ශිරානි සටන අත් නොහරී

Published in පුවත්
Tuesday, 24 February 2015 16:32

වත්කම් හෙළි නොකළැයි ශිරානි බණ්ඩාරනායක විශ්‍රාමික අග විනිසුරුවරියට එරෙහිව අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුව ඉල්ලා අස්කර ගැනීමට පැමිණිල්ල කැමතිවූවත් විත්තිය අකමැති විය.

බණ්ඩාරනායක මහත්මියගේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නලින් ලද්දුහෙට්ටි මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ කියා සිටියේ නඩුව අවසන් කිරීමට තමා විරුද්ධ බවයි.

බණ්ඩාරනායක මහත්මිය ඇගේ ගිණුම් පවත්වාගෙන යන එන්ඩීබී බැංකුවෙන් ඉල්ලූ විස්තර දෙන ලෙස අධිකරණය කලින් කළ නියෝගය ක්‍රියාත්මක කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

එම බැංකුවේ ඇතැම් නිලධරයන් ශ්‍රී ලංකා මහ බැංකුවද සමග එක්වී බණ්ඩාරනායක මහත්මියගේ අනුදැනුමකින් තොරව බැංකු ගිණුම්වල මුදල් එහාට මෙහාට කර ඇතැයිද ඊට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් කළ යුතු යැයිද පැවසූ ලද්දුහෙට්ටි මහතා මේ ගැන අල්ලස් කොමිසමටද පැමිණිලි කර ඇති බවත් කීවේය.

මහේස්ත්‍රාත්වරයා නඩුව අප්‍රේල් 28 වැනිදාට කල් තැබීය.

lankadeepa

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us