අගමැතිධුරයට ජනප්‍රිය පුද්ගලයන් ‍රැසක් අපට සිටිනවා, මහින්දටත් අයැදුම් කළ හැකියි - එස්‌. බී. නාවින්න

Published in පුවත්
Friday, 20 February 2015 08:12

ඉදිරි පාර්ලිමේන්තු මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අගමැති අපේක්‍ෂකයා කවුරුන් දැයි තීරණය කිරීමට විමල් වීරවංශට, උදය ගම්මන්පිලට, වාසුදේව නානායක්‌කාරට හෝ දිනේෂ් ගුණවර්ධනට අයිතියක්‌ හෝ හැකියාවක්‌ නැතැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ භාණ්‌ඩාගාරික හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌. බී. නාවින්න මහතා ඊයේ (19 දා) පැවැසීය.

පෙරේදා (18 දා) නුගේගොඩ දී පක්‍ෂ 4 ක්‌ ඒකාබද්ධව පැවැත්වූ රැළිය සම්බන්ධව කළ විමසුමක දී වැඩි දුරටත් කරුණු දැක්‌වූ නාවින්න මහතා මෙසේද කීය.

අගමැති අපේක්‍ෂකයෙක්‌ තෝරා ගැනීමට නොහැකි තරමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය බංකොලොත් වෙලා නෑ. අගමැති අපේක්‍ෂකයා ලෙස නම් කරන්න පුළුවන් දක්‍ෂ 'ජනප්‍රිය' ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් රැසක්‌ම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සිටිනවා. පාර්ලිමේන්තුව විසුරුවලා මහමැතිවරණයක්‌ ප්‍රකාශයට පත්කළ විට අපි අපේ අගමැති අපේක්‍ෂකයා රටට හෙළි කරනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති අපේක්‍ෂකයා වීමට අවශ්‍ය නම් එතුමාටත් පක්‍ෂයට අයදුම්පතක්‌ ඉදිරිපත් කළ හැකියි. අගමැති අපේක්‍ෂකයා කවුරුන් දැයි තීරණය කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව විසිනුයි.

මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය විනාශ කිරීමට අවස්‌ථාවාදී දේශපාලනඥයන් සිදුකරන කුමන්ත්‍රණවලට හසුවෙන්න එපා කියලා.

 

දිවයින ඈසුරෙණි

Last modified on Friday, 20 February 2015 08:19

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us