දකුණ මහ අැමතිට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් (video)

Published in පුවත්
Thursday, 19 February 2015 14:31

අම්බලන්ගොඩ නගර සභා විපක්ෂනායක ජේ.ඩබ්ලිව් ජයන්ත ප්‍රමුඛ පිරිසක් අද (19) අල්ලස හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඒ ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් මහතා ප්‍රමුඛ පිරිසක් විසින් රාජපක්ෂ අාණ්ඩු සමයේ අම්බලන්ගොඩ නගර සභාව සතුව තිබූ පෞරාණික වටිනාකමකින් යුක්ත තානායමක් කිසිදු අවසරයකින් තොරව කඩා ඉවත් කර විකිණීම සම්බන්ධවය.

මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක ජයන්ත මහතා පවසා සිටියේ මෙම තානායම නිසා අම්බලන්ගොඩ නගර සභාවට 90% පමණ අාදායමක් ලැබුණු බවයි.පසුව පාලනයේ පැවති වැරදි හේතුවෙන් බදු කරුවන් බදු නොගෙවා සිටි අතර මේ තත්වය පාදක කර ගනිමින් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් විසින් මෙය අලෙවිකර රුපියල් 75,000 ක මුදලක් නගර සභාවට දුන් බව ඔහු පැවසුවේය.විපක්ෂය සහ බදු ගෙවන්නන් මෙම සිදුවීමට දැඩි විරෝධය පළ කල බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

අද වන විට මෙම ස්ථානය වල් බිහිවී අපචාර ක්‍රියා සිදුවන තැනක් බවට පත්ව ජනතාවට ද අවහිරයක් බව ඔහු පැවසුවේය.අම්බලන්ගොඩ නගරයට තිබූ වටිනාම වත්කම අහිමිකිරීම් ක්‍රියාවට මුල්වූ ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල්,ඒවකට සිටි පළාත් පාලන කොමසාරිස් සමන් මහතා,ඒවකට රුහුණු සංචාරක මණ්ඩලයේ සභාපතිව සිටි හේමසිරි මහතාට සහ නගරාධිපති ඒම් ඩබ්ලිව් අනුර ප්‍රදීප් යන යන අයට විරුද්ධව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන බව ජේ.ඩබ්ලිව් ජයන්ත මහතා පැවසුවේය.

j.w-jayantha

Last modified on Thursday, 19 February 2015 16:59

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us