මාලදිවයින් හිටපු ජනපති අත්අඩංගුවට

Published in විදෙස්
Monday, 23 February 2015 10:18

ත්‍රස්තවාදී චෝදනා යටතේ මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට පත් වූයේ ඔහු විසින් සංවිධානය කර තිබූ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණය දියත් වීමට දින හයක් තිබියදී බව වාර්තා වේ.

මොහමඩ් නෂීඩ් මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත් වූ ප්‍රථම ජනාධිපතිවරයා යි.

වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන් බලයට පත් වී පහළොස් මසක් ගත වෙද්දී මාලදිවයින යළිත් දේශපාලන වශයෙන් අස්ථාවර වන්නට පටන් ගෙන තිබේ.

රජය පෙරලා දැමීමේ කුමන්ත්‍රණයක යෙදුණු බවට චෝදනා කරමින් මෑතකදී ආරක්‍ෂක ඇමතිවරයා ද තනතුරින් පහ කර අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන්ට එක් වීම සඳහා මාලදිවයින් ජාතිකයන් දෙසීයක් පමණ මැදපෙරදිග බලා ගොස් ඇති බවට විපක්ෂය පවසයි.

සටන්කාමීත්වයට වත්මන් රජය අනුබල දෙන බවට විපක්ෂය නගන චෝදනා මාලදිවයින් රජය දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කරයි.

(bbc)

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us