බුද්ධි අංශ වලින් මෙම තොරතුරු ලබාගත් වහාම කි‍්‍රයාත්මකව ඇති ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඞී බස්නායක මහතා ජනපතිවරයාව දැනුම්වත් කිරීමටත්,එසේ ප‍්‍රහාරයක් එල්ලවුවහොත් එය මර්දනය කිරීමට ගතයුතු පියවර ගැන සාකච්ඡා කිරීමට ආරක්ෂක විශේෂඥයින් හා රැස්වීම් වට කිහිපයක්ම පැවැත්වීමටත් කටයුතු කර ඇත.
ප‍්‍රහාරයෙන් ආරක්ෂා වෙන්න කළ යුතු දේ ගැන එම රැස්වීම් වලදී දීර්ඝව සාකච්ඡා කෙරුණා යැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ ආරංචි මාර්ගයක් පැවසීය.කෙසේවෙතත් ලැබුණු අනතුරු ඇගවීමේ,ප‍්‍රහාරයෙන් ඉලක්ක කෙරෙන්නේ කවර පුද්ගලයින්ද,ප‍්‍රහාරය සැළසුම් කර ඇත්තේ කවුරුන්ද ආදී වැදගත් තොරතුරු කිසිවක් සදහන්ව නොතිබුනි.ප‍්‍රහාරය ගැන ලද තොරතුරු විශ්වාස කළ හැකි මට්ටමක තිබුණු බව පැවසීමට අමතරව ඒ සම්බන්ධ වැඩි තොරතුරක් පෙර සදහන් කළ රජයේ ආරංචි මාර්ගය හෙළි නොකළේය.
එම තොරතුරු ලැබුණු දිනයේ පටන් නිදහස් දින උළෙලේදී ආරක්ෂක කටයුතු දියත් කළ යුත්තේ කෙසේදැයි ආරක්ෂ විශේෂඥයින් සැළසුම් කරමින් සිටියද ඔවුන්ගේ වැඩකටයුතු සිතුවාට වඩා පහසුවන බවක් පෙනෙන්නට තිබුණේ ජනපති සිරිසේන 67 වැනි නිදහස් දින සමරුව වැඩි සංදර්ශනයක් නොමැතවි ඉතා චාම් හා සරලව පැවැත්වීමට තීරණයක් ගෙන තිබුණු හෙයින්ය.ආරක්ෂක අංශ සතු අවි බලය ප‍්‍රදර්ශනය කිරීම හා සමරුවට ඉහළින් ගුවන්හමුදාවට අයත් ප‍්‍රහාරක යානා පියාසර කරවීම අනවශ්‍ය යැයි ජනපතිවරයාගේ තීරණය විය.එමෙන්ම උත්සවයේ කටයුතු සදහා පාසැල් ළමුන් සියගණන් සහභාගී කරගැනීමටද ඔහු විරෝධය දැක්වීය.පසුගිය රජය මෙවර නිදහස් සමරුව පැවැත්වීමට සැළසුම් කර තිබුණේ රාජපක්ෂ ් ජන්ම භූමිය වන වීරකැටියේදීය.එම සැළසුම් වෙනස් කොට සමරුව පැවැත්විය යුත්තේ කොළඹ යැයි තීරණය කළේ නව ජනපතිවරයාය.
දිනය 1987 ඔක්තෝබර් මස 17 වැනිදාය.ඊජිප්තු ආරක්ෂක අංශ 1973 වසරේ දියත් කළ බදාර් මෙහෙයුම අනුස්මරණය කෙරෙන වාර්ෂික සැමරුම යෙදී තිබුණේ එදිනටය.යොම් කිප්පු යුද සමයේදී සූවස් ඇළ තරණය කර ඊශ‍්‍රායෙලය නොසිතූ අවස්ථාවක ඔවුන්ට ප‍්‍රහාරයක් එල්ල කළ ඊජිප්තු ආරක්ෂක අංශ සීනායි අර්ධද්වීපය අත්පත් කරගත්හ.මෙය හැදින්වුනේ බදාර් මෙහෙයුම ලෙසය.නමුත් ඇමරිකාව ඊශ‍්‍රායෙලයට ගුවනින් අවි හෙළීම නිසා සටන නැවතත් ඊශ‍්‍රායෙලයට වාසි සහගත වුනි.අවසානයේ ගැටුම් වලට විරාමයක් තබමින් ඊජිප්තු ජනපති සදාත් ඊශ‍්‍රායෙලය හා ගිවිසුමකට එළැඹියේය.මෙය සදාත්ගේ පෞද්ගලික ජයග‍්‍රහණයක් ලෙස සැළකෙන්නකි.වසර ගණනක් මෙම ජයග‍්‍රහණය සමරා අනතුරුව එළඹුනු එම දෛවෝපගත දිනයේදී සදාත් සිටියේ කයිරෝ අහසින් ඉහළට නැගෙන ප‍්‍රංශයේ නිශ්පාදිත මිරාජ් ජෙට් යානා සමූහයක් දෙ නෙත් යොමාගෙනය.එය නරඹමින් සිටි අතරේ ඔහු සිටි පීඨයට ඉදිරියන් ගමන් කරමින් තිබූ හමුදා රථයකින් භට පිරිසක් එළියට පැන්නෝය.අවි අමෝරාගෙන ජනපතිවරයා රැුදී සිටි පීඨය වෙත දිවගිය ඔවුහු ජනපතිවරයාවත්,අමුත්තන්වත් වෙඩි වරුසාවකින් නහවා අත්බෝම්බ කිහිපයක්ද එල්ල කළෝය.බරපතල තුවාළ ලබා සිටියද ජීවතුන් අතර සිටි ජනපති අසාද් වහ වහා රෝහල වෙත ගෙනගියද එම යන අතරමගදී ඔහු මියගියේය.
සේනාධිනායකයා ලෙසත් ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් බලතල හිමි ජනපති සිරිසේන ගෙවුණු සතියේ ආරක්ෂක අංශ වල මුල් පෙළ තනතුරු වලට නව පත්කිරීම් සිදුකිරීම ගැන තම අවධානය යොමු කළේය.ඔහුගේ පළමු පියවර වූයේ නව හමුදාපතිවරයෙකු පත්කිරීමයි.නව දිල්ලියේ සිට පැමිණ දින දෙකක් ගතවීමේදී නව හමුදාපතිවරයෙකු නම් කිරීමට ජනපති සිරිසේන සමත්වූවේය.තනතුර සදහා කවරෙකු තෝරාගත යුතුදැයි නව රජයේ ඇමතිවරුන්ගෙන්ද විශේෂයෙන් තිස් වසරක සිවිල් යුද්ධය ජයග‍්‍රහණය කරා ගෙන ගිය හිටපු හමුදාපති හා දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතාගෙන්ද ඔහු විමසීය.එම සියලූදෙනාගේ අදහස්ද සැළකිල්ලට ගත් ජනපතිවරයා අවසානයේ තීරණයක් ගත්තේය.ඒ අනුව යුධ හමුදාවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන මේජර් ජෙනරාල් කි‍්‍රෂාන්ත ද සිල්වා නව හමුදාපතිවරයා ලෙස පත්කරනු ලැබුණි.කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහුට හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා හෙයින් හමුදාපති තනතුර ලබාදිය යුතුව තිබුණද පසුගිය රාජපක්ෂ රජය එය මගහැර රුසියාවේ ශී‍්‍රලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපතිවරලා ලෙස සේවය කිරීමට ඔහු එරටට යවා තිබුණි.වර්තමානයේ හමුදාපති තනතුර හොබවන්නේ ලූතිනන් ජෙනරාල් දයා රත්නායකය.ආරක්ෂක අංශයන්හි මුල්පෙල තනතුරු වල නව පත්කිරීම්ද ඉතාම ඉක්මනින් සිදුවනු ඇත.
