විමල් බැන්දේ වයසක ගෑහැනියක් බව කියන්න විමල්ට කොන්දක් නෑ

Published in පුවත්
Wednesday, 25 February 2015 12:34

වාමාංශික නායකයෙකු ලෙස විමල්ට තමන් කසාද බඳින ලද්දේ වයස අවුරුදු 10ක පමණ වැඩිමල් ගැහැණියක් වීම ඔහුගේ අයිතිය බවත්,ඒ ගැන අන් කිසිවෙකුට ප්‍රශ්නයක් තිබිය නොහැකි බවත් මෙය ප්‍රසිද්ධියේ කිවහැකි කොන්දක් ඔහුට තිබිය යුතු බවත් සන්නස්ගල මහතා පැවසුවේය. 23දා කොළඹ පදනම් ආයතනයේ පැවති 'මිස්ටර් ප්‍රසිඩන්ට්'සංකල්පයේ විකාශය පිළිබඳ පැවති දේශනයක් අතරවාරයේ වත්මන් ලාංකීය තත්ත්වය නිදසුනකට ගනිමින් ඔහු මේ බව සඳහන් කළේය.

ශෂී වීරවංශ අත්අඩංගුවට ගැනු ලැබුවේ උප්පැන්න සහතිකය හොරට සෑදු නිසා බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අදහස් පළකරමින් ඔහු වැඩි දුරටත් පවසා සිටියේ මෙය ශෂී වීරවංශගේ ප්‍රශ්නයක් නොව විමල් වීරවංශගේ කොන්ද පිළිබඳ ප්‍රශ්නයක් බවයි.

නිදසුනක් ලෙස එලිසබෙත් ටේලර් වයස අවුරුදු 70 දී අවුරුදු 25 ක කොල්ලෙක් කසාද බැන්දත්,ඇය තමා වයස අවුරුදු 18 ක කෙල්ලක යයි උප්පැන්නය වෙනස් කර නොගත් බවත් ඔහු සිහිපත් කළේය.

ඇයට එල්ලවී ඇති චෝදනාව වන'කූඨ ලේඛන සැකසීම'සැබවින්ම වරදක් බවත්, එහෙත් එය සමාජ ක්‍රමයේම වරදක කොටසක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

කොළඹ රාජකීය විද්‍යාලයට ළමුන් ඇතුළත් කර ගැනීමට අදාළව චක්‍ර ලේඛයේ 3(1) වගන්තියට අනුව ළමුන් ඇතුළත් කරගත හැක්කේ පාසලට මීටර් 100 ක දුරින් සිටින ළමුන් පමණක් බවත්, එකී භූමි ප්‍රදේශයට අයත් වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස පමණක් බවත් ඔහු සඳහන් කළේය.ඒ නිසාම කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගන්නේ නම් රාජකීය විද්‍යාලයේ සිසුන්ගේ මව්පියන්ගෙන් 99%ක්ම අත්අඩංගුවට ගත යුතුව ඇති බව සන්නස්ගල මහතා අවධාරණය කළේය.

තමන්ගේ පිරිමි ළමුන් දෙදෙනා රාජකීය විද්‍යාලයට ඇතුළත් කිරීම සඳහා තමාද බුලර්ස් පාරේ ලිපිනයක් යොදාගෙන කූඨ ලේඛන සකස් කළ බවත් එහෙත් ඔවුන් අදාළ පාසලට අතුළත් කිරීමට නොහැකි වුණු බවත් ඔහු සදහන් කළේය.

මීට පෙරාතුව මහරගම ඩිපෝ අධිකාරීවරයා තමාගේ දැරිය කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් කිරීමට අයදුම් කළද එය නොලැබුණු නිසාවෙන් කොට්ටාව,හෝමාගම,අවිස්සාවේල්ලෙන් එන බස් රථ නැවැත්වීමට කටයුතු කළ බව ඔහු සඳහන් කළේය.

එදින විදුහල්පතිනිය ඩිපෝ අධිකාරීවරයාට කතා කොට බස් රථ නවත්වා ඇති බැවින් සිසුවියන් 400 කගේ පමණ පැමිණීමට බාධා එල්ලවී ඇති බවත් පෙන්වාදීමේදී ඩිපෝ අධිකාරීවරයා පවසා ඇත්තේ තමාගේ දියණිය මහරගම බැවින් පාසලට ඇතුළත් කර නොගත් බව හා ඊට එපිට පෙදෙස් වලින් එම විද්‍යාලයට සිසුවියන් පැමි‍ණීම කෙසේ අපේක්ෂා කරන්නද යනුවෙනි.

ඊට පසුදින ඩිපෝ අධිකාරීවරයාගේ දියණිය පාසලට ඇතුළත් කර ගැනීමට විදුහල්පතිනිය කටයුතු කළ බවද සන්නස්ගල මහතා අවධාරණය කළේය.


මේ නිසා මේ සමාජ ක්‍රමය තුළ වංචාව,දූෂණය පැතිර පවත්නා බවත්,5%ක් වැනි ඉතා සුළු පිරිසක් පමණක් එසේ නොවන නමුත් එම සුළු පිරිසද මහා පරිමාණය හමුවේ දියවී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.ලොව දියුණු රටවල සිටින්නේද හොරකම්,වංචා නොකරන හොඳ මිනිසුන් නොවන බවත්,ඔවුන් හොරකම් නොකරන්නේ එසේ කිරීමට අවස්ථාව නොලැබෙන පරිදි සමාජ ක්‍රමය සකස්වී ඇති එබැවින් බවත් කළ යුත්තේ එවන් සමාජ පසුබිමක් නිර්මාණය කිරීම බවද සන්නස්ගල මහතා සඳහන් කළේය.

එබැවින් ගෝත්‍රිකවාදී රාජ ආමන්ත්‍රණ වෙනුවට 'මිස්ටර් ප්‍රසිඩන්ට්'කියූ පමණින් සියල්ල වෙනස් වේයයි අපේක්ෂා කළ නොහැකි බව ඔහු පැවසුවේය. ඒ සඳහා අවශ්‍ය වන්නේ සමාජ ක්‍රමයේ වෙනසක් සිදුවන වැඩපිළිවෙළක් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us