දින 100 වැඩපිළිවෙල හැදුවේ එජාපය, ඒ වගකීම ඔවුන් බාර ගත යුතුයි- සොභිත හිමි

Published in පුවත්
Friday, 20 February 2015 11:04

සැබෑ වෙනසක් ඇති කිරීමේ අභිලාෂයෙන් එජාපය හා අනෙකුත් පක්ෂ වල කැමැත්ත පරිදි සකස් කළ දින සියය වැඩසටහනේ එන බොහෝ වැදගත් පොරොන්දු මේ වන තෙක් ඉටුවී නැති බව සාධාරණ සමාජයක් සදහාවූ ජාතික ව්‍යාපාරය පවසයි. 18 දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔවුන් මෙම අදහස් පළ කළේය.

ජනාධිපතිතුමා බලයට ඒමට පෙර පැවසූ ඇතැම් කාරණා මේ වන විට මගහැරෙමින් පවතින බවත් ජනාධිපතිතුමා සහ රජය බලයට ගෙන ඒමට කටයුතු කළ ජාතික ව්‍යාපාරයක් ලෙස, දින සියය වැඩ පිළිවෙලේ ඇති තවමත් ඉටු නොකළ දේ ඉටු කරන ලෙස ඉල්ලා සිටින බවත් පැවසුවේය.

මෙහිදී අදහස් දක්වමින් මාඳුළුවාවේ සෝභිත හිමියන් පැවසුවේ වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයා තමන් වෙත දින සියයකින් ඔප්පු කළ හැකි භාරයක් වී ඇති බවයි.

‘මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා භාරයක් වෙලා තියෙනවා අපට මේ භාරේ දවස් සීයකින් ඔප්පු කරනවා කියලා. විධායක ජනාධිපති අවසන් කරන බව,17වෙනි සංශෝධනේ ක්‍රියාත්මක කරන බව,මැතිවරණ ක්‍රමය වෙනස් කරන බව,අල්ලස් හා දුෂණ වංචා කොමිසම හරියට ක්‍රියාත්මක කරන බවට දඬුවම් දෙන බව. හැබැයි භාරේ ඔප්පු නොකළොත් වැඩේ ඉවරයි. දෙයියෝ කෝප වෙනවා. අපි කෝප වෙනවා. අපි තමයි දෙයියෝ. අපි ජනතාවට භාරවෙලා තියෙනවා. ඒ නිසා අපි කියනවා වෙච්ච භාරේ ඔප්පු කරන්න’ යයිද උන් වහන්සේ එහිදී කියා සිටියහ.
භාරය ඔප්පු නොකළහොත් දෙවියන් කෝපවන බවත් දෙවියන් යනු ජනතාව සහ අපි යනුවෙන්ද උන්වහන්සේ පැවසුවේය.

මෙම පොරොන්දු ඉටු නොකර මහමැතිවරණයකට යාම අනුමත නොකරන බවත් මැතිවරණයකට යාමට පෙර නව මැතිවරණ ක්‍රමය ස්ථාපිත කළ යුතු බවත් එසේ නොවුන හොත් මුදල් විසිකර පරණ හොරුන්ම නැවත බලයට එන බවත් අධිනීතිඥ රවී ජයවර්ධන මහතා පැවසුවේය.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමි,සම කැඳවුම්කරු සුනිල් ජයසේකර,භාණ්ඩාගාරික අධිනීතිඥ රවී ජයවර්ධන යන අය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us