විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට සිරියාවේ නැගෙනහිර ප්‍රදේශයේ කිතුනු ගමක් වැටලූ සටන්කරුවෝ පසුව ගම්වැසියන් සිය භාරයට ගෙන තිබේ.
අයිඑස් සටන්කරුවන්ට එරෙහිව සටන් වදින කුර්දි හමුදාවලට ඉහත කී කිතුනු ගම්වැසියන් කලක පටන් සහාය දක්වති. කෙසේ වෙතත් ඔවුන් පැහැර ගැනීම සම්බන්ධයෙන් අයිඑස් සටන්කාමීන් මෙතෙක් නිශ්චිතව නිවේදනයක් කර නොමැත.
මේ වනවිට තුර්කි දේශ සීමාවට ආසන්න අසල්වැසි කලාපයේ සටන් වදින ඉස්ලාමීය කැරලිකරුවන්ට එරෙහිව කුර්දි හමුදා වෙතින් දැඩි පීඩනයක් එල්ල වෙමින් පවතින බව වාර්තා වේ.