ජනමාධ්‍ය අැමතිගෙන් මාධ්‍යවේදීන්ට සහන රැසක්

Published in පුවත්
Monday, 23 February 2015 15:49

ප‍්‍රාදේශීය වශයෙන් සිදුවන ප‍්‍රවෘත්තිමය සිදුවීම් කඩිනම්ව හා නිවැරදිව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ලබා දෙන දිවයින පුරා විසිර සිටින ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ට තම වෘත්තිය අභිමානයෙන් හා අපක්ෂපාතීව ඉටු කිරීමට හැකි පසුබිම ගොඩනැගීමට තමා කැපවී කටයුතු කරන බව ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අවධාරණය කළේය. ඇමතිවරයා එසේ ප‍්‍රකාශ කලේ අද (23)පෙරවරුවේ අමාත්‍ය කාර්යාලයේදී දිස්ත‍්‍රික්ක 25 ක ප‍්‍රාදේශීය මාධ්‍යවේදී නියෝජිතවරු හා රාජ්‍ය මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේදීය.

ප‍්‍රාදේශීය වශයෙන් තම සේවා කටයුතු ඉටු කරන මාධ්‍යවේදීන්ට වෘත්තීයේ නිරත වීමේදී මුහුණදෙන ගැටළු හා ප‍්‍රශ්න පිළිබඳවත් ඒවා නිරාකරණය කර ගැනීම සඳහා අඳාළ බලධාරීන්ගේ මැදිහත්වීම මත ක‍්‍රියාකාරී වැඩසටහනක් සකස් කිරීම අරමුණු කොටගෙන පැවැත්වූ මෙම සාකච්ඡාව වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ මූලිකත්වයෙන් සංවිධානය කෙරිණි.

දින 100 ක් තුළ ඉටු කිරීම සඳහා යෝජිත කරුණු 24කින් සමන්විත යෝජනා මාලාව ගරු ඇමතිතුමා හා රාජ්‍ය මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ට වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ජනූර් කිච්ලාන් මහතා විසින් ලබා දුන්නේය.

එම පොදු ඉල්ලීම් අතර මාධ්‍යවේදීන්ගේ ගැටළු හා ප‍්‍රශ්න පිළිබඳව එකගතාවයක් සකස් කර ගැනීම සඳහා දින 100ක් තුළ ඉටු කළහැකි ක‍්‍රියාකාරී වැඩසටහනකට විද්වත් කමිටුවක් පත් කිරීම, මාධ්‍ය වෘත්තිය පිළිගත් වෘත්තීයක් ලෙස ශ්‍රේණිගත කිරීම, පිළිගත් පත්වීමේ ලිපියක් ලබා දීමට ඇති හැකියාව හා ඊට අඳාළ සුදුසුකම් පිළිබඳ අවධානය යොමු කිරීම, ත්‍රෛයි භාෂා පුහුණුව ලබා දීම, විද්‍යුත් මාධ්‍ය උපකරණ ලබා ගැනීම සඳහා තීරුබදු සහන ලබා දීම, දෛනික ගැටළු නිරාකරණය සඳහා ඔම්බුස්මන්වරයෙකු සේ ක‍්‍රියාකළ හැකි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උසස් නිළධාරියෙකු පත් කිරීම, මාධ්‍යවේදීන් සඳහා ඵලදායී ලෙස ගවේශණාත්මක වාර්තාකරණ සම්මන්ත‍්‍රණ පැවැත්වීම, වෘත්තීය ගරුත්වය උදෙසා සාමවිනිසුරු පදවි ලබා ගැනීම, ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය හුවමාරු වැඩසටහන් මෙන්ම නව තාක්ෂණ දැනුම ලබාදීමේ ක‍්‍රමෝපායන් ඇති කිරීම, මාධ්‍යවේදීන්ගේ ආර්ටීක ගැටළු හා සුභසාධන සේවා සඳහා සමූපාකාර ක‍්‍රමයක් ආරම්භ කිරීම නිවාස ණය යෝජනා ක‍්‍රමයක් හා ප‍්‍රවෘත්ති සඳහා දැනට කරන ගෙවීම ඉහළ දැමීම ආදී යෝජනා එහි අන්තර්ගත විය.

තවදුරටත් එම සාකච්ඡාවේ අදහස් දැක් වූ ඇමතිවරයා ජනතාවට සවන්දෙන හා ජනතාවගේ ප‍්‍රශ්න වලට විස‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍දුම් ලබා දෙන වර්තමාන රාජ්‍ය ප‍්‍රතිපත්තිය අනුව ජනමාධ්‍යවේදීන් කළ මෙම ඉල්ලීම් දින 100 ක් තුළ ඉටු කිරීමට ඇති හැතියාව සොයාබැලීම සඳහා තමාගේ උපදේශකත්වයෙන් යුතුව හා අමාත්‍යංශ ලේකම්වරයාගේ අධීක්ෂණයට යටත්ව සහකාර ලේකම්වරයෙකු ඒ සඳහා අද සිටම පත් කරන බව ප‍්‍රකාශ කළේය.‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍

උතුරු පළාත නියෝජනය කරමින් පැමිණි මාධ්‍යවේදීන් හමුවේ ඔවුන් කළ ඉල්ලීමට ප‍්‍රතිචාර වශයෙන් තමා නුදුරු දිනයක යාපනයේ සංචාරයේ නිරතවීමටත් එහිදී මාධ්‍යවේදීන් හමු වී ඔවුනට විශේෂිත වූ ගැටළු නිරාකරණය කිරීමට අපේක්ෂා කරන බවත් පැවසුවේය.

ජනතා සුභසිද්ධිය වෙනුවෙන් නොයෙක් බාධක මධ්‍යයේ තම වෘත්තීය ඉටු කරන මාධ්‍යවේදීන්ට බලපෑමකින් තොරව තම පෑන මෙහෙයවීමට හැකි වාතාවරණය දැනටමත් ලබා දී ඇති අතර අපක්ෂපාතී ජනමාධ්‍ය සංස්කෘතියක් උදාකරලීමට මාධ්‍යවේදීන්ට ඊට පෙරමුණ ගෙන ක‍්‍රියා කළ යුතු බව පැවැසීය.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන, ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථාවේ සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති නීතීඥ නන්ද මුරුත්තෙට්ටුවෙගම, ස්වාධීන රූපවාහිණී සංස්ථාවේ සභාපති මහාචාර්ය ගංගානාත දිසානායක, සී/ස එක්සත් ප‍්‍රවෘත්තාපත‍්‍ර සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක සමන් වගආරච්චි මහතා ප‍්‍රමුඛ නිළධාරීහු රැසක් සහභාගී වූහ.

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us