අනුර සේනානායක සීඩී විකුණා කෝටියක් සෙව්වේ කොහොමද?

Published in පුවත්
Friday, 20 February 2015 11:17

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක තමන්ගේ මාගේ කිරිල්ලී සීඩී තැටිය විකුණා උපයාගත් මුදලින් කොටසක් වන රුපියල් කෝටිය (රු. 10000000.00) ක මුදලක් පොලිස් රණවිරුවන්ගේ නිවාස තැනීම සඳහා පොලිස් සේවා වනිතා ඒකකයට පරිත්‍යාග කළ බව පොලිසිය නිවේදනය කරයි. එමගින් ඔහු සැරසෙන්නේ තමා කළ පව් සෝදා ගැනීමට බවනම් පැහැදිලිය.

අනුර සේනානායක යනු පසුගිය ගෙදර යැවූ පාලකයන්ගේ දඩ බල්ලෙකු මෙන් හැසිරෙමින් කප්පම් ඇතුළු අයතා ක්‍රියා කරමින් කොළඹ ව්‍යාපාරිකයින්ගෙන් අනීතිකව මුදල් ඉපයූ බවට කුප්‍රකට පුද්ගලයෙක් බව මුළු පොලිස් දෙපාර්තමේන්තුවම දන්නා කරුණකි. මෙම සීඩී තැටිය පොලිස් පොඩ්ඩන්ට බලහත්කාරයෙන් ලබාදී, ඔවුන්ගේ සොච්චම් බටා මුදලින් එම මුදල් කපා ගත් බවද දෙපාර්තමේන්තුවම දනී.

මාගේ කිරිල්ලී එක් ප්‍රසංගයකින් සහ සීඩි විකිනීමෙන් කෝටියක් ඉපයිය හැකිදැයි පුදුමයට කරුණකි. මන්ද අපේ රටේ වෘත්තීය ජනප්‍රිය කලාකරුවන් ප්‍රසංග පවත්වා හෝ ගීත තැටි විකුණා උපයන්නේ සාමාන්‍ය ජීවිතයක් ගතකිරීමට ප්‍රමාණවත් මුදලක් පමණි. කලාතුරකින් ප්‍රසංගයක් පවත්වා සහ එක් සීඩි පටයක් නිකුත්කර මෙතරම් මුදලක් ඉපයිය හැකිනම් අපේ රටේ කලාකරුවන් කෙතරම් සුඛිත මුදිත ජීවිතයක් ගතකළ යුතුද?

සේනානනායක මේ කෝටිය පමණක් නොව තවත් රුපියල් ලක්ෂයක් දැනට රෝගාතුරව සිටින ජනප්‍රිය ගායන ශිල්පී නාමල් උඩුගම මහතා වෙතද පරිත්‍යාග කර තිබේ.

අනුර සේනානායකගේ ප්‍රසංගයෙන් රුපියල් ලක්ෂ 50ක් ඉපයූවේයැයි සිතමු (ප්‍රසංගයකින් එතරම් මුදලක් උපයත හැකිදැයි සෙවීමට රහස් පොලිසියට භාර කළ යුතුය). ඉතිරි ලක්ෂ 51 (නාමල්ට දුන් ලක්ෂද සමග) ඉපයීමට මෙම සීඩී වලින් වෙනත් පාර්ශවයක් ලාභ නොලබන අවස්ථාවක හා නිෂ්පාදන වියදමක් නැති විටක එකක් රුපියල් 500ට මිල කළද ( ජනප්‍රිය කලාකරුවන්ගේ ජනප්‍රිය ගීත සහිත සීඩී එකක උපරිම මිල රුපියල් 500කි) ඉන් සීඩී 51000ක් අළෙවි කළ යුතුය. අනුර සේනානායකගේ සීඩී 51000ක් අළෙවි කර ඇත්නම් අපට යන එන අතරමග හෝ ඒ ගීත ඇසිය යුතුය. එසේද නැත. අනෙක එක ගීත එකතුවකින් පිටපත් මෙතරම් සංඛ්‍යාවක් නිකුත් කෙරෙන්නේද නැත.

ගී ප්‍රසංග පැවැත්වීමෙන් සහ සීඩී අළෙවියෙන් මුදල් ඉපයීම පිළිබඳ රටේ පවතින සැබෑ එසේ තිබියදී අනුර සේනානායක මින් මෙතරම් මුදලක් ඉපයූවේ කෙසේදැයි සෙවීම මුදල් භාරගත් පොලිස් දෙපාර්තමේන්තුවේ යහපාලන වගකීමකි.

Anura

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us