හොරුන්ට දඬුවම් නොදීම ගැන අර්ජුනටත් ප්‍රශ්නයක්

Published in පුවත්
Friday, 20 February 2015 07:57

පසුගිය රජයේ දූෂණ අක්‍රමිකතා සහ මහා පරිමාණ වංචා පිළිබඳව වත්මන් රජය සිදුකරන පරීක්‍ෂණ සහ වගකිවයුත්තන්ට එරෙහිව ගන්නා නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි.

වරාය සහ ගුවන් තොටුපළ ආශ්‍රිතව මහා පරිමාණ දූෂණ, වංචා රැසක්‌ සිදුවී ඇති බව මේ වන විට සිදුකළ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇති බවත් ඒ පිළිබඳව පුළුල් පරීක්‍ෂණ පවත්වා වරදකරුවන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිමය දඬුවම් ලබාදෙන බවද ඔහු පැවැසීය.

තම අමාත්‍යංශය යටතේ පවතින වරාය අධිකාරිය සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතනවල කටයුතු පිළිබඳව පුළුල් විගණන පරීක්‍ෂණයක්‌ පවත්වා දූෂණ, වංචා, අක්‍රමිකතා ගැන අනාවරණය කර ගැනීමට පියවර ගෙන ඇතැයිද ඇමැති රණතුංග මහතා වැඩිදුරටත් පැවැසීය.


(දිවයින)

Last modified on Friday, 20 February 2015 08:05

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us