පොංගු තමිල් නැවතත්

Published in පුවත්
Monday, 23 February 2015 15:55

යාපනය විශ්ව විද්‍යාලය තුල නැවතත් ‘පොංගු තමිල්’ සඳහා වන ආරම්භක වැඩසටහනක් ලෙස යාපනය විශ්ව විද්‍යාල ප්‍රජාවේ සංවිධායකත්වයෙන් 2015.02.24 දින පැවැත්වෙන විරෝධතාවයට සියළු දෙනා පෙළගැසෙන මෙන් යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමය ඉල්ලීමක් කර ඇත. මේ සම්බන්ධයෙන් එම සංගමය නිකුත් කල නිවේදනය.

අවසන් සටනේදී අප ජාතිය වෙත ශ්‍රී ලංකා රජය එහි හමුදා යාන්ත්‍රණය යොදාගෙන අනුකම්පා විරහිතව සිදුකල මිනිස් සංහාරයන්ට, වසර 06 ක් ගතවීමෙන් පසුත් යුක්තිය ඉටුවූයේ නැත.

එනමුත් සෑම වසරකම විශ්වාසය ඇති කරන අන්දමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී මේ පිළිබඳ යෝජනා විදෙස් රටවල සහයෝගයෙන් සම්මත කරන ලදි. නමුත් ඒ කිසිවකට මඳක් හෝ නොසැලෙන තත්වයෙන් මහින්දගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා රජය කටයුතු කරන ලදි.

මෙම තත්වයේදී මෙම වසරේ මාර්තු මස ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශන වාර්තාව ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබුණි. එනමුත් ශ්‍රී ලංකාවේ නව රජය කල ඉල්ලීමට අනුව විමර්ශන වාර්තාව ඉදිරිපත් කිරීම සැප්තැම්බර් මාසයට කල්දමන ලදි. මෙම තීරණය ඊළාම් දෙමළ ජනතාව වන අපට ‘තුවාලයට ඉඳිකටුවෙන් ඇනීම’ට සමාන ඉතාමත් වේදනාත්මක මෙන්ම මුලාවක් ඇති කරන ක්‍රියාවකි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩු පෙරළියක් ඇති වුවද උතුරු - නැගෙනහිර හමුදාව කටයුතු වල කිසිඳු වෙනසක් ඇති වූයේ නැත. හමුදාවේ මැදිහත්වීම් දෙමළ ප්‍රදේශ පුරා අඛණ්ඩව සිදුවේ. තර්ජන, හඹා ඒම, නිරීක්‍ෂණ යනාදීය තවමත් අඛණ්ඩව සිදුවන තත්වයකදී ජාත්‍යන්තරය නොදුටුවාක් මෙන් මෙම විමර්ශන වාර්තාව ඉදිරිපත් කිරීම කල්දැමීමෙන් අප වේදනාවට පත්වුණෙමු.

මෙම තත්වයේදී වත්මන් නව රජය විසින් ප්‍රකාශ කරන අභ්‍යන්තර විමර්ශනය යනු අපරාධකරුවන් ආරක්‍ෂා කිරීමට උත්සාහ කිරීමක් වන අතරම, ඊළාම් දෙමළ ජනතාව වන අප‍ගේ මූලික මිනිස් අයිතිවාසිකම් දියකර හැරීමේ උත්සාහයක් විනා වෙනත් දෙයක් නොවේ. ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් යුත් රජයේ අභ්‍යන්තර පරීක්‍ෂණය සම්බන්ධයෙන් අපට ‘අඹ මල් රේණුවක තරමේ’ විශ්වාසයක් නොමැත.

මෙය සැලකිල්ලට ගෙන අපගේ ජීවන ගැටළු වලට අදාල යුක්තිය ලැබීමට ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර ප්‍රජාව ප්‍රමාණවත් බලපෑම් කල යුතුය. මේ තුලින් දෙමළ ජනතාව සඳහා ස්ථීර දේශපාලන විසඳුමකට මඟ සැකසෙනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු. තවද, ඊළාම් දෙමළ ජනතාවට එරෙහිව ක්‍රියාත්මක කළ ජාති ඝාතනය, යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර තත්වයේ පරීක්‍ෂණ වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට අවධාරණය කරන්නෙමු.

එබැවින් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්හි හඬ ලෙස සැලකෙන යාපනය විශ්ව විද්‍යාල ප්‍රජාවේ සංවිධායකත්වයෙන් 2015.02.24 දින 0930 පැයට ‘යුක්තිය සඳහා වන අපගේ හඬ’ ජාත්‍යන්තරයට සාමකාමී මාර්ගයෙන් ඉදිපත් කිරිමට එදින විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී ආරම්භ වීමට නියමිත විරෝධතාවයට සියළු දෙනා පෙළගැසෙන මෙන් ඉල්ලා සිටින්නෙමු.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us