යුධ අපරාධ වාර්තාව කල්යෑමෙන් රාජපක්ෂලා තවත් අමාරුවක වැටේ

Published in පුවත්
Wednesday, 18 February 2015 08:49

ශ්‍රී ලංකවේ සිදුව තිබෙන යුධ අපරාධ සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්තාව තව 6 මසකින් කල් ගියද එමඟින් එම පරීක්ෂණ මණ්ඩලයට අලුත් සාක්ෂි එකතු කර ගැනීමට හා ලෑබී තිබෙන සාක්ෂි වඩාත් හොඳින් තහවුරු කර ගැනීමේ හැකියාවක් ලැබි තිබෙන බව දේශපාලන විචාරකයෝ පවසති.

මෙම පරීක්ෂණ කමි‍ටු සාමාජිකයන්ට පසුගිය පාලන සමයේදී ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කර තිබුණද නව පාලනය යටතේ එම එම තහනම පැනවීම සිදු වීමට ඉඩක් නැති බවද ඔවුන්ගේ මතය වේ.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී සුමන්තිරන් මහතා ඊයේ යාපනයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ ශ්‍රී ලංකා රජය මෙම වාර්තාව එළි දැක්වීම පමාකරන ලෙස ඉල්ලා සිටීමම ජාත්‍යන්තර පරීක්ෂණයකට එකඟ වීමක් බවය.

මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද්රාද් හුසේන් මහතාද මෙලෙස සැප්තැම්බර් මාසය දක්‌වා යුද අපරාධ වාර්තාව කල්දැමීමෙන් අලුත් තොරතුරු ඉදිරිපත් විය හැකි යැයි මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇතැයි වාර්තාවේ.

එසේම මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන මානව හිමිකම් කවුන්සිලය සමග සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට වත්මන් රජය එකඟ වූ බව ප්‍රකාශ කළ මානව හිමිකම් කොමසාරිස්‌වරයා එකී යුද අපරාධ වාර්තාව කල්දැමීම ගැන බරපතළ විවාද ඇතිවූ බවද සඳහන් කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us