බංග්ලාදේශයේ යාත්‍රා 2ක් ගැටී 68ක් මරුට

Published in විදෙස්
Tuesday, 24 February 2015 10:02

බංග්ලාදේශයේ මගීන් 140 ක් රැගත් යාත්‍රාවක් පෙරේදා භාණ්ඩ ගෙනයන යාත්‍රාවක් සමග ගැටීමෙන් මගී යාත්‍රාව පෙරැළී පුද්ගලයන් 68 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි නිලධාරිහු ප්‍රකාශ කළහ. ඊයේ වනවිටද ගැලවුම් මෙහෙයුම සිදු කෙරෙන බැවින් කොපමණ සංඛ්‍යාවක් අතුරුදන්ව සිටිද යන්න නිශ්චිතව කිව නොහැකි බවද වාර්තා වේ.

අනතුර සිදුව ඇත්තේ පෙරේදා දහවල්ය. එරට විශාලම ගංගාවක් වන පද්මා නදියේ ගමන් ගත් මගී යාත්‍රාව භාණ්ඩ ගෙනයන යාත්‍රාව සමග ගැටී ඇත්තේ ඩෝලට්ඩියා -පැචූරියා හරස් මගේදී බව ගිනි නිවුම් දෙපාර්තමේන්තු නිලධාරින් පවසා තිබේ. භාංඩ යාත්‍රාව මගී යාත්‍රාවේ බඳේ ගැටී ඇත. අවටින් ගමන් ගන්නා බෝට්ටුවල සහායද ගැලවුම් කණ්ඩායම්වලට ලැබී ඇත. අනතුර සිදුව ඇති ස්ථානය ධකා අගනගරයෙන් කිලෝමීටර 40ක් දුරය.

පොලිසිය පවසන පරිදි එම්. එල් මොස්ටා නම් මගී යාත්‍රාව නදියේ මීටර 6ක් ගැඹුරේ ගිලී ඇත. බංග්ලාදේශ මගී යාත්‍රාව ගමන් ගන්නා මගී සංඛ්‍යාව පිළිබඳව සටහන් තැබීමක් සිදුනොවන බැවින් එහි ගමන් ගත් පිරිසේ නිශ්චිත සංඛ්‍යාවක් කිව නොහැකි නමුත් එය 140 ක් බව පැවසී තිබේ. යාත්‍රාව ගිලෙන විට බොහෝදෙනකු එහි හිරවී සිටි බවත් යාත්‍රාවේ මතුපිට තට්ටුවේ සිටි අය දියට පැන දිවි ගලවා ගෙන ඇති බවත් ඇසින් දුටුවෝ පවසති. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පංච පුද්ගල කොමිසමක් පත්කර ඇති අතර දින 15 කදී එහි වාර්තාව ලබා දිය යුතු බව පැවසී තිබේ.

 

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us