නව හමුදාපති නම් කිරීම සිදුවන විට හමුදාවේ ඇතැම් තනතුරු වලට නව පත්කිරීම් සිදුකරද අවසානය.පසුගිය 16 වැනිදා සිට ලබාදුන් මෙම නව පත්වීම් අතර සිටින බහුතරය සරත් ෆොන්සේකා මහතා ඉතාම සමීපව ඇසුරු කළ පුද්ගලයින් වීම විශේෂයකි.ඔවුන් අතරින් ප‍්‍රධාන වන්නේ වන්නි කලාපයේ නව ආඥාපති ලෙස පත්කර සිටින මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරය.බුද්ධි අංශ ප‍්‍රධානියා ලෙස පත්කර සිටි ඔහුව පසුගිය රජයේ අණින් ඊජිප්තුව වෙත යවා තිබුණි.එරට සිට අප‍්‍රිකා මහද්වීපයේ අන්තයේ පිිහිටන රටක් වන එරිති‍්‍රයාවේ කටයුතු නිරීක්ෂණය කිරීම ඔහුගේ වගකීම විය.මෙසේ එක් රටක සිට තවත් රටක් ගැන ඇස ගසා සිටීමට ඔහුට සිදුව තිබුණේ එරිති‍්‍රයාව හා රාජ්‍ය තාන්ති‍්‍රක සබදතා ඇතිකරගැනීමේ වුවමනාව ශී‍්‍රලංකා රජයට තිබුණද කොටි සාමාජිකයින්ගේ සහය ලබන බව කියන එරිති‍්‍රයා පාලනය හිමි අස්මාරා රජය එනිසාදෝ ශී‍්‍රලංකාවේ නිළධරයෙක් තම රටට පිළිගැනීම ප‍්‍රතික්ෂේප කළ නිසාය.
2009 වසරේදී තමන් ජනපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වනවා යැයි සරත් ෆොන්සේකා මහතා නිවේදනය කළ විට මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සොයා පැමිණි රහස් පොලිසිය සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් දියත් කිරීමට යන පරීක්ෂණ කටයුතු වලට ඔහුගේ සහය ඉල්ලා සිටියේය.එම ඉල්ලීම් සියල්ල තරයේ ප‍්‍රතික්ෂේප කිරීමට මේජර් ජෙනරාල් කරුණාරත්න කටයුතු කළේය.නව පත්වීම් ලැබූ අනෙකුත් නිළධාරීන් අතර යුධ හමුදා ලේකම් ලෙස පත්ව සිටින මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හා මෙහෙයුම් අධ්‍යක්ෂක ලෙස පත්කර සිටින බි‍්‍රගේඩියර් ඞී.සී.කැප්පෙටිවලාන ආදීහු ප‍්‍රධානය.මෙම නිළධරයින් දෙදෙනාත් නව පත්වීම් ලැබූ අනෙක් මේජර් ජෙනරාල්වරුන් සිව්දෙනා,බි‍්‍රගේඩියර්වරුන් සිව්දෙනා,කර්නල්වරයා,ලූතිනන් කර්නල්වරයා හා කපිතන්වරු දෙදෙනා ඇතුලූ 14 දෙනා හිටපු රාජපක්ෂ රජයේ නියමයෙන් විශ‍්‍රාම යවා තිබුණු පුද්ගලයින් වීම විශේෂය.ඉතිහාසයේ කිසිදු අවස්ථාවක නොවූ අයුරින් මෙසේ මෙම නිළධාරීන් පිරිස විශ‍්‍රාම යැවීමට රාජපක්ෂ රජය 1992 හමුදා නිළධාරීන්ගේ රෙගුලාසි පත‍්‍රය භාවිතයට ගෙන ගත්තේය.එයට අනුව හමුදා නිලධාරියෙක් කිසියම් අනිසි කි‍්‍රයාවක යෙදුනු බවට චෝදනා ලැබ හෝ ජනපතිවරයාගේ අවධානයට යොමු කෙරෙන නීති විරෝධී හෝ රාජ්‍ය විරෝධී කටයුත්තකට හවුල්ව සිටින්නෙක් බව සදහන් වුවහොත් තම නියමයෙන් එම නිළධාරියා විශ‍්‍රාම යැවීමට හෝ සේවයෙන් පහකිරීමේ බලතල ජනපතිට හිමිය.එල්.මෙසේ විශ‍්‍රාම යැවෙන නිළධාරීන්ට ඔවුන්ගේ විශ‍්‍රාම වැටුපද අහිමිය.1999 වසරේදී එල්.ටී.ටී.ඊ සංවිධානයට හමුදා කදවුරු කිහිපයක් අත්පත් කර ගැනීමට අවස්ථාව ලබා දෙමින් දුර්වලව යුධ මෙහෙයුම් කටයුතු සිදුකළ හමුදා නිළධාරීන් කිහිපදෙනෙකට එරෙහිවද මෙම බලතල භාවිතයට ගැණිනි.
අලූත පත්කෙරුණු මෙම නිළධාරීන්ගෙන් දස දෙනෙක්ම විදේශයන්හි සිට නැවත මෙරටට පැමිණීයේ ජනපතිවරණය අවසන්වූවායින් පසුවය.සරත් ෆොන්සේකා මහතා මැදිහත්ව ඔවුන්ට නව ජනපති සිරිසේන හමුවීමට අවස්ථාව සළසා දුන් අතර ඔවුන්ව නැවත ධූරයන්හි පිහිටුවන්නටත් ඔවුන්ට හිමි දීමනා හා වරප‍්‍රසාද ලබාදෙන්නටත් ජනපතිවරයා අදාළ අංශ වලට නියෝග කළේය.යාපනය ආරක්ෂක සේනා අධිපති ලෙස මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත හා නැගෙනහිර අණදෙන්නා ලෙස මේජර් ජෙනරාල් ජානක වල්ගම පත්කිරීම නව පත්කිරීම් අතර තවත් ප‍්‍රධාන තනතුරු වෙනස්වීම් දෙකකි.
