2014දී ළමා අපයෝජකයන් 95,000ක්‌ ! අන්තර්ජාලයෙන් 25,000 ක්

Published in පුවත්
Wednesday, 25 February 2015 07:33

ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවාව සඳහා 2014 වසරේදී ඇමතුම් 99,000ක්‌ ලැබී ඇතැයි ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ නටාෂා බාලේන්ද්‍රන් මහත්මිය පැවසුවාය.

එයින් පැමිණිලි ගණයට ගැනෙන 95,000ක්‌ පිළිබඳව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇතැයිද නටාෂා බාලේන්ද්‍රන් මහත්මිය කියා සිටියාය.

එසේම අන්තර්ජාල ළමා අපයෝජකයන් 25000ක්‌ පිළිබඳව තොරතුරු සොයා බලන බවත් ඉන් තිස්‌දෙනෙකු පිළිබඳව පුළුල් විමර්ශන අරඹා ඇති බවත් ඇය කීවාය.

මේ වන විට එයින් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇතැයිද ඇය ප්‍රකාශ කළාය.

මෙලෙස අත්අඩංගුවට ගත් ළමා අපයෝජකයන් අතර රාජ්‍ය අංශයේ නිලධාරීන්, විශ්වවිද්‍යාල ආධ්‍යයන ආයතනවල නිලධාරීන්ට ඇතුළු විවිධ තරාතිරම්වල නිලධාරීන්ද සිටින බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

කෙසේ නමුත් පසුගිය ජනාධිපතිවරණ සමයේදී රාජපක්ෂවාදී නිළධාරිනියක් වූ හිටපු සභාපතිනි අනෝමා දිසානායක පැවැසූවේ පසුගිය වසරේදී ළමා අපයෝජන 1500ක් වත් වාර්තා වී නොමැති බවත් මාධ්‍යවල පලවන වාර්තා බොරු බවත්ය.

Last modified on Wednesday, 25 February 2015 07:37

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us