රාජපක්ෂලාව අත්අඩංගුවට ගන්නේ නිදහස් කරන්න නෙවෙයි - හර්ෂ Featured

Published in පුවත්
Monday, 23 February 2015 11:29

පසුගිය ජනාධිපතිවරණ සමයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුට සහය දුන් කණ්ඩායම් රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව දූෂණ, වංචා හා අපරාධ චෝදනා ‍රැසක් එල්ල කළ මුත් මෙම දූෂිතයින් අත් අඩංගුවට ගැනීමක් හෝ නීතිමය ක්‍රියා මාර්ගයක් තවමත් සිදු නොවීම සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගෙන් ලංකාඩේලී කළ විමසීමකදී ඔහු පැවැසූවේ අදාල වංචා දූෂණ සම්බන්ධයෙන් නිවැරදී සාක්ෂි සියල්ල ගොනු කර ගැනීමකින් තොරව අත් අඩංගුවට ගැනීමක් හෝ නඩු පැවරීමකදී එම දූෂිතයන්ට නිදහස් වීමේ ඉඩකඩ වැඩි බවය. මේ නිසා දුෂිතයන්ට නිසි දඬුවම් ලබා දීමට අවශ්‍ය සාක්ෂි සහිතව නීතිමය පියවර ගැනීම විය යුතු බවද ඔහු පවසයි.

මේ සම්බන්ධයෙන් තමන් පසුගියදා අගමැතිවරයා සමඟ සාකච්ඡා කළ බවත් අගමැතිවරයා පවසා සිටියේ මේ දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා දූෂණ වංචා පි‍ටු දැකීම වෙනුවෙන් පිහිටවූ කමි‍ටුව විසින් අදාල දූෂණ වංචා සම්බන්ධයෙන් සාක්ෂි එකතු කිරීම සිදුකරමින් පවතින බවත් ඔහු පැවසීය.

එමෙන්ම තමන් විසින් පසුගිය කාලයේ හෙළිදරව් කරන ලද දූෂිත ගණු දෙනු පිළිබඳව තවදුරටත් කරුණු හෙළි කර ගැනීමට හැකියාව ලැබී තිබෙන බවත් ඒවා ඉදිරි දින කිහිපයේදී ප්‍රසිද්ධ කිරීමටද බලාපොරොත්තුවන බවත් ඔහු පැවැසීය. මේ අතර කිසිවකුත් මෙතෙක් නොදැන සිටි දූෂණ වංචා ‍රැසක්ද හෙළිවී තිබෙන බවද ඔහු පැවැසිය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us