්‌ද කියා දැන ගත යුතුයි. කියන්න බැරි අමාරුවක්‌ ද?

නීතිඥ විඡේසිරි අඹවත්ත මහතා(-සැකකාරියට කනේ අමාරුවක්‌ තියෙනවා ස්‌වාමිනි. විටින් විට ක්‌ලාන්ත ගතියක්‌ ද මතු වෙනවා.

මහෙස්‌ත්‍රාත්වරයා(-මට තේරෙන්නේ නෑ අධිකරණ වෛද්‍යවරයාටත් අල්ල ගන්න බැරි රෝගය මොකක්‌ද කියලා. අසනීප තත්ත්වය ගැන වෛද්‍ය උපදෙස්‌ ලබාදීමක්‌ නැද්ද? ජාතික රෝහල වුණත් බාර ගන්නේ රෝගයක්‌ තියෙනවා නම් පමණයි.

බන්ධනාගාර නිලධාරීන්(-වෛද්‍ය උපදෙස්‌ අනුව බන්ධනාගාර රෝහලින් ජාතික රෝහලට ඇතුළත් කළ හැකියි.

මහෙස්‌ත්‍රාත්වරයා(-බලහත්කාරයෙන් තබා ගැනීමක්‌ සිදු වෙනවාද? බන්ධනාගාර වෛද්‍යවරයකු සමග ගොස්‌ සැකකාරිය පරීක්‍ෂා කර බාර ගැනීම සිදු කරන්න. කියන්න බැරි රෝගයක්‌ තියෙනවාද කියලා දන්නේ නෑනේ.

බන්ධනාගාර නිලධාරීන්(-අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාවේ පිටපතක්‌ ලබාදෙන ලෙසට ඉල්ලා සිටිනවා ස්‌වාමිනි.

සැකකාරිය සම්බන්ධයෙන් බන්ධනාගාර වෛද්‍යවරයාගේ උපදෙස්‌ අනුව පියවර ගන්නා ලෙසට මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය.

සිද්ධියට අදාළ පැමිණිල්ල අද (25 දා) යළි කැඳවීමට නියමිතය.

 

 

 

divaina

 

වත්කම් හෙළි නොකළැයි ශිරානි බණ්ඩාරනායක විශ්‍රාමික අග විනිසුරුවරියට එරෙහිව අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුව ඉල්ලා අස්කර ගැනීමට පැමිණිල්ල කැමතිවූවත් විත්තිය අකමැති විය.

සමන් අතාවුදහෙට්ටිගේ සභාපතිත්වයෙන් යුත් නව ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය මගින් ප්‍රසන්න විතානගේ ගේ ‘ඔබ නැතුව ඔබත් එක්ක‘ චිත්‍රපටයේ එකම දර්ශනයක්වත් නොකපා වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටයක් ලෙස ප්‍රදර්ශනය සඳහා අනුමැතිය ලබාදී තිබේ.

යුද්ධයේ අවසාන කාලයේ සිදුවූ සාමාන්‍ය ජනතාවගේ ඝාතනයන් සහ උතුරේ සිදුවූ යුධ අපරාධ අතුරුදන්වීම් පැහැරගැනීම් ස්ත්‍රී දුෂණ විභාග කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට බල කෙරෙන සාමකාමී පා ගමනක් අද(24) යාපනයේදී පැවැත්විණි.

පෙම්වතෙක් නෑ කියල දුකෙන්ද? ඔන්න දැන් විසඳුමක් තියෙනවා. හැබැයි චීනෙට යන්න වෙනවා.

අම්මා යන්නට ඕනෑතරම් අර්ථකතන ලෝකය විසින් සපයා දී තිබේ. අපේ අම්මා මෙන්ම සෑම අම්මා කෙනෙක්ම ලේ කිරිකර පොවා තම දරුවන් ලොකු මහත් කර දරුවන්ගේ සුභ සිද්ධිය පතති. ඒ වෙනුවෙන් වෙහෙසෙති. හඬා වැටෙති. සුසුම් හෙලති. දරුවන්ටද එසේමය. අම්මා යනු මහ මෙරකි. එය සෑම දරුවෙකුටම එකය. අම්මා නැති කලේ අප්පා කවර කලේ යනුවෙන් කතාවක් පවතින්නේ කට කහනවට නොවේ.

සූරියවැව පොලිස් අත්අඩංගුවට ලක් වූ සැකකරුවකු පහර දීමකින් මිය ගිය බව කියන සිදුවීමට සැකපිට පොලිස් නිළධාරීන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කිසියම් කාව්‍ය රචකයකුගේ හෝ රචකාවියකගේ කාව්‍යය සංග්‍රහයක අන්තර්ගතවන කාව්‍ය නිර්මාණ සියල්ල ම සියයට සියයක් සාර්ථක නොවන බව යථාර්ථයකි.

හොලිවුඩ් පුරවරයේ ඉරිදා(23දා)රාත්‍රියේ පැවති ඔස්කාර් සම්මාන උළෙලේදී 'බර්ඩ්මෑන්' ("Birdman") චිත්‍රපටය ප්‍රධාන සම්මාන හතරක් දිනා ගැනීමට සමත් විය.

Connet With Us