හමුදා බුද්ධි අංශයට සිදුකෙරෙන නව පත්කිරීම් ගැන මෙතෙක් සදහනක් නොමැත.ගෙවුනු සමයේ එක් බලඇණියක සිට බල ඇණි 7 ක් දක්වා වර්ධයව තිබෙන හමුදා බුද්ධි අංශය සම්බන්ධයෙන් ලැබී තිබෙන වාර්තාද එතරම් යහපත් නොවේ.උතුරු හා නැගෙනහිර කලාපවල ජනජීවිතයට බාධා ගෙනදෙන අයුරින් මෙහෙයුම් කටයුතුවල යෙදුණු බවට ඊට චෝදනා නැගී තිබේ.පොලිස් නිළධාරීන්ගෙන් සැදුම්ලත් රටේ ප‍්‍රධාන බුද්ධි අංශය වන සිවිල් බුද්ධි අංශයේ වගකීම් හා වැඩරාජකාරි හමුදා බුද්ධි අංශය තමන් අතට පවරාගෙන සිටි බවටද චෝදනා නැගී ඇත.පිරිස් බලය අතින්ද දැන් හමුදා බුද්ධි අංශය සිවිල් බුද්ධි අංශයට වඩා ශක්තිමත්ය.මේ සියල්ල සැලකූ විට රටේ නිල බුද්ධි සේවය වන සිවිල් බුද්ධි අංශය දැනට සිටින්නේ හමුදා බුද්ධි අංශය හමුවේ දෙවැනි තැනට වැටීය.
පොලිස්පතිගේ නියෝගය
ආරක්ෂක අංශ වල තත්ත්වය තවදුරටත් වර්ධනය කිරීම නව රජයේ අපේක්ෂාවයි.මේ සදහා ආසියා කලාපයේ මෙන්ම බටහිර රටවලද පැවැත්වෙන පුහුණු වැඩටහන් වලට ආරක්ෂක අංශ සාමාජිකයින් සහභාගී කරවීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.පොලිස් දෙපාර්තමෙන්තුවද අමතක කර නොමැති රජය ශක්තිමත් හා හොදින් සංවිධානය වූ පොලිස් සේවයක් රටේ ඇතිකිරීමේ වැදගත්කම වටහාගෙන සිටී.දේශපාලඥයින්ගේ හෝ වෙනත් බලවත් පුද්ගලයින්ගේ මැදිහත්වීකින් තොරව රටේ ජනතාවට නියමාකාරව සාධාරණය ඉටුකර ගත හැකි ස්වාධීන ආයතනයක් බවට පොලිසිය පත්කිරීම රජයේ ඉදිරි වැඩකටයුතු ලැයිස්තුවේ ඉහළින්ම තිබෙන්නකි.කෙසේවුවත් එය ලෙහෙසි පහසු කටයුත්තක් නම් නොවනු ඇත.ගෙවුනු අවුරුදු කිහිපය සැළකීමේදී පොලිසිය තරම් චෝදනා ලැබූ,අයථා ගනුදෙනු සිදුවූ,අදමිටු පාලකයින්ගේ බලයට හසුවූ වෙනත් ආයතනයක් නොමැති තරම්ය.
කාලය ගෙවී පොලිසියේ ව්‍යුහය මේ වන විට සකස්ව ඇත්තේ එහි සිටින දේශපාලන රැුකවරණය ලබන කුඩා කණ්ඩායමකට මුල් පුටුවල නිළධාරීන්ගේ නියමයටත් ඉහළින් කටයුතු කිරීමට හා ඇතැම් අවස්ථාවල දේශපාලන බලය භාවිතා කර ඉහළ නිළධාරීන් ගන්නා තීන්දු තීරණ බලහත්කාරයෙන් වෙනස් කිරීමේ හැකියාවද ලබාදී ඇති පරිදිය.මෙම දේශපාලන බලපෑම් නිසා තම රාජකාරි නිසි පරිදි සිදුකරගෙන යෑමට ඉහළ නිළධාරීන්ට නොහැකි තත්ත්වයක් මතුව තිබේ.අනෙක් පසින් පොලිසියේ ඉහළ නිළධාරීන්ම තම සගයින්ට චෝදනා කරමින් සිටී.පොලිසියෙන්ම තෝරාගත් කණ්ඩායමක් තම සිතැගි පරිිදි මෙහෙයමින් සිටින බවත් එම කණ්ඩායමේ සිිටින පුද්ගලයින්ට විශේෂ සැළකිලි දක්වන බවත් කියමින් එම නිළධාරීන්ට චෝදනා නගන්නේ ඔවුන්ගේම සගයින්ය.
මේ සියල්ල සැලකූ විට පෙනෙන කරුණ වන්නේ මේවාට විසදුම් සෙවිය යුතුවන්නේ පොලිසියෙන්ම පමණක් නොවන බවය.පොලිසියේ ඇති මෙම ගැටලූවට පිළියම් යොදා නිළධාරීන් අතර තිබෙන බල අරගල වලින් ඔවුන් වෙත සරණ පතා පැමිනෙන සාමාන්‍ය ජනතාව පීඩාවට පත්වීම වැළැක්වීම නව රජයේ වගකීමකි.එමෙන්ම දින 100 යේ සැළැස්ම කි‍්‍රයාවට නැංවීමටත් ජනතාවට දුන් පොරොන්දු ඒ ආකාරයටම කි‍්‍රයාත්මක කිරීමටත් නව රජය වගබලා ගත යුතුය.
පොලිසිය සම්බන්ධ ඉදිරි වගකීම් වලින් වැඩි කොටසක් රැුදී ඇත්තේ වත්මන් පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා අත බව සත්‍යයකි.පොලිස් නිළධාරීන්ට මහජන සාමය,ආපදා කළමණාකරන හා කි‍්‍රස්තියානි කටයුතු අමාත්‍යංශය වෙත නොයන්නයැයි නොයන්නයැයි මින් පෙර අවස්ථාවකදී ලබාදී තිබුණු නියෝගයක් ඔහු මෙම මසදී අලූත් කළේය.පසුගිය 14 වැනිදා නිකුත් කෙරුණු නවතම චක‍්‍රලේඛයේ එය සදහන්ව තිබුණේ මෙලෙසය.
මහජන සාමය,ආපදා කළමණාකරන හා කි‍්‍රස්තියානි කටයුතු අමාත්‍යංශයට විවිධ අවස්ථාවන්හිදී ඇතැම් පොලිස් නිළධාරීන් පොලිසි මූලස්ථානයේ අවසරයකින් යෑම් ඊම් කරන බවට තොරතුරු අනාවරණයව තිබේ.එසේ කිරීම එම අමාත්‍යංශයේ කටයුතු වලට හා පොලිස් මූලස්ථානයේ කටයුතු වලට මහත් බාධාවකි.
