subash
බ්‍රිතාන්‍යය නියෝජ්‍ය මහකොමසාරිස් හා අජිත්.පී.පෙරේරා හමුවක්
බ්‍රිතාන්‍යය නියෝජ්‍ය මහකොමසාරිස් ලෝරා ඩේවිස් මහත්මිය සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ අජිත් පී පෙරේරා මහතා අතර හමුවක් එම අමාත්‍යාංශයේදී සිදු විය.
ආබාධයකට ලක්ව තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් වෙනුවට උපුල් තරංග ශ්‍රී ලංකා කණ්ඩායට එක්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවෙන් කළ ඉල්ලීමට අදාළ අවසරය ලැබී තිබේ.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපතිනිය වූ මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම දැනට සති දෙකකට පමණ පෙර දේශපාලන බලපෑම් හේතුවෙන් සේවයෙන් ඉවත් වූ පසු එම තනතුර නැවත නොපිරවීම නිසා ඉදිරි වසරේ විශ්ව විද්‍යාලයට ඇතුලත් කර ගැනීම් පමාවී ඇති බව වාර්තා වේ.
CSN රූපවාහිනිය මාර්තු මස 01දා සිට වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇතැයි වාර්තාවේ. ඒ අනුව මේවන විට සේවකයන් 30 දෙනෙකුට වන්දී ලබා දී අයතනයෙන් ඉවත් කිරීමද සිදුව තිබේ.
ආසියානු කුසලාන තරගාවලියේ තරග පාවාදීම නැවතත් කරළියට
2010 වසරේදී ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැති ආසියානු ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දීය තරග පාවාදීම් පිළිබඳව එල්ල වන චෝදනා විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත්කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙක් සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාට ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටියි.
වකුගඩු රෝග නිවාරණය සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ඉදිරි සතිය තුල පිහිටුවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේය.
අයිඑස් කැරලිකරුවෝ කිතුණුවන් පිරිසක් පැහැර ගනියි
ඉස්ලාමීය රාජ්‍ය හෙවත් අයිඑස් සටන්කරුවන් විසින් සිරියානු කිතුනුවන් 150 ක පමණ පිරිසක් පැහැර ගනු ලැබ තිබේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය යටතේ ජනාධිපති මන්දිරයේ 2014 නොවැම්බර් මාසයේ ජල බිල්පත සඳහා රුපියල් දහතුන්ලක්ෂ විසි හතර දහස් දෙසිය විසිහයයි ශත විසිහයක් (රු. 1,324,226.26) වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා ගෙන ඒමට නියමිත ආචාර ධර්ම පද්ධතිය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (24) ජාතික විධායක සභාවට ඉදිරිපත් කර ඇත.
'සිංහලකම රැකුණට බෞද්ධකම රැකෙන්නේ නැහැ. බෞද්ධකම රැකුණොත් පමණයි සිංහලකම රැකෙන්නේ. ඒ කියන්නේ සිංහලකම රැකෙන්නේ බෞද්ධකම මතයි. බෞද්ධයාට ජාතියක් නැහැ' යැයි හෑගොඩ විපස්‌සී හිමියෝ පැවසූහ.
