අැමරිකාවේ හිත ගන්න කොන්ත්‍රාත් දුන් සමාගමකට රාජපක්ෂලා ඩොලර් 180,000ක පොල්ලක් තියලා

Published in පුවත්
Monday, 23 February 2015 13:42

පසුගිය වකවානුවෙහි අැමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා විසින් ශ්‍රී ලංකාව හා අමරිකාව අතර හොඳ හිත සකසන්න යැයි කියමින් අමරිකානු සමාගමක් වන ලෙවික් ස්ට්‍රැටජික් කොමියුනිකේෂන් සමාගම සමඟ ඇතිකර ගත් ගිවිසුම් ප්‍රකාරව මාස තුනක කාලයක් සඳහා ගෙවිය යුතු අමරිකානු ඩොලර් 180,000 ක් මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තාවේ.

මේ වන විට මේ සම්බන්ධයෙන් අදාල සමාගන වත්මන් අමරිකානු තානාපති ප්‍රසාද් කාරියවසම් මහතා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බව දන්වා ඇත.

කෙසේ නමුත් 2014 වර්ෂයේදී මෙලෙස ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නංවාලීම සඳහා විවිධ සමාගම් 8 ක සමඟ රාජපක්ෂ පාලනය ගිවිසුම් වලට එළඹී තිබිණි. මේ සඳහා මාසිකව ඩොලර් 5000 සිට 75000 දක්වා ගෙවීම කර ඇති බවත් හෙළිවේ.

මේ සම්බන්ධයෙන් කාරියවසක් මහතා පවසන්නේ මෙම කටයුතුවලින් ප්‍රතිපළක් ලැබී නැති බවය. එමෙන්ම වත්මන් රජය මෙම සමාගම්වලින් තවදුරටත් සහය ලබා ගැනීමට අපේක්ෂා නොකරන බවත් එම ගිවිසුම් අහොසි කිරීමත් සිදු කරන බවත් ඔහු පවසයි.

මෙම සමාගම් සඳහා මුදල් ගෙවනු ලැබුවේ විදේශ කටයුතු අමාත්‍යංශය මඟින් වන අතර එහිදීද බරපතල මූල්‍ය අක්‍රමිකතා ‍රැසක් සිදුව ටිබු බවද වාර්තා විය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us