මේ සම්බන්ධයෙන් එම අමාත්‍යංශය භාර අමාත්‍යවරයාගේද අවධානය යොමුව තිබෙන අතර පොලිස්පතිවරයාගේ අවසරයක් නොමැතිව පැමිණෙන පොලිස් නිළධාරීන් හට අමාත්‍යංශට ඇතුල්වීම තහනම් කරමින් නියෝගයක් ලබාදී තිබේ.එහි යෑමට අපේක්ෂා කරන පොලිස් නිළධාරියෙකුවේනම් ඒ සදහා පොලිස්පතිවරයාගේ අවසරය ලබාගත යුතුය.
විශේෂ රැස්වීමකට සහභාගී වන්නැයි කිසියම් පොලිස් නිළධාරියෙකුට අමාත්‍යංශයෙන් කැදවීමක් ලැබුණහොත් එම නිළධාරියා වහාම පොලිස්පති දැනුම්වත් කිරීම සිදුකර අවශ්‍ය අවසරය ලබාගත යුතුය.අමාත්‍යංශයේ කටයුතු නිමවීමෙන් පසු එහිදී සිදුවූයේ කුමක්දැයි සදහන් වාර්තාවක් පොලිස්පති වෙත ලබාදිය යුතුය.
පොලිස්පතිගේ මෙම නියෝග රජයේ ඇතැම් පාර්ශව වල අවධානයට යොමුව තිබේ.
පොලිසිය අයිති වෙන්නෙත් මහජන සාමය,ආපදා කළමණාකරන හා කි‍්‍රස්තියානි කටයුතු අමාත්‍යංශයට.අමාත්‍යවරයා තමයි ඉහළින්ම සිටින්නේ.එත් පොලිස්පතිවරයාගේ මේ නියෝගය නිසා අමාත්‍යවරයාට සිදුවෙනවා පොලිස් නිළධාරියෙකු හදිසි රැුස්වීමකට වගේ කැදවා ගැනීමට වුවමනා වුවහොත් ඒකට පොලිස්පතිගේ අවසරය ලැබෙනකන් බලාගෙන ඉන්න.
යැයි මෙම තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමට අවසර නොතිබුණු රජයේ ජේ්‍යෂ්ඨ නිළධරයෙක් නම්ගම් හෙළිනොකිරීමේ පදනමේ පිහිටා පැවසීය.
අමාත්‍යංශය වෙත පොලිස් නිළධාරීන් එන්නේ උසස්වීම්,ස්ථාන මාරුවීම් වගේ පෞද්ගලික වුවමනා එපාකම් ඉදිරිපත් කරන්න නම් ඒ වගේ පුද්ගලයින් මුලින්ම අදුනගන්න එක පොලිස්පතිගේ වැඩක්.එහෙම නැතුව මේ විදිහට පොලිසියේ ඔක්කොම සැක කරන එක වැරදියි.පොලිසිය අමාත්‍යංශය පාලනය කරන්න යනවා.මේක රජය ඉදිරියේ සිදුකරන්න ඉන්න කටයුතු වලට බාධාවක් වෙන්න පුලූවන්. ඔහු වැඩිදුරටත් කීය.
ජනවාරි මස 8 වැනිදා පැවැත්වුනු ජනපතිවරණ ඡුන්ද විමසීමට දින කිහිපයකට ඉහතදීද මෙවන් ආන්දෝලනාත්මක තත්ත්වයක් පසුගිය රජය සමයේ ඇතිවුනි.එදවස නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්ව සිටි හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතාත් මෙවැනිම නියෝගයක් නිකුත් කිරීම ඊට හේතුවිය.
දූෂණයට එරෙහිව වංචාව හා දුෂණය පිටුදකින බව නව රජය ජනතාවට දුන් ප‍්‍රධානම පොරොන්දුව විය.පසුගිය රජය සමයේ වැරදි ගැන ජනාධිපතිවරණ වේදිකාවේ පුනපුනා පැවසුවද ජයග‍්‍රහණයෙන් පසු එම චෝදනා සම්බන්ධව සිදුකෙරෙන විභාග ගොලූබෙලි ගමනින් යමින් තිබීම රටේ ජනතාවගේ වැඩි මනාපයට හේතුවී නොමැත.රජය නැවත නැවතත් කියන්නේ මෙම චෝදනා වංචාව හා දුූෂණය සම්බන්ධයෙන් නැගී තිබෙන හෙයින් ඒවා විභාග කළ යුත්තේ නිසි ක‍්‍රමවේදයකට අනුව බවය.ඒ සදහ අධිකරණ කි‍්‍රයාමාර්ගයක් භාවිතා කළ යුතුයැයිද සැබෑ යහපාලනයක් දැකගත හැකිවන්නේ එවිටයැයිද රජය පවසන්නේය.නමුත් පසුගියදා නුගේගොඩදී පැවති රාජ්‍ය විරෝධී රැුලියේදී රජයේ මෙම පිළිවෙත දැඩිව විචේචනය කෙරුණි.නව රජයේ නායකයෝ ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති පුතුන්ගේ ලැම්බෝර්ගිනි මෝටර් රථ ගැනත්,පිටරටින් ගෙනආ අශ්වයින් ගැනත් කතා කීවත්,එතනෝල් මුදලාලිලා ගැන කීවත්, ජයග‍්‍රහණයෙන් මසක් ගතව තිබෙන තැන එම චෝදනා නිකන්ම පුස්සක් බවට පත්ව තිබෙන බවද,නිදහසට කරුණු ඉදිරිපත් කරමින් සිටින රජය එම චෝදනා විභාග කිරීම කර කරිමින් සිටින බවද එදින වේදිකාවේ කතාකළ කථිකයෝ කීහ.එම නැගූ චෝදනා කටට ආවක් ලෙස කිීවේද නැතිනම් පදනමක් ඇතිව කීවේද යැයි ඔවුහු විමසූහ.
කෙසේනමුත් දුූෂණයට එරෙහි සටනේ ඉතාම වැදගත් පියවරක් සනිටුහන් කරමින් දුූෂණ මර්දනය සදහා වන ලේකම් කාර්යාලයක් පසුගිය බ‍්‍රහස්පතින්දා බම්බලපිටියේදී පිහිටැවුනි.එහි අධ්‍යක්ෂක ලෙස පත්ව සිටින්නේ පුද්ගල පුනරුත්ථාපන,දේපළ හා කර්මාන්ත අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ආනන්ද විජේපාල මහතාය.නීතිපති කාර්යාලයෙන්,අල්ලස් හා දුූෂණ විමර්ෂණ කොමිසමෙන්,පොලිස් දෙපාර්තමෙන්තුවෙන් මෙම ලේකම් කාර්යාලයේ සේවයට විශේෂ සම්බන්ධීකාරකවරු පත්ව සිටින අතර රජයේ වෙනත් ආයතන නියෝජනය කරමින් තවත් එක් පුද්ගලයෙකුද පත්ව සිටී.මෙම පුද්ගලයින් කණ්ඩායම නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් ලෙස හැදින්වෙනු ඇත.කාර්යාලයේ අනෙකුත් වැඩකටයුතු සදහා ගණකාධිවරුන් වැනි වෙනත් වෘත්තිකයින්ද බදවා ගෙන තිබේ.
