700ක් අතුරුදහන් කළ 'ගෝඨා කෑම්ප්' එකේ තතු ජනාධිපතිට යොමු කරනවා

Published in පුවත්
Saturday, 21 February 2015 11:44

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළි කර්න ලද ත්‍රිකුණාමලයේ පවත්වාගෙන ගිය විශේෂ ‍රැඳවුම් කඳවුරක් වූ ගෝඨා කැම්ප් සම්බන්ධයෙන් ආරක්ෂක ඇමැතිවරයාවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානයට යොමු කරන බව මහජන ආරක්ෂක ඇමැති ජොන් අමරතුංග මහතා පවසයි.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ නියෝග යටතේ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ රඳවාගෙන සිටි පුද්ගලයින් 700 දෙනෙකුට සිදුවූයේ කුමක්ද? යන්න සම්බන්ධයෙන් නව රජය අනාවරණය කලයුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් 2015.02.19 වන දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.

අදාල කඳවුරේ පවුල් 35ක් කිසිවෙකු සමග සම්බන්ධතාවයක් නොමැතිව රඳවා තබාගෙන ඇත. එසේ රඳවා තබාගත් කිහිපදෙනෙකු නිදහස් කර ඇත. ඒ ආකාර‍යෙන්ම, මෙම කඳවුරේ රඳවාගෙන සිටි පුද්ගලයින් 700 කට කුමක් සිදුවූයේද යන්න රහසක් වී ඇති බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

කිසිවෙකු සමඟ සම්බන්ධතාවයක් පැවැත්වීමට ඉඩනොදී, ඔවුන්ව රඳවා තබාගැනීම කුරිරු ක්‍රියාවක් බව පෙන්වාදුන් ඔහු, මෙය ගෝඨාභය රාජපක්‍ෂගේ නියෝගය යටතේ ක්‍රියාත්මක වූ කඳවුරක් බව දැනගැනීමට ලැබී ඇති බවත්, එහි රඳවාගෙන සිටි පුද්ගලයින්ට කුමක් සිදුවූයේද යන්න සම්බන්ධයෙන් නව රජය අනාවරණය කලයුතු බවත් ප්‍රකාශ කර ඇත.

මෙම කඳවුරේ රඳවාගෙන සිටි පුද්ගලයින්ට කුමක් සිදුවූයේද යන්න පිළිබඳව දැනගැනීමේ අයිතිය යහපාලනයක් ඇතිකිරීම සඳහා දායකවූ දෙමළ ජනතාවට ඇති බව ඔහු ප්‍රකාශ කර ඇත. එමෙන්ම, අතුරුදහන් කල පුද්ගලයින් පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට පත්කර ඇති ජනාධිපති විමර්ශන කොමිසම විසින් මෙතෙක් පැවැත්වූ විමර්ශන සම්බන්ධයෙන් අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතු බවද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කර ඇත.

අදාල ජනාධිපති විමර්ශන කොමිසමේ කාලය නව රජය විසින් තවත් මාස 06කින් දීර්ඝ කර ඇත. මෙම කොමිසම විසින් වසර 02ක පමණ කාලයක් විමර්ශන සිදුකරන ලදි. නමුත්, මේ දක්වා සිදුකල විමර්ශන කුමන මට්ටමක පවතින්නේද? යන්න සම්බන්ධයෙන් අනාවරණය කල යුතුය. එබැවින්, එම විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳව අතුරු වාර්තාවක් අදාල කොමිසම විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතුය.

අතුරුදහන් කල පුද්ගලයින් 20,000ක් පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව අදාල කොමිසම විසින් පෙන්වාදී ඇති බව ඔහු ප්‍රකාශ කර ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us