ජාතිවාදී පත්තරකාරයන්ට අගමැතිගෙන් අනතුරු හැඟවීමක්

Published in පුවත්
Monday, 23 February 2015 16:11

මහින්ද රාජපක්ෂ තමන්ට එරෙහිව තිබෙන චෝදනාවලට පිළිතුරු සැපයීම වෙනුවට ජාතිවාදය පතුරුවමින් සිටින බවත් අපි එවාට ඉඩ දෙන්නේ නැති බවත්  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 'එන්නේ ජාතිවාදයෙන් නම් අපි ළඟ ඒකට පිළිතුරු  තිබෙනවා. සිංහල පුවත්පත් කිහිපයක් නැවත රට තුළ ජාතිවාදය වපුරමින් සිටිනවා' යැයිද ජාතිවාදය වපුරන එම පුවත්පත්වලට එරෙහිව කොළඹදී මහා රැලියක් පවත්වා ජනතාව සමග පාරට බසින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කුරුණෑගල දිස්ත්‍රික් එ.ජා.ප. බල මණ්ඩල රැස්වීම අමතා අග්‍රාමාත්‍යවරයා මේ කරුණු සඳහන් කර ඇත.

උතුරේ මහ ඇමති විග්නේෂ්වරන් කළ ජාතිවාදී ප්‍රකාශයට ජාත්‍යන්තර ප්‍රජාවගෙන් කනේ පහරක් ලැබුණු බැවින් ඔහුට පිළිතුරු දීම අනවශ්‍ය බව වික්‍රමසිංහ මහතා පැවසීය.

නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ‘කඩේ ගිය’ සිංහල පත්තර කිහිපයක් යුද්ධයක් යළි එන බව පෙන්වාදෙමින් ජාතිවාදය වැපිරීමට උත්සාහ කරන බැවින් ඔවුන්ට පිළිතුරු දිය යුතුව ඇතැයිද අග්‍රාමාත්‍යවරයා පැවසා ඇත.

පසුගිය අවුරුදු 10ක කාලය තුළ විද්‍යුත් නාලිකා කිහිපයක් තමන්ට දැඩි ලෙස පහර ගැසුවද ඔවුන්ට තමන් දේශපාලනයෙන් ඉවත් කිරීමට නොහැකි වූ බවද ඒ මහතා අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා,

‘මේ පත්තර කිහිපය තමයි මහින්ද රාජපක්ෂට කඩේ ගියෙ. මේ කර්තෘවරු ආණ්ඩුවෙයි, පත්තරෙයි දෙකේම තනතුරු තියාගත්තා. මේ අය කිසිම ලැජ්ජාවක් නැතිව ආණ්ඩුව මාධ්‍ය‘වේදීන් මර්දනය කරනකොට ඒකට උපකාර කළා. එක්නැලිගොඩ අතුරුදන් කළාම ඒකට අත්පුඩිගහපු අය හිටියා.

මේ කණ්ඩායමට කාරණා දෙකක් කරන්න බැරිවුණා. මාව දේශපාලනයෙන් විනාශ කරලා ඉවත් කරන්න අවුරුදු දහයක් බැලුවත් ඒක කරන්න බැරිවුණා. ඒත් මම තාමත් ඉන්නවා. ඊළඟට එයාලා බැලුවා මේ පාරත් මහින්ද රාජපක්ෂ ජනාධිපති කරන්න. ඒකත් බැරිවුණා.

මේ අය රාජපක්ෂ රෙජීමයෙන් සල්ලි අරන් කාපුවා බීපුවා ගැන ඔක්කොම මම හොඳට දන්නවා. මේ අය මේ යහපාලනය තුළ තවමත් හැදෙන්නෙ නැත්නම් අපිත් ලැහැස්තියි ඔවුන්ට විරුද්ධව පාරට බහින්න කියලා මම කියනවා.

දිවයින කර්තෘ අනුර සොලමන් ප්‍රධාන කර්තෘ ජනාධිපතිගේ උපදේශක. මාධ්‍ය නිදහස ගැන කතා කරනවා නම් එයා මෙතැන වැඩ නොකර අයින් වෙන්න ඕනෑ. මොනවද මේ කර කර ඉන්නෙ? එතැනින් සල්ලි අරගෙන මාධ්‍යවේදී පාවල දුන්නා. මම ඔහුට කියනවා කරපු වැඩවලට සහෝදර මාධ්‍යවේදීන්ගෙන් සමාව ඉල්ලන්න කියලා. මේ ජාතිවාදය අදින්න යන එකට මම මේ පත්තර කොම්පැනි අයිතිකාරයන්ට එරෙහිව විභාගයක් කරනවා.

තවත් කර්තෘ කෙනෙක් ඉන්නවා. සිසිර පරණ තන්ත්‍රී එයා මම හදපු මිනිහෙක්. මම දන්නවා ජාතිවාදයට එරෙහිව ගන්න පියවර මොකක්ද කියලා. සිසිරට හැදිලා එන්න කියලා මම කියනවා. මේවගේ ජාතිවාදය වපුරන අය මාධ්‍ය‘යේ තියා රටේ ව්‍යාපාරවලත් ඉන්න හොඳ නැහැ.

ජාතිවාදය ගැන කතාකරන අය මම කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරන්න යනවා. මේ අය මහින්ද රාජපක්ෂගේ වැසිකිළි සේදීම ගැන සහෝදර මාධ්‍ය‘වේදීන්ගෙන් සමාව ඉල්ලන්න කියලා මම කියනවා. ඔවුන් කරන්නෙ සක්කිලි වැඩක්. මාධ්‍ය නිදහසට ගරු කරන්න කියලා මම ඔවුන්ට කියනවා.

මේක එයාලට තේරෙන්නෙ නැත්නම් මම මේ ගැන කතා කරන්න එන සුමානේ මුද්‍රිත මාධ්‍ය අයිතිකාරයොයි, කර්තෘවරුයි, නිදහස් මාධ්‍ය‘යේ මාධ්‍යකරුවොයි, මානව හිමිකම්වල අයයි ඔක්කොම කැඳවනවා. එතකොට තියෙන දෙයක් කියාගන්න පුළුවන්නෙ. කවුරු හරි ආවෙ නැත්නම් ඒකත් මම බලාගන්නම්.

අලුත් යහපාලනය සමග සෙල්ලම් කරන්න එපා කියා මා ඔවුන්ට කියනවා. මේ ඔවුන්ට දෙන අන්තිම අවවාදයයි.’ යැයි පවසා ඇති බවට වර්ථාවේ.

Last modified on Monday, 23 February 2015 16:12

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us