දුෂණ හා වංචා ගැන තමන්ට තිබෙන ඕනෑම පැමිණිල්ලක් මෙම ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමට රටේ ජනතාවට හැකිය.කාර්යාලයේ අධ්‍යක්ෂක මණ්ඩලය එම ලැබෙන පැමිණිලි විමර්ෂණය කර ඒවා විභාග කිරීමට අදාළ ආයතනයන් වෙත එම තොරතුරු යැවීම සිදුකරනු ඇත.සෑම සති දෙකකටම වරක් එසේ තොරතුරු යැවුනු ආයතනයන් එම තොරතුරු සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකරන්නේද,එසේ සිදුවන්නේ නම් ඒවායේ ප‍්‍රගතිය කෙසේද,ආදිය ගැන ලේකම් කාර්යාලය විමසනු ඇත.
මෙම නව යාන්ත‍්‍රණය සකස් කිරීමේ ගෞරවය හිමිවිය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හටය.ජනපතිවරයා හා අගමැතිවරයා හා දිගටම සබදතා පවත්වාගත් ඔහු බරපතල ගණයේ නීතිවිරෝධී මුදල් ගනුදෙනු ,රජයේ මුදල් හා දේපළ අයථා ලෙස භාවිතා කළ අවස්ථා, ආදිය ගැන විමර්ෂණය කිරීමට නව ලේකම් කාර්යාලයක් හා පොලිස් මුූලස්ථානයේ වෙනම අංශයක් පිහිටුවීමේ වැදගත්කම ඔවුන් දෙපළට නැවත නැවතත් පෙන්වා දුන්නේය.ලේකම් කාර්යාලයේ කළමණාකරණ කටයුතු සදහා අනුයුක්ත කිරීමට රාජ්‍ය සේවයේ නියැළෙන ජේ්‍යෂ්ඨ නිළධාරීන් පිරිසක් ඔහුම මැදිහත්ව තෝරාදී ඇත.
මිට අමතරව පසුගිය පාර්ලිමෙන්තු රැස්වීම් වලදී ඔහු නව රජයේ දුූෂණ මර්දන වැඩපිළිවෙල ගැන ඒ සෑම අවස්ථාවකදීම විමසමින් නිසි පරිදි දුෂණ විමර්ෂණ කටයුතු සිදුකරන්නට රජය මෙහෙයවූවේය.ඔහුගේ මේ කි‍්‍රයාන්විතය නිසා දුූෂණ චෝදනා ලැබ සිටින ඇතැම් පුද්ගලයෝ ඔහුව හමුවීමට විශේෂ දුූතයින්ව එවමින් ඔවුන්ගේ පැත්තට කරුණු දක්වන මෙන් ඉල්ලා සිටි අවස්ථා කිහිපයක් ගැන තොරතුරුද පසුගිය දින කිහිපයේදී වාර්තා විය.ඔවුන්ට පිළිතුරු දී තිබෙන අනුර කුමාර මහතා පවසා ඇත්තේ හොදම දෙය ඔවුන්ගේ පැත්ත ගැන ඔවුන්ම රටට කීම බවය.තමන් තමන්ගේ පැත්තේ සිට කරුණු කියන බව ඔහු කියා ඇත.ජනපතිවරයා මුලසුන දැරූ ජාතික විධායක කවුන්සිලයේ පසුගියදා පැවැති හමුවේ ප‍්‍රතිඵලයක් ලෙස මේ වන විට රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රධානීත්වය දරන දුූෂණ මර්දන කොමිසමක්ද පත්ව සිටී.ජාතික විධායක කවුන්සිලයේ මෙන්ම මෙම නව දුෂණ මර්දන කොමිසමේද සාමාජිකත්වය අනුර කුමාර දිසානායක මහතාට හිමිය.
කැබිනට් මණ්ඩලයට විශේෂ සංදේශයක් ඉදිරිපත් කළ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දුෂණ මර්දන කමිටුවේ කාර්යභාරය පැහැදිලි කළේය.පසුගිය රජය සමයේ සිදුවනු බවට චෝදනා නැගී ඇති මහා පරිමාන දුෂණ වංචා පිළිබද සොයාබැලීමත්,එම කටයුතු වලට හවුල්වූවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමත්,ඉදිරියේදී එවැනි ගනුදෙනු වල නියැළීමට ඇති ඉඩ නව නීති හදුන්වාදීම මගින් අවහිර කිරීමත් කමිටුවට පැවරී තිබෙන රාජකාරියයි.සංදේශයේ සදහන්ව තිබූ අන්දමට මේ වෙනුවෙන් පිහිටුවා තිබෙන දුෂණ මර්දන ලේකම් කාර්යාලයේ මූලික මෙහෙයුම් කටයුතු සදහා දැනට රුපියල් ලක්ෂ 75 ක මුදලක් වෙන් කර ඇත.අංක 101 ආර්.ඒ.ද මැල් මාවත කොළඹ 03 යන ලිපිනයේ පිහිටා තිබෙන මෙම කාර්යාලයට වෙත යන ඕනෑම කෙනෙකුට වංචාවක් හෝ දුෂණයක් ගැන තොරතුරු තමන් සතුව ඇත්නම් ඒවා භාරදිය හැකිය. හෙට (23) දිනයේ සිට මෙම කාර්යාලයේ වැඩකටයුතු ඇරඹෙනු ඇති අතර ජනතාවට තම තමන්ගේ පැමිණිලි භාරදිය හැකි බවට නිල පණිවුඩයක් ඒ සමගම නිකුත් කෙරෙනු ඇත.
දුෂණ මර්දන ලේකම් කාර්යාලය හා එක්ව කටයුතු කරනු ඇති ප‍්‍රධානතම ඒකකය වනු ඇත්තේ බරපතල ගණයේ නීති විරෝධී මුදල් ගනුදෙනු,රාජ්‍ය මුදල් හා දේපළ අයථා ලෙස භාවිතා කිරීම් ආදිය ගැන සොයාබැලීමට පත්කර සිටින විශේෂ පොලිස් ඒකකයයි.මෙම ඒකකයේ ප‍්‍රධානීයා වන්නේ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර මහතාය.වසර 35 ක අත්දැකීම් ඇති පරිණත පොලිස් නිළධාරියෙකු වන ඒ මහතා නිීතිඥවරයෙක්ද වේ.තම සේවා කාලය පුරාවට පොලිසියේ විවිධ තනතුරු
හොබවා ඇති ඔහු වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව භාරවද කටයුතු කර ඇත.ඔහු යටතේ මෙම ඒකකයට සහයක අධ්‍යක්ෂකවරුන් 6 දෙනෙක්,ප‍්‍රධාන පොලිස් පරීක්ෂකයින් 10 දෙනෙක්,පොලිස් සාජන්වරු 20 දෙනෙක් හා පොලිස් කොස්තාපල්වරු 40 දෙනෙක් අනුයුක්ත කර සිටිති.
