කොමිසමේ පු‍ටුව හිස්. සරසවි වරම් පමාවේ

Published in පුවත්
Wednesday, 25 February 2015 11:13

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපතිනිය වූ මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම දැනට සති දෙකකට පමණ පෙර දේශපාලන බලපෑම් හේතුවෙන් සේවයෙන් ඉවත් වූ පසු එම තනතුර නැවත නොපිරවීම නිසා ඉදිරි වසරේ විශ්ව විද්‍යාලයට ඇතුලත් කර ගැනීම් පමාවී ඇති බව වාර්තා වේ.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් 2014 වර්ෂයේ අපොස උසස් පෙළ විභාගයට මුහුණ දුන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් 2014/15 අදාළ ශිෂ්‍ය අත් පොත නිකුත් කිරීමට සැලසුම් කර අවසන් වුවත් ඉහත කරණය හේතුවෙන් එය ප්‍රමාද වන බව වාර්තා වේ. සාමාන්‍යයෙන් එම පොත මුද්‍රණයට පෙර කොමිසමක් මගින් අනුමත කිරීමක් සිදු වේ. නමුත් මේ වනතුරුත් සභාපතිවරයෙක් හෝ කොමිසමට අදාල නියෝජිතයන් පත් කර නොමැත.

උසස් අධ්‍යාපන ඇමති කබීර් හෂීම් මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටියි. එමෙන්ම උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රජීව විජේසිංහ මහතා දේශපාලන අතපෙවීම් හේතුවෙන් එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි පැවසේ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා පවසන්නේ විශ්ව විද්‍යාලයට ඇතුලත් කර ගැනීමේ අත් පොත නිර්මාණය කර අවසන් කර ඇති බව හා නව කොමිසමේ සාමාජිකයින්ගේ නිර්දේශය ලැබෙන තුරු සිටින බවයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us