subash

subash

පෙරවාරි 28 වන දින පැවැත්වීමට නියමිත මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩුඉරිප්පු සහ මුහුදුබඩපත්තු පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ තුළ අඩු උනන්දුවක් පවතින බව කැෆේ සංවිධානය පවසයි.

ලෝකයම මවිත කරවන ගොඩනගිලි ඉදි කරන ඩුබායි රාජ්‍යය තවත් විශ්මිත් නිර්මාණයක් සඳහා දැන් වැඩ අරඹා ඇත. අරාබි නිසොල්ලාසයේ එන ඇලඩින්ගේ පුදුම පහණ සජීවී කරණය කරන දැවැන්ත ගොඩ නැගිල්ලක ඉදිකිරීම් සදහා ඔවුන් සූදානම්ය.මෙහි උස කුළුණු 6 කින් යුක්ත වනු ඇත.

ආගමික අයිතීන් සුරැකීමට සිය රජය කටයුතු කරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.

උසස් අධ්‍යාපන කැබිනට් අමාත්‍ය ධුරය ලබාදීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමග සාකච්ඡා කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමාට පැවසුවේ යැයි මහාචාර්ය රජිව් විජේසිංහ මහතා පවසයි.

සූකර උණට වැටක්

Published in පුවත්
Wednesday, 18 February 2015 09:18

ඉන්දියාවට බලපා ඇති සූකර උණ රෝගය ශී‍්‍ර ලංකාවට ව්‍යාප්තවීම වළක්වාලීම පිණිස සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කර අැත. එහි මහජන සෞඛ්‍ය සේවා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සරත් අමුණුගම මහතා ප‍්‍රකාශ කළේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මූලිකත්වය ඇතිව එම කටයුතු සිදුවන බවය.

ශ්‍රී ලංකවේ සිදුව තිබෙන යුධ අපරාධ සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්තාව තව 6 මසකින් කල් ගියද එමඟින් එම පරීක්ෂණ මණ්ඩලයට අලුත් සාක්ෂි එකතු කර ගැනීමට හා ලෑබී තිබෙන සාක්ෂි වඩාත් හොඳින් තහවුරු කර ගැනීමේ හැකියාවක් ලැබි තිබෙන බව දේශපාලන විචාරකයෝ පවසති.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉදි කිරීම් සඳහා රුපියල් බිලියන 1.4 ක මුදලක් ලංකා බැංකුවෙන් ලබාදීම සිදු කෙළේ කිනම් පදනමක් යටතේ ද යන්න සොයා බලන ලෙස ඉල්ලා අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කැර ඇත.

උතුරු මැද පළාතේ සහ අනෙකුත් ප්‍රදේශවල පැතිර යන හඳුනා නොගත් වකුගඩු රෝගය නිවාරණය කිරීම සඳහා අන්තර් අමාත්‍යාංශ එක් කර ගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර අැත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයකු යටතේ මේ කාර්යාලය ක්‍රියාත්මක කෙරේ.

නවක වදය ඉවසීමට නොහැකි බවට ලිපියක් ලියාසබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික වෛද්‍ය පීඨයේ සිසුවියක් සිය නිවසේ වහලයේ බාල්කයේ ගෙල වැලලාගෙන මිය ගොස් අැත.මියගොස් ඇත්තේ කොට්ටාව මාබුල්ගොඩ අංක 114/2 නිවසේ පදිංචිව සිටි සායක්කාර හේවගේ අමාලි චතුරිකා (24) සිසුවියයි. තමන්ගේ අවසාන කටයුතුවලට ද කිසිදු සරසවි සිසු සිසුවියකට සහභාගි නොවන ලෙස සඳහන් කරමින් ලිපියක් ලියා අැත.

වාසුදේව නානායක්කාර සහ විමල් විරවංශගේ අශුද්ධ සන්ධානය මහින්ද රාජපක්ෂ යළි බලයට ගෙන ඒමට පවත්වන බලියෙහි දී පිළිතුරු දිය යුතු ප්‍රශ්න දහයක් මෙන්න.

Connet With Us