නමුත් මෙම ඒකකයට මේ දක්වාම මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට හැකිව නොමැත.එම කටයුතු ආරම්භ කිරීම සදහා නිසි ගොඩනැගිල්ලක් මේ දක්වාම සොයාගත නොහැකිව තිබීම එයට හේතුවයි.සුදුසු ගොඩනැගිල්ලක් තෝරාගෙන දීමේ වගකීම පැවරී තිබෙන්නේ හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක සමයේ ආරක්ෂක ලේකම්වරයා වූ අද දිනයේ වත්මන් ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදේශකයෙකු වන තිලකරත්න රවිරාජා හටය.
මූල්‍යමය අපරාධ විමර්ෂණ දෙපාර්තමෙන්තුව යැයි නම් කෙරී ඇති මෙම නව ඒකකයට පැවරී ඇති රාජකාරි වන්නේ,
x බරපතල ගණයේ මූල්‍යමය අපරාධ හා දැනට කි‍්‍රයාත්මකව පවතින විසල් සංවර්ධන ව්‍යාපෘතීන් ගැන ජනතාව ලබාදෙන තොරතුරු අනුව පරීක්ෂණ කටයුතු දියත් කිරීම.
x රජයේ මුදල් හා දේපළ අයථා ලෙස භාවිතා කළ අවස්ථා ගැන පරීක්ෂණ කිරීම.
x රටේ ආරක්ෂාවට,රටේ ආර්ථිකයට,රටේ සෞඛ්‍ය පද්දතියට හා පරිසරයට හානි විය හැකි ප‍්‍රතිඵල ගෙනදිය හැකිව තිබුණු අයථා මුදල් ගනුදෙනු ගැන පරීක්ෂණ කිරීම.
x අයථා ලෙස ධනය එක්රැුස් කර ගැනීම් හා අත්තනෝමතික ලෙස බලය භාවිතා කිරීමේ අවස්ථා ගැන පරීක්ෂණ සිදුකිරීම.
x මුදල් ලබාදීම්,ත‍්‍රස්තවාදයට මූල්‍යමය අනුග‍්‍රහයන් ලබාදීම්,මහා පරිමානයේ අයථා මුදල් ගනුදෙනු ගැන පරීක්ෂණ සිදුකිරීම.
පසුගිය 13 වැනිදා නිකුත් කෙරුණු ගැසට් පත‍්‍රයේ පොලිස්පතිවරයා මෙම නව ඒකකය කටයුතු කරනු ඇත්තේ කෙසේද,එහි අරමුණ කුමක්ද,පරීක්ෂණ කටයුතු සිදුකිරීමට එයට ඇති නීතිමය පසුබිම හා නීතිමය අවසරය කවරේද ආදී කරුණු පැහැදිලි කර තිබුණි.
දුූෂණ මර්දන ලේකම් කාර්යාලයට ලැබුණු මුල්ම පැමිණිලි අතර ජනතා විමුක්ති පෙරමුණෙන් ලැබුණු පැමිණිල්ල ප‍්‍රධාන විය.පසුගිය රජය සමයේ 2007 වසරේදී යුක්රේනයෙන් මිලදී ගැනුනු මිග් 27 වර්ගයේ ප‍්‍රහාරක යානා සම්බන්ධ ගනුදෙනුව නීති්‍යානුකූලව සිදුව තිබේද,එම ගනුදෙනුවෙන් කවර හෝ පුද්ගලයෙකුට විශාල කොමිස් මුදලක් හිමිව තිබේද ආදී කරුණු ගැන විමර්ෂණයක් කළ යුතුයැයි එහි සදහන් විය.ජාතික හෙළ උරුමයද පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් හිටපු ආරක්ෂක මණ්ඩල ලේකම් ගාමිණී සෙනරත් මහතා ඔහු එම ධූරය දැරූ සමයේ අත්පත් කරගත් දේපළ සම්බන්ධයෙන් සොයාබැලිය යුතු බව කීවේය.ජාතික හෙළ උරුමය මෙම පැමිණිල්ල මිීට පෙර අවස්ථාවක දේශීය ආදායම් දෙපාර්තමෙන්තුවටද ඉදිරිපත් කර තිබුණකි.එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කර තිබුණු පැමිණිල්ලේ සදහන්වූයේ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඔහුගේ දිවි නැගුම ව්‍යාපෘතියට ලබාදුන් මුදල් භාවිතා කර තිබෙන ආකාරය විමර්ෂණය කළ යුතු බවය.පසුගිය සතියේ පාර්ලිමෙන්තුවේදී බැසිල් රාපක්ෂ මහතාට තවත් සති 3 ක නිවාඩුවක් ලබාදීම සම්මත විය.ජනවාරිි මස 8 වැනිදා ජනාධිපතිවරණයෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා හීන්සීරුවේ ශී‍්‍රලංකාවෙන් ලිස්සා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර තම නිවස බලා ගියේය.
නුගේගොඩ සිට නුවරට
ඉබි ගමනින් යන දුෂණ මර්දන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සැළකිල්ලෙන් සිටියත් ජනපති සිරිසේන මහතාගේ අවධානය යොමුව තිබුණේ එයට නොවේ.පෙරේදා දිනයේ ඔහු නුවර පැවති ශී‍්‍රලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරුන්ගේ වැඩමුලූවකට සහභාගීව සිටි අවස්ථාවේම කොළඹ - නුගේගොඩ ප‍්‍රදේශයේ පැවැත්වෙමින් තිබූ රාජ්‍ය විරෝධී හමුවක් ගැන ඔහු ඒ සියල්ලට වඩා වැඩි අවධානයකින් සිටියා යැයි කීම නිවැරදිය.
ජනපතිවරයා එසේ නුවර ශී‍්‍රලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරු අමතමින් සිටියදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රබල සාමාජිකයින් වන දිනේෂ් ගුණවර්ධන,විමල් වීරවංස,වාසුදේව නානායක්කාර හා උදය ගම්මන්පිල නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨ පරිශ‍්‍රයේ සිට ජනතාව ඇමතූහ.මෙම හමුවට 14000 ක පමණ ජනකායක් සහභාගීව සිටි බව පොලිස් වාර්තා වල සදහන්ය.එහි අරමුණ ලෙස පැවසුනේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස නම් කිරීමට ජනපතිවරයාට බල කිරීමය.මහා ජන ගගක් ගැලූ බව පැවසුනද පසු අවස්ථාවක රජය කීවේ බස් රථ 212 කින් ඔවුන්ගෙන් වැඩිහරිය ගෙනවිත් තිබෙන බවය.මාතර,ගාල්ල,හම්බන්තොට,තංගල්ල,මොණරාගල,ගම්පහ,රත්නපුර හා කලූතර ආදී ප‍්‍රදේශවලින් ජනතාව ගෙනවිත් තිබෙන බව රජය වැඩිදුරටත් කීවේය.
