මහේස්ත්රාත්වරයා එම නියෝගය කළේ, ඇයට ඇප ඉල්ලා ඉදිරිපත් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් දෙපාර්ශවයේම කරුණුවලට සවන් දීමෙන් අනතුරුව ය.
වීරවංශ මහත්මිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා කරුණු දක්වමින් පැවසුවේ, ඇය කිසිදු සිදුවීමකට සම්බන්ධ නොමැති බව ය.
ඇය ඊයේ (24දා) අද (25දා) තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව ප්රධාන මහේස්ත්රාත්වරයා නියෝග කළේය.
ඇය මාලඹේ පෞද්ගලික රෝහලක සිට බන්ධනාගාර රෝහලට ඊයේ (24දා) මාරු කර යවනු ලැබීය.