බෞද්ධයාට ජාතියක්‌ නැත. - හෑගොඩ විපස්‌සි හිමි

Published in පුවත්
Wednesday, 25 February 2015 07:43

'සිංහලකම රැකුණට බෞද්ධකම රැකෙන්නේ නැහැ. බෞද්ධකම රැකුණොත් පමණයි සිංහලකම රැකෙන්නේ. ඒ කියන්නේ සිංහලකම රැකෙන්නේ බෞද්ධකම මතයි. බෞද්ධයාට ජාතියක්‌ නැහැ' යැයි හෑගොඩ විපස්‌සී හිමියෝ පැවසූහ.

විපස්‌සී හිමියෝ එසේ පැවසුවේ බුද්ධ ශාසන රාජ්‍ය පරිපලන හා පළාත් පාලන ඇමැති කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා කොළඹ පරම විඥනාර්ථ බෞද්ධ සමිති සංගම් ශාලාවේ පැවැති සෙන්පති හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌ තුමාගේ 108 වැනි ගුණ සමරුව උත්සවයේ අනුශාසනාවක්‌ පවත්වමිනි. මෙම අවස්‌ථාවට පරම විඥනාර්ථ බෞද්ධ සමිතියේ පැවිදි අනුශාසක දිවියාගහ යසස්‌සී හිමියෝද බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකනායක මහතා ඇතුළු පරම විඥනාර්ථ බෞද්ධ සමිතියේ නිලධාරී මණ්‌ඩලය හා සාමාජික සාමාජිකාවෝද සහභාගී වූහ. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ හෑගොඩ විපස්‌සි හිමියෝ මෙසේද පැවසූහ.

ඕල්කට්‌තුමා ශ්‍රී ලංකාවට පැමිණියේ පානදුරාවාදයේ ප්‍රතිචාරත් සමඟයි. පානදුරාවාදය ආරම්භවීමට මූලික හේතුව වුණේ පානදුරේ වැස්‌ලියන් පල්ලියේ දේවගැති දාවියන් නමැත්තකු විසින් බුදුදහම විවේචනය කිරීමයි. ඊට මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමි පානදුරේ ගලිකන්ද විහාරස්‌ථානයේදී පිළිතුරු ලබාදුන්නා. 1873 පානදුරාවාදය ආරම්භ වුණා එහි ප්‍රතිඵලයක්‌ ලෙස ඕල්කට්‌තුමා ශ්‍රී ලංකාවට පැමිණියා.

මෙම වකවානුව දැඩි ලෙස මිථ්‍යාව වපුරමින් පැවැති යුගයක්‌. වර්තමාන සමාජය ගත්තත් දැන් මතුවී තිබෙන්නේ එවැනි තත්ත්වයක්‌ එම නිසා අප විචාරශීලීව බැලිය යුතුයි. අද සමාජය පරණ හණමිටි කර තබාගෙන හණමිටි කාරයෝ වගේ ගමන් කරනවා. බුද්ධ දේශනාවට අනුව හණමිටි කාරයින්ට නිවන් දකින්න බැහැ. ඔවුන්ට වඩාත් නිවැරදි දේ අවබෝධ කර ගත නොහැකියි.

ඕල්කට්‌ වකවානුව තුළ සිංහල බෞද්ධකමක්‌ රකින්න ගියේ නැහැ. රැකිය යුත්තේ බෞද්ධකමයි. සිංහලකම රැකුණට බෞද්ධකම රැකෙන්නේ නැහැ යැයි පැවසූහ.

කොළඹ නව කෝරලේ අධිකරණ සංඝනායක ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති පරම විඥනාර්ථ බෞද්ධ සමිතියේ පැවිදි අනුශාසක දිවියාගහ යසස්‌සි හිමියෝ ද මෙහිදී අනුශාසනාවක්‌ කළ අතර ඒ හිමියෝ මෙසේ ද පැවසූහ.

හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමි මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමි සමග සෙන්පති හෙන්රි ස්‌ටීල් ඕල්කොට්‌ තුමා ආරම්භ කරපු පාසල්වලින් මේ රටේ බෞද්ධ ප්‍රබෝධය ඇති වුණා. නමුත් පින්වතුනි අද පාසල් අධ්‍යාපනය ගැන කල්පනා කර බලන විට සෑහෙන දුකක්‌ ඇති වෙනවා. පාසල්වල මොනවද උගන්වන්නේ දැනුමක්‌ විනයත් ඇති කරන්න පාසල්වල තියන වැඩ පිළිවෙළ කුමක්‌ද? උගන්වන ගුරුවරු බුද්ධ ධර්මය ගැන දන්නේ නෑ. ඒ නිසා කරු ජයසූරිය මහතාගෙනි, පළමුවෙන්ම ගුරුවරුන් සඳහා බුද්ධාගම ඉගැන්වීමේ පාඨමාලාවක්‌ හැදිය යුතුයි.

ඒ වගේම ඕල්කට්‌තුමා මෙරටට පැමිණ මෙහි සිටි ගිහි උගතුන් සමග කොළඹ ආනන්ද විද්‍යාලය ඇතුළු රට පුරා පාසල් 468 ක්‌ ආරම්භ කළා. එමගින් බෞද්ධ අධ්‍යාපනයේ පිබිදීමක්‌ ඇති වුණා. එබැවින් ඕල්කට්‌තුමාගේ චරිත කථාව ළමා සිත්වලට ඇතුළු කිරීම ගුරුවරුන්ගේ යුතුකමක්‌ වෙනවා.

පරම විඥනාර්ථ බෞද්ධ සමිතියේ සභාපති සනත් පී. වීරසේකර මහතාද අදහස්‌ දැක්‌ විය.

මෙම උත්සවය අවසානයේ කොළඹ බෞද්ධ මන්දිරයේ සිට කොටුව දුම්රිය පළ ඉදිරිපිට පිහිටි ඕල්කට්‌ ප්‍රතිමාවට පුෂ්පෝපහාර දැක්‌වීමට පැමිණ සිටි පිරිසපෙර හැරකින් ගමන් කරනු ලැබිණි.

 

 

divaina

Last modified on Wednesday, 25 February 2015 07:49

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us