subash

subash

පරිසරයත් හරියට මනුස්සයෙක් වගේ.  කාලෙන් කාලෙට එක එක වෙස් ගන්නවා.

යෝජිත 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක ජනාධිපතිධුරයේ විධායක බලතල අහෝසි කෙරුණද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට ජනතා ඡන්දයෙන් පත්වූයේ විධායක ජනාධිපතිවරයකු ලෙස බැවින් ඔහුගේ ධුරකාලයට පමණක් සීමාවන පරිදී විධායක බලතල කිහිපයක් තිබිය යුතු බව එක්සත් ජාතික පක්ෂය යෝජනා කර තිබේ.

"ලෝරන්ස්‌ගේ මනමාලි" වේදිකාවට නැවුම් වෙනසක්‌ ගෙන එන නාට්‍යයක්‌. මාස හයක්‌ ගත වෙද්දී දර්ශන වාර පනහක්‌ නිමා කළ "ලෝරන්ස්‌ගේ මනමාලි" මෙම සඳුදා (23 දා) තවත් අලුත් වෙනසක්‌ වේදිකා නාට්‍ය ක්‍ෂේත්‍රයට එක්‌ කිරීමට සූදානම්. මොකක්‌ද මේ වෙනස? ඒ පිළිබඳ "ලෝරන්ස්‌ගේ මනමාලි" අධ්‍යක්‍ෂ සුජීව ප්‍රියාල් යද්දෙහිගේ සමග කළ කෙටි පිළිසඳරකි මේ.

මහින්ද රාජපක්ෂ මහතා යළි දේශපාලනයට එන්න පෙර ඒ ගැන තවත්වරක් සිතා බැලිය යුතු බව ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද මහතා  පවසයි. 

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක තමන්ගේ මාගේ කිරිල්ලී සීඩී තැටිය විකුණා උපයාගත් මුදලින් කොටසක් වන රුපියල් කෝටිය (රු. 10000000.00) ක මුදලක් පොලිස් රණවිරුවන්ගේ නිවාස තැනීම සඳහා පොලිස් සේවා වනිතා ඒකකයට පරිත්‍යාග කළ බව පොලිසිය නිවේදනය කරයි. එමගින් ඔහු සැරසෙන්නේ තමා කළ පව් සෝදා ගැනීමට බවනම් පැහැදිලිය.

සැබෑ වෙනසක් ඇති කිරීමේ අභිලාෂයෙන් එජාපය හා අනෙකුත් පක්ෂ වල කැමැත්ත පරිදි සකස් කළ දින සියය වැඩසටහනේ එන බොහෝ වැදගත් පොරොන්දු මේ වන තෙක් ඉටුවී නැති බව සාධාරණ සමාජයක් සදහාවූ ජාතික ව්‍යාපාරය පවසයි. 18 දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔවුන් මෙම අදහස් පළ කළේය.

ඉන්දීය අගමැති මෝදිගේ ආන්දෝලනයට තුඩු දුන් වටිනා ඇඳුම ඉන්දියානු රුපියල් ලක්ෂ 120ට ලංසු තබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ දින තුනක් පුරා ඉන්දියාවේ පැවැත්වෙන වෙන්දේසියක දී ය.

අප්‍රිකාවේ සිට යුරෝපය බලා පැමිණන සංක්‍රමණිකයන් රැගත් ඩිංගි බෝට්ටු කීපයක් පෙරේදා මධ්‍යධරණී මුහුදේදී පෙරලීමෙන් ඒවායේ ගමන් ගත් 300 ක් පමණ මියෙන්නට ඇතැයි බිය පළව තිබේ. මේ බෝට්ටුවල පමණට වැඩි මගී සංඛ්‍යාවක් ගමන් කර ඇත.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නව සභාපතිනිය ලෙස නීතිඥ නටාෂා බාලේන්ද්‍ර මහත්මිය සහ උප සභාපති වශයෙන් නීතිඥ සජීව සමරනායක මහතා පත් කර ඇත.

අමාත්‍ය මණ්ඩල තීරණ වඩත් පහසු හා නිවැරදි කර ගැනීම සඳහා ඒ ඒ විෂය ක්ෂේත්‍රවල ගැටළු ගැඹුරින් අධ්‍යයනය කර සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුකාරක සභා 5ක් ස්ථාපිත කිරීම සඳහා ආණ්ඩුව පියවර ගෙන තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවක් අනුව මෙම තීරණය ගෙන ඇත. ඊයේ පැවැති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මධ්‍ය හමුවේදී මේ බව දැනුම් දෙනු ලැබීය.

Connet With Us