ලංකා ඉතිහාසයේ වැඩිම පඩි වැඩි වීම අදයි- හර්ෂ(video)

Published in පුවත්
Wednesday, 25 February 2015 15:43

ලංකා ඉතිහාසයේ රාජ්‍ය අංශය සදහා වන වැඩිම පඩි වැඩිවීම අද දිනයේ සිදුවන බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.අද (25) පැවති වත්මන් රජයේ දින සියයේ ප්‍රගතිය පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අමතමින් ඔහු මේ බව සදහන් කළේය.

රාජ්‍ය සේවකයින්ගේ මූලික පඩිය වන රුපියල් 11,730ක වැටුප අනෙකුත් දීමනා සමග විසිපන් දසහස් හතලිහක් ලැබීමෙන් අනතුරුව අද දින සිට ලැබෙන රුපියල් පන්දහස සමග එක්වී රුපියල් තිස් දහසක් ඉක්මවූ මාසික පඩියකට රාජ්‍ය සේවකයන් හිමිකම් කියන බව ඉමහත් සතුන් ප්‍රකාශ කරන බව ඔහු පැවසුවේය.

පසුගිය ආණ්ඩුව සමයේ පැවති සුළු පිරිසකගේ සුඛ විහරණය සදහා සාමාන්‍ය ජනතාව මත බදු බර පැටවීම නිසා තුන්වේල සපයා ගත නොහැකි තත්වයට ජනතාව පත්වූ බවත් දින 100 වැඩපිළිවෙළ තුළින් සාමාන්‍ය ජනතාවට අතට දැනෙන,ඇගට දැනෙන,හදවතට දැනෙන සහ බඩට දැනෙන වෙනස්කම් ඇති කිරීමට හැකිතාක් පියවර ගෙන ඇති බව ඔහු සදහන් කළේය.මේ අනුව ගෘහස්ත ආදායම ඉහළ දැමීම පිළිබදව වැඩි අවධානයක් යොමු කරන බව හෙතෙම සදහන් කළේය.

මේ වන විට දින 100 තුළින් පොරොන්දුවූ කාරණා බොහෝමයක් ඉටු කර ඇති බවත් සහ ඉදිරි වැඩකටයුතු සදහා පියවර ගෙන ඇති බවත් ඔහු සදහන් කළේය.

harsha01

 

 

Last modified on Thursday, 26 February 2015 12:05

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us