ජනාධිපති කාර්යාලයේ අතුරුදහන් වාහන ගැන දන්න කෙනා Featured

Published in පුවත්
Wednesday, 25 February 2015 17:28

රාජපක්ෂ පාලන සමයේ ජනාධිපති කාර්යාලයේ හා අරලියගහ මැදුරේ වු අක්‍රමිකතා ‍රැසකටම වගකිව යුතු වූ පුද්ගලයා කිසිදු චෝදනාවකට යටත් නොවී තවමත් යහතින් නව පාලනය යටතේද සේවය කරමින් සිටින බව එහි සේවක සේවිකාවන් ලංකා ඩේලී වෙත පවසා සිටියහ.

ජනාධිපති ලේකම් කාර්යලයේ අතිරේක ලේකම් (පාලන) වශයෙන් කටයුතු කළ ඩී.එස්.ගුණරත්න මහතා සම්බන්ධයෙන් මෙලෙස චෝදනා එල්ල වෙයි.

විශේෂයෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් බව කියන අතුරුදහන්ව ඇතැයි කියන වාහන 750ක ට ආසන්න ප්‍රමාණය ගැන දන්න පුද්ගලයා වන්නේද මොහු බව සේවකයන් පවසයි.

එම කාර්යාලයේ වාහන සියල්ල බාරව සිට ඇත්තේ මොහු වන අතර ඒවා පවරා දුන් අය සම්බන්ධයෙන් වන ලියකියවිලි ඇත්තේද මොහු සතුව නමුත් මොහුගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න නොකෙරෙන්නේ කවර අන්දමේ යහපාලනයක් නිසා දැයි සේවකයෝ මවිතයට පත්ව සිටී.

එමෙන්ම මොහුට එරෙහිව තවත් චෝදනා ‍රැසක් එල්ල වී තිබෙණ අතර මුදල් අක්‍රමිකතා සම්බන්ධ චෝදනා ද වෙයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේදීද මොහු ජනාධිපති කාර්යාලයේ සේවය කර ඇති අතර එම හිතවත් කම් පාවිච්චි කර වත්මන් ආණ්ඩුව යටතේද ‍රැකියාව බේරා ගැනීමට ඔහු කටයුතු කළත් පසුගිය ජනාධිපතිවරණ සමයේදී රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය තකා ‍රැස්වීම පැවැත්වීමට පාරවල් ගානේ පත්‍රිකා බේදීමේ කටයුතු වලට පවා ඔහු ඉදිරිපත්ව සිටියේය.

පසුගිය ජනවාරී 05 වන දින ජනාධිපති ලේකම් කාර්යලයේ සියලු සේවකයන් කැඳවා රාජපක්ෂට ඡන්දය දියයුතු බවට බල කිරීමක්ද ඔහු විසින් සිදු කර ඇත. එමෙන්ම ඊට පසු දින එම සේවකයන් ‍රැගෙන ගොස් කො‍ටුව දුම්රිය පොළ ඉදිරිපිට පත්‍රිකා බේදීමද සිදු කරවා තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us