මෙවැනිම හමුවක් මහින්දානන්ද අලූත්ගමගේ හා ලොහාන් රත්වත්තේ ප‍්‍රධානත්වයෙන් නුවරදී පැවැත්වීමට කර ඇති සැළසුමක් ගැන නව රජයේ දේශපාලන නායකයින්ට තොරතුරු ලැබී තිබේ.මෙහි අරමුණ වන්නේද මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂක ලෙස තෝරාගත යුතුව ඇතැයි ජනපති සිරිසේන මහතාට බල කිරීමය.කෙසේවුවත් මෙම හමුවටනම් ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨ නායකයින් කිහිප දෙනෙක්ම විරෝධය පළ කර තිබෙන බව සදහන්ය.
බස්නාහිර පළාත් සභා මහඇමති ප‍්‍රසන්න රණතුංග,සාලින්ද දිසානායක,ටී.බී.ඒකනායක,කුමාර් වෙල්ගම හා මනූෂ නානායක්කාර වැන්නවුන් නුගේගොඩ හමුවට සහභාගීව සිටීමෙන් පැහැදිලිව පෙනුනු කරුණ වන්නේ වත්මන් ජනපති සිරිසේන මහතාගේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂ නායකත්වය පිළිගැනීමට ඇතැම් ශී‍්‍රලංකා නිදහස් පාක්ෂික ප‍්‍රබලයින් තවමත් අකමැති බවය.පෙරේදා දිනයේදී මිීගමුවේ හෝටලයකදී ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබලයෙකු,එම පක්ෂයට දැඩිව බැදී සිටින ආධාරකරුවන් පිරිසක් හා විශේෂ හමුවක් පවත්වා තිබීමෙන්ද මෙය තවත් පැහැදිලි වේ.එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පාර්ශවයන් මෙය දකින්නේ එළැඹෙන මහ මැතිවරණයේදී ඔවුන්ට වාසි සහගත වන තත්ත්වයක් ලෙසය.නිදහස් පක්ෂය බෙදෙනවා කියන්නේ අපට හොදයි.ඔවුන් කීය.
නමුත් මේ වාසිය ලැබීම හෝ නොලැබීම තීරණය වන්නේ මැතිවරණය ඉක්මනින් පවත්වනවාද නැතහොත් කල්දමනවාද යන්න මතය.අනෙක් අතට ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේද ජනපි‍්‍රයතාවය දැන් තිබෙන්නේ බහින කලාවේය.නමුත් එය පිළිගැනීමට පක්ෂ නායකයෝ අකමැතිය.
නුගේගොඩ රැලියට ආධාර සැපයූ,බස් රථ සදහා ගෙවීම් සිදුකළ,අතුරුගිරියේ මුද්‍රණාලයක මුද්‍රණය කර ඇතැයි කියන පති‍්‍රකා සදහා මුදල් වැය කළ ව්‍යාපාරිකයින් දෙදෙනෙකුගේ තොරතුරු රජය සතු බව සදහන්වේ.නුගේගොඩ පැවැත්වූ රැුස්වීමෙදී වූවාක් මෙන් නුවර පැවැත්වීමට යන රැුස්වීමේදීද රජයට පහර ගැසීමට කථිකයෝ යොදාගනු ඇත්තේ දුුූෂණ විමර්ෂණ කටයුතු සම්බන්ධයෙන් රජය අනුගමනය කරමින් සිටින ගොලූබෙලි ප‍්‍රතිපත්තියයි.මතුවෙමින් පවතින දුෂණ චෝදනා ගැන විමර්ෂණය කිරීමට රජයට තවමත් නිසියාකාර යාන්ත‍්‍රණයක් සකස්කරගත නොහැකිව තිබීම මේ වන විට රටේ ජනතාව අතර මහත් ගැටලූකාරී තත්ත්වයක් ඇතිකර තිබේ.
මෙනිසාම රජයේ දින 100 යේ වැඩසටහන අනුව අප්‍රේල් මස 23 වැනිදා පාර්ලිමෙන්තුව විසිරැුවෙනු ඇත්දැයි ඇත්තේ සැකයකි.එදිනට පාර්ලිමෙන්තුව විසිරැුවෙන බව කියන්නේ එක්සත් ජාතික පක්ෂය පමණකි.ඔවුන් සමග පොදු විපක්ෂය හා අත්වැල් බැදගෙන සිටි අනෙක් පක්ෂ එවැන්නක් දැන් පවසන්නේ නැත.ශී‍්‍රලංකා නිදහස් පක්ෂය පැත්තෙන් බැලූ විට නව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ප‍්‍රමුඛ නායකයින්ට තමන්ගේ ප‍්‍රතිරූපය පාක්ෂියකින් අතරට ගෙනයෑමටත්,මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ඔහු හා ඔහුගේ පවුලේ සාමාජිකයින් සිදුකළ වංචා හා දුූෂණ ගැන මනා විනිවිදභාවයකින් යුතුව කරුණු ඉදිරිපත් කර තවමත් මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාතීත්වය දක්වන පිරිස් තමන් වෙත දිනාගැනීමටත් සිදුවේ.
මෙය නව රජය දියත් කර තිබෙන දුූෂණ විමර්ෂණ කටයුතු කඩිනමින් සිදුවන්නේ නම් ඉතාම පහසු දෙයකි.නමුත් එම කටයුතු දිනෙන් දිනම ප‍්‍රමාද වෙමින් පවතී.මෙනිසා තම නායකත්වය හා පක්ෂය අනතුරේ හෙළන මැතිවරණයකට යෑමට නිමල් සිරිපාලද සිල්වා මහතා එකගතාවය පළකරතියි සිතිය නොහැක.පාර්ලිමෙන්තුව මෙසේ ගිනියම් වෙද්දී අනෙක් පසින් මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන ඒමේ වැඩපිළිවෙලක්ද කි‍්‍රයාත්මකය.මේ සියල්ලට විසදුම් ලබාදීමට පරීක්ෂණ කටයුතු කි‍්‍රයාත්මක වීම ඉතාම වැදගත්වුවත් ඒවායේ ප‍්‍රතිඵල ලැබෙන්නට තවත් කල්ගත වන බව පෙනෙන නිසා මැතිවරණය පැවැත්වීම කල්යෑමේ විශාල හැකියාවක් ඇත.පාර්ලිමෙන්තුව විසිරුවන බව කියන එක්සත් ජාතික පක්ෂයට ඉදිරියේදී තමන්ගේ ප‍්‍රකාශ ගැන වඩාත් සැළකිලිමත්වීමට සිදුවනු ඇත.පාර්ලිමෙන්තුව විසිරැුවීමේ අවසන් තීරණය තිබෙන්නේ ජනපතිවරයා අත වුවත් පාර්ලිමෙන්තුවේ බහුතර බලය තිබෙන්නේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂයටය.මෙනිසා පරීක්ෂණ කටයුතු නිසි පරිදි සම්පූර්ණ කර තමන්ගේ පැවැත්ම රැකගැනීමට අවස්ථාවක් නොදෙන වාතාවරණයක එක්සත් ජාතික පක්ෂය පාර්ලිමෙන්තුව අපේ‍්‍රල් 24 වැනිදා විසිරවෙනවායැයි කීම හමුවේ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බහුතර බලය හිමි ශී‍්‍රලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂ රජය පෙරළා දමා තමන්ගේ රජයක් ස්ථාපිත කර ගැනීමට කටයුතු නොකරනු ඇතැයි කිසිවෙකුටත් කිව නොහැකිය.
