කේ.පීට කරන දේ කියන්නෙ සතියකින්

Published in පුවත්
Thursday, 19 February 2015 15:01

කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී සම්බන්ධයෙන් දැනට ගෙන ඇති පියවර ගැන තමාට මේ අවස්ථාවේදී කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් මහතා පැවසුවේය.ඒ සඳහා සතියක කාලයක් ලබාදෙන ලෙස ඔහු අද (19) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කේ.පී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පසුගියදා ජනතා විමුක්ති පෙරමුණ පසුගිය මස 19 වැනිදා ගොනු කළ පෙත්සම අද යළි කැඳවූ අවස්ථාවේ නීතිපති වෙනුවෙන් පෙනී සිටි සුහද ගම්ලත් මහතා කියා සිටියේ කේ.පී සම්බන්ධයෙන් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන තමා දැනුවත් නැති බවයි.

මේ නිසා සතියක කාලයක් ලබාදෙන ලෙස ඔහු කළ ඉල්ලීම සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ ලබන 26 වැනිදිනට පෙත්සම කල්තැබූවේය

පසුගිය 05 වැනිදා පෙත්සම කැඳවු අවස්ථාවේදී කේ.පීගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කරන ලද අතර ඔහු නම් කිහිපයක් භාවිතා කර ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිතයෙන් ශ්‍රී ලංකාවට ආ ගිය බව හෙළිව ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us