ආසියානු කුසලාන තරගාවලියේ තරග පාවාදීම නැවතත් කරළියට

Published in ක්‍රීඩා
Wednesday, 25 February 2015 10:44

2010 වසරේදී ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැති ආසියානු ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දීය තරග පාවාදීම් පිළිබඳව එල්ල වන චෝදනා විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත්කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙක් සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාට ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටියි.

තරග පාවාදීම පිළිබඳව විධිමත් විමර්ශනයක් කර නොමැති බවත්, එය දිග්ගැස්සෙමින් පවතින බවත් විධායක කමිටු සාමාජිකයා සඳහන් කළේය.

එසේම එම විමර්ශනය බාහිර පාර්ශ්වයන්ගේ බලපෑමකින් තොරව සිදුකිරීම සඳහා එය ක්‍රීඩා අමාත්‍යාංශය විසින්ම සිදුකරන ලෙසද එම සාමාජිකයා ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

බුකිකරුවන්ට සම්බන්ධ බව කියන කාන්තාවක් ඉන්දීය කණ්ඩායම දඹුල්ලේ රැඳී සිටි හෝටලයට ගොස් එහි ක්‍රීඩකයෙකු සිටි කාමරයට අතුළු වී තිබෙන බවට චෝදනා එල්ල වී තිබෙන අතර, එය එම හෝටලයේ තිබූ සී.සී.ටී.වී. දර්ශනවලින් ඔප්පු වූ බවත් පසුව වාර්තා විය. මේ සිදුවීම පිළිබඳව වාර්තාවක් සකස් කළත් එයට සිදුවූ දෙයක් මේ දක්වා වාර්තා වී නොමැත.

ක්‍රීඩා අමාත්‍යවරයාට ලිපියක් යොමු කරන විධායක කමිටු සාමාජිකයා වැඩිදුරටත් සඳහන් කරන්නේ දඹුල්ලේ සිදුවීමට අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ප්‍රකාශ ලබාගත යුතු බවයි.

අද

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us