ණය ගෙවන්න ඩොලර් කෝටි 400ක් ණයට ගනියි. ආණ්ඩුවට වෙන විකල්ප නැද්ද?

Published in පුවත්
Friday, 20 February 2015 08:22

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් කෝටි 400 ක ණය මුදලක්‌ ලබා ගැනීමට යයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්‍ෂ ක්‍රිස්‌ටින් ලාගාඩ් මහතා සහ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අතර මේ පිළිබඳ සාකච්ඡාවක්‌ පසුගිය සතියේ කොළඹදී පැවැත්වී ඇත. ශ්‍රී ලංකාව විසින් ලබාගෙන ඇති ණය ආපසු ගෙවීම සහ ණය වෙනුවෙන් ගෙවීමට ඇති පොලී මුදල වාරික වශයෙන් ගෙවීම නිසා විදේශ විනිමය සංචිත පහත වැටෙන බැවින් එය ස්‌ථාවර කර ගැනීමේ අරමුණෙන් මෙම ණය මුදල ලබා ගැනීමට යන බවද දැනගන්නට තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන වැඩසටහන් නිරීක්‍ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිපික්‌ කලාප අංශයේ ප්‍රධානී ටොඩ් ස්‌නයිදර් එහි අධ්‍යක්‍ෂවරයකු වන චෑං යොං රී මහත්වරුන් ඇතුළු නියෝජිත පිරිසක්‌ පෙබරවාරි 23 දා ශ්‍රී ලංකාවට පැමිණෙති. මාර්තු මස 4 දා දක්‌වා ඔවුන් මෙහි රැඳී සිටීමට නියමිතය.

කෙසේ නමුත් පසුගිය රාජපක්ෂ පවුල් පාලනයේ දී මෙරට ධනයෙන් හොරකම් කළ මුදල මෙම මුදල මෙන් කිහිප ගුණයක් පමණ වන බව හෙළිව තිබේ. එහෙත් ඒ අත්පත් කර ගැනීමට වත්මන් පාලනයේ උනදුවක් පෙනෙන්නට නැත. මෙරට ඉතිහාසයේ අන් කවරකාලයකටත් වඩා ණය වූයේ සංවර්ධනයේ මුවාවෙන් රාජපක්ෂලා හොරකම් කිරීමට පෙළඹි සිටීම නිසාය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us