අමාත්‍ය මණ්ඩල තීරණ වඩත් පහසු හා නිවැරදි කර ගැනීම සඳහා ඒ ඒ විෂය ක්ෂේත්‍රවල ගැටළු ගැඹුරින් අධ්‍යයනය කර සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුකාරක සභා 5ක් ස්ථාපිත කිරීම සඳහා ආණ්ඩුව පියවර ගෙන තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවක් අනුව මෙම තීරණය ගෙන ඇත. ඊයේ පැවැති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මධ්‍ය හමුවේදී මේ බව දැනුම් දෙනු ලැබීය.
එ අනුව ජාතික ප්‍රතිපත්ති , ආර්ථික කටයුතු, ආයතන කටයුතු, ව්‍යවස්ථා කටයුතු, ප්‍රසම්පාදන යන විෂය ක්ෂේත්‍ර සඳහා මෙම අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා පත්කෙරේ.
මෙමඟින් දෙපාර්තමේන්තු ප්‍රධානීන් පත් කිරීම සම්බධයෙන් අවශ්‍ය නිර්දෙශ ඉදිරිපත් කිරීමේ වගකීමද ද මෙම අනුකාරක සභාවෙත පැවැරේ.