ලෝක ක්‍රිකට් ක්‍රීඩා වෛද්‍ය සමුළුවේ ප්‍රධාන දෙසුමට මහාචාර්ය අර්ජුන

Published in ක්‍රීඩා
Monday, 23 February 2015 12:21

ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහී පැවැත්වෙන ලෝක ක්‍රිකට් ක්‍රීඩා වෛද්‍ය සමුළුවේ ප්‍රධාන දේශකයා ලෙස ජාතික තහනම් උත්තේජක ඒජන්සියේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සහභාගී වෙයි.

වසර 10ක කාලයකදී තහනම් උත්තේජක භාවිතය වැලක්වීමට හා ක්‍රීඩා වෛද්‍ය විද්‍යාවට කරන ලද විශිෂ්ට සේවය පිළිබඳ සලකා ශ්‍රී ලංකාවට මේ ආරාධනාව පිළිගන්වා ඇත. වසර 2012දී ශ්‍රී ලංකාවේ පැවැති විස්සයි-20 ලෝක ක්‍රිකට් තරගාවලියේදී කැපී පෙනෙන මෙහෙවරක් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ඇතුළු වෛද්‍ය මණ්ඩලය ඉටු කිරීමද මේ ආරාධනයට තවත් හේතුවකි.

තහනම් උත්තේජක පාලනයට සම්පාදනය කළ ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව වන අතර එහිදීද සිල්වා මහතාගේ දායකත්වය කැපී පෙනුණි.

ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදීද විශේෂඥ ‍භෞතචිකිත්සකයකු වූ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ලෝක ක්‍රිකට් ක්‍රීඩා වෛද්‍ය සමුළුවේ ප්‍රධාන දේශකයා ලෙස සහභාගිවන පළමු ශ්‍රී ලාංකිකයාද වේ.

පස්වැනිවරටත් පැවැත්වෙන මේ සමුළුව ලෝක ක්‍රිකට් ශූරතාවලිය අතරතුරදී අන්තර්ජාතික ක්‍රිකට් සමුළුවේ සහයෝගය මත සංවිධානය වේ. මාර්තු 25වැනිදා ඇරැඹෙන මේ වෛද්‍ය සමුළුව 27වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ලොව පුරා ටෙස්ට් වරම් දිනූ හා එම තත්ත්වය අපේක්ෂාවෙන් සිටින සියලු සාමාජික රටවල වෛද්‍ය විශේෂඥයින්, කායික වි‍ද්‍යාඥයින්, ශ්‍රාස්ත්‍රඥයින්, තෝරාගත් ගුරුවරු පිරිසක් හා සිසුන්ද මේ සමුළුවට සහභාගී වෙති.

ක්‍රිකට් ක්‍රීඩකයින්ට මුල් අවධියේ සිට ක්‍රීඩා සායනික කළමනාකාරිත්වය හා ක්‍රියාකාරිත්වය වැඩි කිරීමට අවශ්‍ය නිවැරදි ක්‍රමවේද පිළිබඳ මේ සමුළුවේදී සාකච්ඡා කෙරෙනු ඇත.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us