ලෝරන්ස්‌ගේ මනමාලී ප්‍රවීණයන් සිව් දෙනෙකුට උපහාර පුදකරනවා - සුජීව ප්‍රියාල්

Published in කලා
Friday, 20 February 2015 11:25

"ලෝරන්ස්‌ගේ මනමාලි" වේදිකාවට නැවුම් වෙනසක්‌ ගෙන එන නාට්‍යයක්‌. මාස හයක්‌ ගත වෙද්දී දර්ශන වාර පනහක්‌ නිමා කළ "ලෝරන්ස්‌ගේ මනමාලි" මෙම සඳුදා (23 දා) තවත් අලුත් වෙනසක්‌ වේදිකා නාට්‍ය ක්‍ෂේත්‍රයට එක්‌ කිරීමට සූදානම්. මොකක්‌ද මේ වෙනස? ඒ පිළිබඳ "ලෝරන්ස්‌ගේ මනමාලි" අධ්‍යක්‍ෂ සුජීව ප්‍රියාල් යද්දෙහිගේ සමග කළ කෙටි පිළිසඳරකි මේ.

මොනවද 23 වැනිදා කෙරෙන්නේ?

ලෝරන්ස්‌ගේ මනමාලි ඉදිරිපත් කරන්නේ තර්ඩ් බෙල්ට්‌ තියටර් ප්‍රඩක්‌ෂන් ආයතනයෙන්. නාට්‍යයේ මංගල දැක්‌ම පැවැත්වුණේ පසුගිය අගෝස්‌තු 1 දා මේ වනවිට මාස 6 ක්‌ ගතවෙලා. පනස්‌වැනි දර්ශනය පසුගියදා ලයනල් වෙන්ට්‌ඩ් රඟහලේදී සිදුකළා. මුල සිටම අපේ සැලසුමක්‌ තිබුණා පනස්‌වැනි දර්ශනයේදී විශේෂ දෙයක්‌ කරන්න. ඒ අනුව අපි සඳුදාට අපේ රටේ නාට්‍ය කලාව උදෙසා සේවය කරන සහ සේවය කළ ප්‍රවීණයන් හතර දෙනෙකුට උපහාර පුද කරනවා.

කව්ද මේ ප්‍රවීණයන්?

සෝමලතා සුබසිංහ මහත්මිය, අයිරාංගනී සේරසිංහ මහත්මිය, ධර්මසිරි බණ්‌ඩාරනායක මහතා සහ තිස්‌ස ගුණවර්ධන මහතා. ඔවුන් නාට්‍ය කලාවට දැනටත් සක්‍රියව දායකවී සිsනවා. ඔවුන් හතර දෙනාම අද වන විට ජීවත්ව සිටින නාට්‍ය කලාවේ ජ්‍යෙෂ්ඨයන්.

උපහාර උළෙල පවත්වන ස්‌ථානය

බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටරයේ. උදේ 10.00 ට එදාට ලෝරන්ස්‌ගේ මනමාලි වේදිකා ගත කරන්නේ නෑ. මේ උළෙලට නම තබා තිබෙන්නේ "උත්තරීතර උපහාර උළෙල" ලෙස නාට්‍යයේ සංගීත අධ්‍යක්‍ෂ ප්‍රදීප් ජයතිලකගේ විශේෂ සංගීත වැඩසටහනකA උළෙලට ඇතුළත්. ඉරිදා දිවයින පත්‍රයේ උපදේශක කර්තෘ ගාමිණී සුමනසේකර මහතා "කාලය සහ කලාකරුවන්ගේ දේශපාලන කාර්ය භාරය කෙසේ විය යුතුද" යන මැයෙන් ප්‍රධාන දේශනය පවත්වනවා. එය කාලීන මාතෘකාවක්‌.

උළෙලේ සහභාගීත්වය?

විශේෂ ආරාධිත අමුත්තෙක්‌ නෑ. ශ්‍රී ලංකාවේ සියලුම මාධ්‍ය ආයතනවලට ආරාධනා කර තිබෙනවා. නාට්‍ය කණ්‌ඩායමේ සාමාජිකයන් සහභාගී වෙනවා. "ලෝරන්ස්‌ගේ මනමාලි" තිරෙන් පිටුපස නිර්මාණ දායකත්වය දැක්‌වූ සංගීත අධ්‍යක්‍ෂ ප්‍රදීප් ජයතිලක, ගී පද රචනා කළ තනු- අනවරත්න, ආලෝකකරණය කළ පාලිත පෙරේරා, වේදිකා පසුතල ශිල්පී ලාල් හරින්ද්‍රනාත් යන අයට ඇගයීමේ සම්මාන පුද කිරීමටත් මේ උළෙලේදී සිදුවෙනවා. රංගනයෙන් දායක වූ අයට පසුගියදා පනස්‌වැනි දර්ශනය අවස්‌ථාවේදී ඇගයුමට ලක්‌ කළා. ඒ වගේම දර්ශන වාර පනහක්‌ මේ වන විට සංවිධානය කළ සියලුම සංවිධායකයින්ට මේ සෞන්දර්යාත්මක ගනුදෙනුවට අප සමග එක්‌වූ සියලුම ප්‍රේක්‍ෂකයන්ට වගේම විද්යුත් හා මුද්‍රිත මාධ්‍යවලටත් තර්ඩ් භෙල්ට්‌ තියටර් ප්‍රඩක්‍ෂන්හි දුලිකා මාරපන, ප්‍රවීන් කුලසිංහ, ජානක සිරිවර්ධන සමග මා ස්‌තුතිය පුද කරනවා.

දිවයින

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us