යහපාලනයට ඇමැතිවරු 100 ක්. මැතිවරණය වසර 2 කට කල් යයි ?

Published in පුවත්
Monday, 23 February 2015 10:49

ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මීගමුවේ පිහිටි පෞද්ගලික හෝටලයක ඊයේ (22) සහ පෙරේදා (21) පැවති වැඩමුළුවේදී ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවී ඇති අතර, ඒ අනුව නව ජාතික ආණ්ඩුවේ ඇමැතිවරුන් සංඛ්‍යාව 45 දක්වා ඉහළ දැමීමටත් නියෝජ්‍ය ඇමැතිවරුන් 55ක් දක්වා වැඩි කිරීමටත් යෝජනා වී තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ මෙම ජාතික ආණ්ඩුව පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරි දින කිහිපය ඇතුළත ආණ්ඩුවට එකතු වීමට තීරණය කර ඇත.

ඔවුන් සඳහා ආණ්ඩුවේ ඇමැති ධුරයන්ද හිමිවීමට නියමිතය. ඒ සඳහා ආණ්ඩුවේ මුළු ඇමැති ධුර සංඛ්‍යාව 100 දක්වා වැඩි කෙරෙනු ඇත. මේ අනුව අප්‍රේල් 23 වන දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගෙන තිබූ තීරණය තව වසර 2 කට කල් දැමීම සිදුවනු ඇති බවටද මෙහිදී අදහස් පළ වී තිබේ.


නිමල් සිරිපාල ද සිල්වා, ඩිලාන් පෙරේරා, ජගත් පුෂ්පකුමාර, මහින්ද සමරසිංහ, රෙජිනෝල්ඩ් කුරේ, රාජිත සේනාරත්න, අතාවුද සෙනෙවිරත්න, එස්.බි. දිසානායක, ශාන්ත බණ්ඩාර යන මන්ත්‍රීවරුන් නව ජාතික ආණ්ඩුව පිළිබඳවත් මැතිවරණය කල් දැමීම පිළිබඳවත් මෙහිදී කරුණු පවසා ඇත.

කෙසේවුවද, මෙම යෝජනාව පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විරුද්ධවද සිටින බව වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us