කොළඹ තරුණයින් 28 ක් ඝාතනය කළ නාවික හමුදා කල්ලිය හෙළිවේ

Published in පුවත්
Friday, 20 February 2015 07:46

රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගැනීමට දෙමළ තරුණයන් 28 දෙනකු පැහැරගෙන ගොස්‌ ඔවුන් ඝාතනය කළ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් නාවික හමුදාවේ උසස්‌ නිලධාරීන් තිදෙනකු ඇතුළු නිලධාරීන් නව දෙනකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙම පැහැර ගැනීම 2008 වර්ෂයේ සිට 2011 වර්ෂය අතරතුර කාලය තුළ සිදුව ඇති බවයි.

කොළඹ කොටහේන, බ්ලූමැන්ඩල්, ගල්කිස්‌ස, වැල්ලවත්ත, බම්බලපිටිය ඇතුළු තවත් ප්‍රදේශ ගණනාවකදී මෙම තරුණයන් පැහැර ගැනීමට ලක්‌ව තිබේ.

මෙම තරුණයන් ත්‍රිකුණාමලය සහ කොළඹ චෛත්‍ය පාරේ පිහිටි නාවික හමුදා කඳවුරුවල රඳවාගෙන සිට පසුව කප්පම් මුදල් ලබාගෙන ඔවුන් මරා දමා ඇති බවද හෙළිදරව් වී ඇත.

ඔවුන් 28 දෙනා අතුරින් 11 දෙනකු ඝාතනය කළ ආකාරය පිළිබඳව සියලු තොරතුරු මේ වන විට අනාවරණය කරගෙන සිටින අතර සෙසු ඝාතන සම්බන්ධයෙන් සෙවීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර තිබේ.

නාවික හමුදාවේ උසස්‌ නිලධාරීන් ඇතුළු කණ්‌ඩායම දෙමළ තරුණයන් පැහැරගෙන ගොස්‌ ඝාතනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ඉතාම වැදගත් සාක්‍ෂි රැසක්‌ මේ වන විට රහස්‌ පොලිසිය වෙත ලැබී තිබේ.

මෙම සංවිධානාත්මක කල්ලිය ගල්කිස්‌ස ප්‍රදේශයේදී එකම ස්‌ථානයකින් දෙමළ තරුණයන් පස්‌ දෙනෙකු පැහැරගෙන තිබිණි. එම තරුණයන් පැහැරගෙන නාවික හමුදාවේ උසස්‌ නිලධාරියකු සුදු වෑන් රථයකින් ඔවුන් රැගෙන ගිය ආකාරය පිළිබඳවද නාවික හමුදාවේම නිලධාරීන් සාක්‍ෂි ලබාදී ඇති බව රහස්‌ පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින උසස්‌ නාවික හමුදා නිලධාරියකුගේ කාර්යාල කාමරය පරීක්‍ෂා කිරීමේදී මේස ලාච්චුවක තිබූ තරුණයන් පස්‌ දෙනකුගේ හැඳුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍රයක්‌ ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබිණි. පසුව කළ පරීක්‍ෂණවලින් හෙළි වූයේ මෙම හැඳුනුම්පත්වල සහ විදේශ ගමන් බලපත්‍රයේ සිටි තරුණයන් පැහැරගෙන ගොස්‌ ඝාතනය කර තිබූ බවයි.

මෙම සංවිධානාත්මක කල්ලියට සම්බන්ධ නාවික හමුදාවේ උසස්‌ නිලධාරියකු විදෙස්‌ පාඨමාලාවක්‌ සඳහා ගොස්‌ සිටින අතර ඔහු නැවත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද නාවුක හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක නිලය දැරූ උසස්‌ නිලධාරියකුද මේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගැනීමට සිටින බව පොලිසිය පෙන්වා දෙයි.

මෙම සිදුවීම්වලට සම්බන්ධ උසස්‌ නිලධාරීන් ආරක්‍ෂා කර ගැනීමට නාවික හමුදාවේ මෙන්ම නීති ක්‍ෂේත්‍රයට සම්බන්ධ උසස්‌ නිලධාරීන් දැඩි උත්සාහයක නිරතවී සිටින බවද වාර්තා වෙයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

(මූලාශ්‍රය දිිවයින)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us