දෘශ්‍යාබාධිත කවියාට ගුවන් විදුලිය හඩු වැඩක් කරයි

Published in පුවත්
Monday, 23 February 2015 13:04

මෙවර ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් නිෂ්පාදනය කළ විශිෂ්ට කවියකු වූ උපුල් සේනාධිරිගේ මහතා රචනා කළ ගීතය ආණ්ඩු පෙරළියත් සමඟ ඉවත් කොට වෙනත් නිර්මාණයක් ඒ සඳහා යොදා ගනිමින් තිබේ.

ගුවන් විදුලි සංස්ථාවේ විකාශයවන ගීත සඳහා කර්තෘ භාගය ගෙවීමට තීරණය වූයේ පසුගියදාය. ඒ අනුව මෙම ක්‍රිකට් තේමා ගීතය මඟින් යම් ආදායමක් ලැබීමට එහි රචකයාව අවස්ථාවක් හිමිවේ. මේ අනුව එම අවස්ථාව දෘශ්‍යාබාධිත මේ දක්ෂ කවියාගෙන් කොල්ල කෑමට යම් පිරිසක් කටයුතු කොට ඇති බවට සැකයක් නැත.

ප්‍රධානම හා ප්‍රමුඛතම ශ්‍රව්‍ය මාධ්‍යය වන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විකාශනයයි. කොතරම් ගුවන් විදුලි ආයතන ලංකාව තුල ක්‍රියාත්මක වූවත් පසුගිය කාලයේ හඩු ගඳ ගහන තත්වයකට පත්ව තිබුණද ජනතාව තුල ලංකා ගුවන් විදුලි සංස්ථාව කෙරෙහි ඉතා ලොකු විශ්වාසයක් පවතියි.


සාමාන්‍ය ජනතාවට සේම කලාකරුවන්ටද එය පොදු දෙයකි. බොහෝ කලාකරුවන්ගේ මහා ගෙදර වන්නේ ජාතික ගුවන් විදුලියයි. එසේම විවිධ ඉසව් ඔස්සේ ජාතික ගුවන් විදුලිය කලාකරුවන් වෙනුවෙන් ඉටු කළ මෙහෙය සුළු පටු නොවේ.


උපුල් සේනාධිරිගේ මහතා පවසන ආකාරයට 2010 වර්ෂයේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා නිල ගීතයක් නිර්මාණය කිරීම සඳහා ගී පද රචනා බාරගන්න බවට ගුවන් විදුලිය මගින් ප්‍රචාරය කොට ඇත. ඒ අනුව එතුමා නිර්මාණය කළ ගී පද රචනාවක් ඉදිරිපත් කර තිබේ. නමුත් පසුව එම කාර්ය අතරමඟ නවතා දමන ලදී.

පසුව මිට මාස දෙකකට පමණ පෙර ගුවන් විදුලිය මගින් නැවතත් 2015 වර්ෂයේ පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානය සඳහා නිල ගීතයක් වෙනුවෙන් පද රචනා බාරගන්නා බවට නිවේදනය කර ඇත. ඒ අනුව නැවතත් උපුල් සේනාධිර මහතා ඒ සඳහා තම නිර්මාණය ඉදිරිපත් කර ඇත. ඒ අනුව දෙසැම්බර් මාසයේ දිනක එම මහතා ඇමතූ ගුවන් විදුලි සංස්ථාවේ ක්‍රීඩා අංශයේ නිලධාරියෙකු දැන්වා ඇත්තේ එතුමාගේ පද රචනය ගීතයක් නිර්මාණය කිරීම සඳහා තෝරාගෙන ඇති බවයි.

ගුවන් විදුලි සංස්ථාවේ 2015 වර්ෂයේ ක්‍රිකට් ලෝක කුසලානයේ නිල ගීතය ලෙස එය ප්‍රචාරය කරන බවද දැනුම් දී ඇත. ටික දිනකින් ඔහුට පටිගත කරන ලද ගීතයේ සීඩී තැටියක්ද ලැබීමට සලස්වා තිබේ. 'ජයතු ජයතු' නම් එම ගීතයට හඬ මුසු කොට ඇත්තේ ප්‍රවීන ගායන ශිල්පී ජගත් වික්‍රමසිංහ විසිනි. සංගීත සංයෝජන සුසන්ත මදුරප්පෙරුමගෙනි.

නමුත් එම ගීතය දැන් ප්‍රචාරය නොවන බව උපුල් සේනාධිරිගේ මහතා පවසයි. ඒ වෙනුවට ගුවන් විදුලිය මගින අලුත් ගීතයක් ප්‍රචාරය වෙමින් පවතින බව පැවසේ. මේ පිළිබඳ ගුවන් විදුලි සංස්ථාවෙන් විමසීමේදී කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බව පැවසේ. උපුල් සේනාධිර මහතා විසින් ජාතික ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් සභාපති තුමාටද ෆැක්ස් පණිවිඩයක් මගින් දන්වා ඇත. එයට ප්‍රතිචාර දක්වමින් එතුමාගේ ලේකම් පවසා ඇත්තේ එම ගීතයේ සංගීතය ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රමිතීන්ට අනුගත නොවන බවයි.

කෙසේවෙතත් උපුල් සේනාධිරිගේ මහතාට අසාධාරණයක් සිදුවී ඇති බව පැහැදිලිය. ඔහු පවසන ආකාරයට මෙය සභාපතිත්වයේ වෙනසත් සමඟ සිදු වූ දෙයකි. දක්ෂ නිර්මාණකරුවෙකුට කිසිදු පදනමක් නොමැතිව මෙවැනි අසාධාරණකම් රටේ ජාතික ගුවන් විදුලිය හරහා සිදුවීම ඛේදජනක තත්ත්වයකි. එසේම දෘශ්‍යබධිතව අසරණව දිවි ගෙවන මෙවැනි කලාකරුවන්ට මේ ආකාරයේ අසාධාරණයන් සිදු වීම කෙසේවත් අනුමත කළ නොහැකි දෙයකි.

Leave a comment

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us