මන්ත්‍රී ආචාර ධර්ම පද්ධතිය ජාතික විධායක සභාවට

Published in පුවත්
Wednesday, 25 February 2015 08:00

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා ගෙන ඒමට නියමිත ආචාර ධර්ම පද්ධතිය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (24) ජාතික විධායක සභාවට ඉදිරිපත් කර ඇත.

එම ආචාර ධර්ම පද්ධතිය පිළිබඳ සාකච්ඡා කොට එය ඉදිරියේදී ඉදිරිපත් කිරීමට මෙම සභාවේදී තීරණ වී තිබේ.

ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු රටට අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කරන ලද ජාතික විධායක සභාව ඊයේ (24) මෙසේ ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී රැස් වී තිබුණි.

එහිදී තීන්දු තීරණ රැසක් ගෙන ඇති අතර ප්‍රධාන වශයෙන් සාකච්ඡා වී ඇත්තේ ජනාධිපති විධායක බලතල සංශෝධනය සහිත 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම පිළිබඳවය. ඒ අනුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය එළැඹෙන මාර්තු මාසයේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට මෙහිදී තීරණය කර ඇත.

ඊට අමතරව තොරතුරු දැනගැනීමේ පනතද එළැඹෙන මාර්තු මාසයේ අගදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය වී තිබේ. මෙහිදී සාම්පූර් ප්‍රදේශයේ විශාල ඉඩම් ප්‍රමාණයක් පෞද්ගලික ආයතන හරහා මිලදී ගෙන ඇති නිසා ඒවා මුල් අයිතිකරුවන්ට ලබා දීමටද අවධානය යොමු කර තිබේ.

අතුරුදන්වූවන් සහ අතුරුදන් වූ මාධ්‍යවේදීන් පිළිබඳ සොයා බැලීම සඳහා වෙනම විමර්ශන ඒකකයක් ආරම්භ කිරීමටද මෙම හමුවේදී තීරණය කර ඇත.

ඊයේ (24) පැවැති මෙම රැස්වීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහභාගි වී නැති අතර අනෙකුත් පක්ෂ නායකයින් වන ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය, මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය හා පක්ෂ නායකයෝ එක්ව සිටියහ.

ජාතික විධායක සභාව යළි ලබන අඟහරුවාදා රැස්වීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us