subash

subash

මෙවර ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් නිෂ්පාදනය කළ විශිෂ්ට කවියකු වූ උපුල් සේනාධිරිගේ මහතා රචනා කළ ගීතය ආණ්ඩු පෙරළියත් සමඟ ඉවත් කොට වෙනත් නිර්මාණයක් ඒ සඳහා යොදා ගනිමින් තිබේ.

රණවිරු සේවා අධිකාරියේ නව සභාපතිණිය ලෙස අනෝමා ෆොන්සේකා මහත්මිය සහ උප සභාපති ලෙස උපුලාංගනී මාලගමුව මහත්මිය අද (23)දින සුභ මොහොතින් වැඩ බාරගත්හ. මෙම අවස්ථාවේදී ආබාධිත සෙබලුන් 4දෙනකුට ත‍්‍රීවීල් රථ පරි්ත්‍යාග කිරීමක්ද සිදුවිය.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහී පැවැත්වෙන ලෝක ක්‍රිකට් ක්‍රීඩා වෛද්‍ය සමුළුවේ ප්‍රධාන දේශකයා ලෙස ජාතික තහනම් උත්තේජක ඒජන්සියේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සහභාගී වෙයි.

ඡායාරූප නොදැනුවත්වම අපේ ජිවිතවල මතක සටහන් බවට පත්වෙනවා.

ස්වාධීන කොමිෂන් සභා පත්කිරීමේ කාර්යයේ ඉදිරි ගමන කෙ‍සේද, විධායක ජනපති ක්‍රමය සංශෝධනය කළ යුතු ද, අහෝසි කළ යුතු ද, අල්ලස් කොමිසමේ ක්‍රියාකාරීත්වය ඇතුළු ව වත්මන් දේශපාලන ක්ෂේත්‍රයේ සංවාදයට ලක් ව ඇති කරුණු කිහිපයක් පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සමඟ කළ කතාබහකි මේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුට සහය දුන් කණ්ඩායම් රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව දූෂණ, වංචා හා අපරාධ චෝදනා ‍රැසක් එල්ල කළ මුත් මෙම දූෂිතයින් අත් අඩංගුවට ගැනීමක් හෝ නීතිමය ක්‍රියා මාර්ගයක් තවමත් සිදු නොවීම සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගෙන් ලංකාඩේලී කළ විමසීමකදී ඔහු පැවැසූවේ අදාල වංචා දූෂණ සම්බන්ධයෙන් නිවැරදී සාක්ෂි සියල්ල ගොනු කර ගැනීමකින් තොරව අත් අඩංගුවට ගැනීමක් හෝ නඩු පැවරීමකදී එම දූෂිතයන්ට නිදහස් වීමේ ඉඩකඩ වැඩි බවය. මේ නිසා දුෂිතයන්ට නිසි දඬුවම් ලබා දීමට අවශ්‍ය සාක්ෂි සහිතව නීතිමය පියවර ගැනීම විය යුතු බවද ඔහු පවසයි.

පසුගිය සතියේ ජාතික එකාබද්ධ රජයේ වැඩි අවධානයට ලක්ව තිබුණේ ගෙවුනු පෙබරවාරි මස 4 වැනිදා ශ‍්‍රීජයවර්ධනපුර කෝට්ටේහි පාර්ලිමෙන්තු සංකීර්ණය අසල පැවැත්වුනු නිදහස් දින සමරුවට සහභාගීව සිටි ජනාධිපතිවරයාට හා අනෙකුත් සම්භාවනීය අමුත්තන්ට එල්ල කිරීමට සැළසුම් කර තිබී ඇතැයි කියන ප‍්‍රහාරයක් පිළිබඳවය.එම ප‍්‍රහාරය 1981 වසරේදී ඊජිප්තු ජනපති අන්වර් සදාත් ඝාතනය කෙරුණු පරිද්දෙන් දියත් කිරීමට තිබුණු බව සදහන් වන අතර එම ප‍්‍රහාරයේදී ආරක්ෂක රථ පෙළපාලියකට සහභාගීව සිටි ආරක්ෂක අංශ සාමාජිකයෝ කණ්ඩායමක් තම රථ වලින් බැසවිත් ජනාධිපතිවරයා ඇතුළු අමුත්තන්ට වෙඩි තබා ඔවුන් ඝාතනය කළහ.

මන්නාරම් ද්‍රෝණියේ ඩොරුඩෝ නම් ළිඳේ ගෑස් හමුවී ඇති බවත්, ඒවා තව වසර දෙකකින් එනම් 2018 වනවිට වාණිජ කටයුතු සඳහා ලබාගැනීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මීගමුවේ පිහිටි පෞද්ගලික හෝටලයක ඊයේ (22) සහ පෙරේදා (21) පැවති වැඩමුළුවේදී ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවී ඇති අතර, ඒ අනුව නව ජාතික ආණ්ඩුවේ ඇමැතිවරුන් සංඛ්‍යාව 45 දක්වා ඉහළ දැමීමටත් නියෝජ්‍ය ඇමැතිවරුන් 55ක් දක්වා වැඩි කිරීමටත් යෝජනා වී තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එළඹෙන මහ මැතිවරණයෙදී නාමයෝජනා ලබා දීම හෝ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයහෝ ලබා නොදිය යුතු බව ශ්‍රීලනීපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ අති බහුතරයකගේ මතය වී තිබේ.

Connet With Us