subash

subash

ලංකා ඉතිහාසයේ රාජ්‍ය අංශය සදහා වන වැඩිම පඩි වැඩිවීම අද දිනයේ සිදුවන බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.අද (25) පැවති වත්මන් රජයේ දින සියයේ ප්‍රගතිය පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අමතමින් ඔහු මේ බව සදහන් කළේය.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය එළැඹෙන හතරවැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද(25) නියෝග කළේය.

ගාමිණි අබේකෝන් ගේ ‘‘LINE POETRY’’ නමැති සිතුවම් ප්‍රදර්ශනය පෙබරවාරි 27 වන දින සවස 06.00 ට.Lional Wented කලාගාරයේ දී විවෘත වන අතර පෙබරවාරි 28 වන දින සිට මාර්තු 02 දක්වා උදැසන 08.30 සිට රාත්‍රි 08.30 දක්වා විවෘතව පවතී.

ශ්‍රී ලංකාවට පසුගිය කාලසීමාවේ ගෙන්වා පොහොර සහනාධාරය ලෙස බෙදාහැර ඇත්තේ තත්වයෙන් බාල පොහොර බව නවතම අන්තර්ජාතික පර්යේෂණ පත්‍රිකාවක් මගින් හෙළිදරව් කර ඇත. ඒ අනුව පොස්ෆේටේ වර්ගයේ පොහොරවල ඉතා අධික මට්ටමින් ආසනික් සහ අනෙකුත් විෂ සහිත බැර ලෝහ අඩංගු වේ.

නැගෙනහිර යුක්‍රේනයේබෙදුම්වාදී කැරලිකරුවන් යුක්‍රේන් හමුදාවට දිගින් දිගටම පහර දෙන බවට චෝදනා කරමින් යුක්‍රේන් බර අවි යුද පෙරමුණෙන් ඉවත්කර ගැනීම පොරොන්දු වූ පරිදි සඳුදා සිදු කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

සුපිරි වීරයන්ට අන්තිමට සිද්ධ වෙන්නෙ සෙල්ලම් බඩු වෙන්න. සිනමා තිරේදී මොන මොන වැඩ පෙන්නුවත් වීරයන්ට අන්තිමට වෙන්නෙ පොඩි ළමයින්ට ඕන ඕන විදියට හැසිරෙන්න.

ජනාධිපති කාර්යාලයේ හිටපු ප්‍රවාහන අධ්‍යක්ෂ කීර්ති සමරසිංහ දිසානායක මහතා ඇප මත නිදහස් කර තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් දූපත් සමූහයට අයත් ජැමෙයිකානුවකු වන ක්‍රිස් ග්‍රේල් ඊයේ ලෝක කුසලාන තරඟවලියකදී ක්‍රිකට් ක්‍රීඩකයෙකු විසින් ලබා ගත් ප්‍රථම ද්විත්ව ශතකය වාර්තා කිරීමට සමත් විය.

වාමාංශික නායකයෙකු ලෙස විමල්ට තමන් කසාද බඳින ලද්දේ වයස අවුරුදු 10ක පමණ වැඩිමල් ගැහැණියක් වීම ඔහුගේ අයිතිය බවත්,ඒ ගැන අන් කිසිවෙකුට ප්‍රශ්නයක් තිබිය නොහැකි බවත් මෙය ප්‍රසිද්ධියේ කිවහැකි කොන්දක් ඔහුට තිබිය යුතු බවත් සන්නස්ගල මහතා පැවසුවේය. 23දා කොළඹ පදනම් ආයතනයේ පැවති 'මිස්ටර් ප්‍රසිඩන්ට්'සංකල්පයේ විකාශය පිළිබඳ පැවති දේශනයක් අතරවාරයේ වත්මන් ලාංකීය තත්ත්වය නිදසුනකට ගනිමින් ඔහු මේ බව සඳහන් කළේය.

අපේ රටේ ජන සමාජයේ කතාවක් තියෙනවා විසෙන් විස නසන්න පුළුවන් කියලා. ඒක ඇත්තටම අපේ පාරම්පරික සිංහල වෙදකමේ යොදාගත් ප්‍රතිකාර ක්‍රමයක්. බටහිර වෛද්‍ය විද්‍යාව එය යොදාගත් අවස්ථාවක් ගැන කියන්නයි මේ සුදානම.

Connet With Us