මාලඹේ ඉදි කිරීම් වලට බිලියන 1.4 ක් දුන් පදනම කුමක්ද-අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Published in පුවත්
Wednesday, 18 February 2015 08:44

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉදි කිරීම් සඳහා රුපියල් බිලියන 1.4 ක මුදලක් ලංකා බැංකුවෙන් ලබාදීම සිදු කෙළේ කිනම් පදනමක් යටතේ ද යන්න සොයා බලන ලෙස ඉල්ලා අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කැර ඇත.

නීති විරෝධී ලෙස පවත්වාගෙන යන මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ලංකා බැංකුවෙන් මුදල් ලබාදීම සිදු කෙළේද, සිදු කළා නම් ඒ කෙසේද යන්න සොයා බලන ලෙස වෛද්‍යවරුන් පිරිසක් මේ පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ .

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කියා සිටියේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඉදි කැර තිබෙන ඉඩම බදු ඔප්පුවකින් පවරා ගත් එකක් බවත් මුළුමණින්ම මෙහි ඉදි කිරීම් සිදු කැර තිබෙන්නේ පසුගිය ආණ්ඩුවේ දේශපාලන බලය යොදා ගනිමින් බවය.

රුසියානු විශ්ව විද්‍යාලයක අනුබද්ධ ශාඛාවක් යැයි ප්‍රකාශ කළ ද එම විශ්ව විද්‍යාලයෙන් ප්‍රකාශ කර තිබෙන්නේ මෙය එහි ශාඛාවක් නොවන බවයි. මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අමාත්‍යාංශයේ අනුමැතිය ලබාදී නොමැති අතර වෛද්‍ය සභාවේ අනුමැතිය ද ලබා දී නොමැති බවත් ඔහු ප්‍රකාශ කෙළේය.

උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතාගේ දේශපාලන බලය යටතේ පසුගිය කාලයේ මේ විද්‍යාලයට සිසුන් බඳවා ගත් අතර පසුගිය ජනාධිපතිවරණයේදී එහි අධ්‍යාපනය ලබන දරුවන්ට එක් පක්ෂයක ජනාධිපති අපේක්ෂකයකුට ඡන්දය ලබාදෙන ලෙසට බලපෑම් කළ බවට තොරතුරු පවතින බව ඔහු පැවසුවේය .

දැනට දරුවන් 1000 ක් පමණ මෙහි අධ්‍යාපනය ලබන බවත් නීති විරෝධීව පවත්වාගෙන යන මේ ආයතනයට තවදුරටත් දරුවන් බඳවා ගැනීම නතර කළ යුතු බවත් ඔහු අවධාරණය කරයි.



Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us