පාර්ලිමෙන්තුව අපේ‍්‍රල් මස 24 වැනිදා විසිරුවා නොහැරිය යුතු බව කියන ප‍්‍රධාන පුද්ගලයෙකු වන්නේ රජයේ ප‍්‍රධාන හවුල්කරුවෙකු වන සමාජ සාධාරණත්වය සදහා වන ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සොභිත හිමියන්ය.
අප ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එක්ක අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේ එකගතා 3 ක් මුල් කරගෙන.පළමුවැන්න ජනාධිපතිවරයාගේ විධායක බලතල සංශෝධනය කිරීම.දෙවැන්න 17 වැනි ව්‍යවස්ථා සශෝධනය කි‍්‍රයාවට නැංවීම.තෙවැන්න ඉදිරි ඡුන්ද විමසීම් සිදුවිය යුතු ආකාරය පිළිඹද අවශ්‍ය සංශෝධන සිදුකිරීම.පළමුවැන්න හා දෙවැන්න කි‍්‍රයාවට නැංවීම සම්බන්ධයෙන් කිසිම ගැටලූවක් නැහැ.නමුත්තුන්වැන්න,ඒ කියන්නේ ඡුන්ද විමසීම් වලට සංශෝධන සිදුකළ යුතුය කියන එක කි‍්‍රයාවට නංවන්න රජයේ මේ දින 100 වැඩපිළිවෙලේදී බැහැ කියලයි අපේ මතය.ඒකට කාලය අවශ්‍යයි.මේ නිසා රජයට දින 100 කම එල්බගෙන සිටීමට අවශ්‍යතාවක් නැහැ.ඉදිරිපත් කරලා තියෙන යෝජනා කි‍්‍රයාත්මක කරන්න මාස 6 ක් වගේ තිබුණානම් ප‍්‍රමාණවත්.
රජයේ දින සියයේ වැඩපිළිවෙලේ දැනට තියෙන ඡුන්ද ක‍්‍රමය වෙනස් කරනවා කියලා පොරොන්දුවක් දීලා තියෙන්නේ.නමුත් මේ යන විදිහට එම පොරොන්දුව ඉටු කරගන්න පුලූවන් වෙන බවක් පෙනෙන්නට නැහැ.ඒක කරගන්න බැරිව දින 100 ට අනුව අපේ‍්‍රල් මාසෙ 24 පාර්ලිමෙන්තුව විසිරුවා හැරියොත් ජනතාවට ආයෙමත් සිදුවෙන්නේ සමානුපාතික ඡුන්ද ක‍්‍රමයෙන් නියෝජිතයින් තෝරලා පාර්ලිමෙන්තුවට එවන්න.ඒක ජනතාවට කරන අසාධාරණයක්.ඒක නිසා අවශ්‍ය වෙනස්කම් හරියට කරන්න රජය තවත් කල් ගන්න ඕනේ.මාස 6 ක වගේ කාලයක් එයට ප‍්‍රමාණවත් වේවි.ඒ නිසයි අප කියන්නේ අප්‍රෙල් මාසේ පාර්ලිමෙන්තුව විසිරුවනවායැයි කීමේ තේරුමක් නැහැ කියලා. යැයි පවසන්නේ රජයේ ප‍්‍රධාන පාර්ශවයක් වන ජාතික හෙළ උරුමයයි.උරුමයයි.
සමබර විදේශ සබදතා
ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට විශේෂයෙන් සැළකිලිමත්වීමට සිදුව තිබෙන තවත් කාරණයක් වන්නේ ශී‍්‍රලංකාවේ වත්මන් විදේශ සබදතාය.විශේෂයෙන් චීනය හා ඉන්දියාව අතර සබදතා සමබරව පවත්වාගැනීම ඔහු හමුවේ ඇති අභියෝගයයි.ජනපතිවරයා එළැඹෙන මාර්තු මස 26 වැනිදා සිව්දින නිල සංචාරයක් සදහා චීනය බලා යෑමට නියමිතය.ඉන් අනතුරුව ඔහු පකිස්තාන නිල සංචාරයක් සදහා බීජිං නුවර සිට පකිස්තානයේ ඉල්ලාමාබාද් බලා යනු ඇත.ජනපතිවරයාගේ සැළසුම වන්නේ මාර්තු මස 30 වැනිදා සිට පකිස්තාන සංචාරය ආරම්භ කිරීමටය.මේ අතරවාරයේ ඉන්දියා ජනපති නරේන්ද්‍ර මෝදි තෙදින නිල සංචාරයක් සදහා එළැඹෙන 13 වැනිදා දිවයිනට පැමිණෙනු ඇත.ඔහු නුවර හා යාපනය ප‍්‍රදේශවල සංචාරයේ යෙදීමටද නියමිතය.විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සිකුරාදා (27) බීජිං බලා පිටත්වනු ඇත.
බලයට පත්ව සති 6 ක් ගතව තිබෙන තැන නව රජය හමුවේ බරපතල අභියෝග රැුසක් පැන නැගී ඇත.ගෙවීමට තිබෙන ඉදිරි සති කිහිපයේදී එම අභියෝග ජයගෙන,ජනතාව අතර කඩාවැටෙමින් තිබෙන තම ප‍්‍රතිරූපය ගොඩනංවාගෙන ඉදිරියට යෑමට රජය කෙසේ කටයුතු කරනු ඇත්දැයි යන්න සැබෑවටම ගැටලූවකි.රටේ ආරක්ෂාව ගැනද නැවත වරක් සිතාබැලිය යුතු අවස්ථා ඇතිවෙමින් තිබෙන හෙයින් ඒ ගැනද රජය සැළකිලිමත් විය යුතුව ඇත.
උපුටා ගැනීම-ලංකාදීප